Local News
January 11, 2021
734 views 0 secs 0

දුරදිග ගිය පවුල් ආරවුල…

ඊයේ (10) රාත්‍රී 10.30ට පමණ ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් ඥාතියෙකු විසින් සිදුකළ වෙඩි තැබීමෙන් ඕමන්ත පොලිස් වසමේ අරසමුරිප්පු ප්‍රදේශයේ පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබු පුද්ගලයා වව්නියාව රෝහලට ඇතුළත් කර තිබේ.වෙඩි තැබීම සිදුකළ 46 හැවිරිදි පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අද (11) වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය අතර ඕමන්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Health, Local News
January 11, 2021
766 views 0 secs 0

මන්ත්‍රී ගයන්ත PCR පරීක්ශණ සඳහා යොමු වෙයි…

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා 2021.01.05 දින පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ ඔහුගේ සමීප ආශ්‍රිතයෙකු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා හඳුනා ගැණීමත් සමඟපාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සහ පවුලේ සියලුදෙනා පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුව තිබේ. එහි ප්‍රතිඵලය අනුව මන්ත්‍රීවරයාට හෝ පවුලේ කිසිවෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් […]

Local News
January 11, 2021
673 views 0 secs 0

නිරෝධායන රීතීන් කඩකළ අය 2415 දෙනෙකු අත්අඩංගුවේ…

පසුගිය පැය 24ක කාලය මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 34 දෙනෙකු තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. ඒ අනුව, ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළමෙලෙස නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 2415 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතරින් පුද්ගලයින් […]

Local News
January 11, 2021
999 views 0 secs 0

STF හි 30කට කොවිඩ්…

පසුගිය සිකුරාදා දිනයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 30 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.මෙහිදී ආරක්ෂක අංශ සාමාජිකයින් කිහිපදෙනෙකු ද අසනීප තත්ත්වයෙන් පසුවී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

Health, Local News
January 10, 2021
914 views 0 secs 0

අදත් කොවිඩ් මරණ 3ක්..

අද (10) දින කොවිඩ්-19 රෝගය හේතුවෙන් මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙක් වන 62 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි කාන්තාවක් සහ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 232ක් දක්වා ඉහළ […]

Local News
January 10, 2021
728 views 0 secs 0

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිට කොවිඩ් වැළඳේ..

අමෙරිකාවේ සිටින ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ සහ තානාපති කාර්යාලයේ 4 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන් නිවාසවල නිරෝධායනය සඳහා යොමු කර තිබේ.අමෙරිකාවේ වොෂිංටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසාදමා තිබූ අතර හෙට (11) යළි විවෘත කිරීමට නියමිත බව වාර්තා වේ.

Local News
January 10, 2021
868 views 1 sec 0

පා. ම රවුෆ් හකීම් මහතාට කොවිඩ් බවට තහවුරු වෙයි.

අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අතර ඔහු ඒ පිළිබඳව සිය ට්විටර් ගිණුමේ ද සටහනක් තබා තිබුණි. එමෙන්ම එතුමාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා කොවිඩ් ආසාදිත බවට තහවුරුවීමෙන් පසු ජනවාරි  මස 05 වැනිදා ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණ, ආපසු යන තෙක්  සමීප ආශ්‍රිතයන් සී.සී.ටී.වී. දර්ශන […]

Local News
January 10, 2021
734 views 1 sec 0

හෙට සිට හුදකලා බවින් ඉවත් වන ප්‍රදේශ…

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, හෙට (11) උදෑසන 5 සිටග්‍රෑන්පාස්, මාලිගාවත්ත සහ දෙමටගොඩ යන පොලිස් බල ප්‍රදේශය හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව පැවසීය. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් වසමේ වැලිකඩමුල්ල ග්‍රාමනිලධාරී වසමේ දූව වත්ත, කිරිබත්ගොඩ පොලිස් වසමේ හුණුපිටිය උතුර ග්‍රාමනිලධාරී වසමේ වෙඩිකන්ද, […]

Local News
January 10, 2021
907 views 0 secs 0

2020 ශිෂ්‍යත්වය සමත් විශිෂ්ටයන්ට ශිෂ්‍යාධාර….

පසුගිය වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් මුළු ලකුණු 200ම ලබාගනිමින් විශිෂ්ට සමතුන් බවට පත් වූ සිසුන් දස දෙනාට සරසවි අධ්‍යාපනය නිමවන තෙක් ශිෂ්‍යාධාර ලබා දී තිබේ.