Local News
January 07, 2021
845 views 0 secs 0

පාසල් සිසුන් ප්‍රවාහනයට අවශ්‍ය බස් රථ සපයීමට සූදානම් – ලංකා ගමනාගමන මණ්ඩල සභාපති..

2021 වසරේ නව පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා, පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා යොදා ඇති පාසල් සිසු සැරිය බස් රථ සංඛ්‍යාව ප්‍රමාණවත් නොමැති පාසල්වල විදුහල්පතිවරුන්ට තම පාසලට අවශ්‍ය බස් රථ ප්‍රමාණය අදාළ ඩිපෝ වෙතින් ලබා ගැනීමට අවශ්‍ය පියවර සකස් කර ඇති බව ප්‍රකාශ කළා..මේ අතර සියලු […]

Local News
January 06, 2021
1056 views 0 secs 0

අදත් කොවිඩ් මරණ 2ක්…

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, අද (06) දින තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව ප්‍රකාශ කළා.ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 219ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Local News
January 06, 2021
780 views 0 secs 0

ETI හිටපු අධ්‍යක්ශක මණ්ඩලයට ඇප…

රුපියල් බිලියන 13.7ක තැන්පතු නීතිවිරෝධී ලෙස භාරගැනීම, අයථා පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ ETI සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන්ට ඇප නියම කර තිබේ.නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන මහත්ම මහත්මීන් අද සවස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.ඒ අනුව රුපියල් මිලියනය […]

Local News
January 06, 2021
824 views 0 secs 0

අද දින සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන්..

අද (06) දින තවත් කොවිඩ් ආසාදිතයින් 761 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මේ දක්වා සුවය ලබා ඇති මුළු කොවිඩ් රෝගීන් ගණන 39,023කි බව සෞඛ්‍ය අංශ පවසති.

Local News
January 06, 2021
834 views 0 secs 0

තැපැල් සේවෙකයෙකුට කොවිඩ්..

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පිහිටා ඇති තැපැල් කාර්යාලය හා සම්බන්ධව සේවය කරන නිලධාරියෙකු කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගැනීමෙන් අනතුරුව එම ආයතනය තාවකාලිකව වසා දැමීමට බලධාරීන් ක්‍රියාකර තිබේ.

Local News
January 06, 2021
818 views 0 secs 0

අද දින හුදකලා කළ ප්‍රදේශ හා හුදකලා බවින් ඉවත් වන ප්‍රදේශ.

අද (06) අලුයම 5.00 සිට ක්‍රියාත්මක වනපරිදි පහත දැක්වෙන ප්‍රදේශ කිහිපය අලුතින් හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.පුජාපිටිය පොලිස් වසමේ බමුණුගම දිවනවත්ත ග්‍රාම නිලධාරී වසමඇහැළියගොඩ පොලිස් වසමේ මොරගල ග්‍රාම නිලධාරී වසම අද (06) උදෑසන 5.00 සිට හුදකලා තත්ත්වයට පත්කර තිබේ. […]

Health, Local News
January 05, 2021
837 views 0 secs 0

තවත් කොවිඩ් ආසදිතයන් 255ක්

මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන තවත් කොවිඩ් ආසාදිතයින් 255ක් අද (05) දිනයේදී හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මේවන විට ශ්‍රී ලංකාවේ දී හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් ගණන 45,721 කි.ඒ අනුව, මේ වනවිට, මිනුවන්ගොඩ/පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 41,977කි.

Health, Local News
January 05, 2021
829 views 0 secs 0

තවත් කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනේ…

මෙරට කොවිඩ් ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 45,466ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ වෛරසය ආසාදනය වූ තවත් 224 දෙනෙකු අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කිරීමත් සමඟයි..

Local News
January 05, 2021
787 views 0 secs 0

ඊ.ටී.අයි. ,ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට…

නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙන බව රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළා

Local News
January 05, 2021
953 views 0 secs 0

ඉන්දීය විදේශ කටයුතු ඇමති අද දිවයිනට..

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා හා එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙක් ද දෙදින නිල සංචාරය සඳහා අද (05) සවස 4.20ට පමණ ඉන්දියාවට අයත් විශේෂ ගුවන්යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියේය. එම පිරිස පිළිගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් […]