Health, Local News
January 03, 2021
763 views 0 secs 0

සමස්ථ ආසාදිතයින් 41,031ක්..

අද (03) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 188ක් හඳුනාගැනීමත් සමඟ අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 403ක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව එතුමා ප්‍රකාශ කළා.ඒ අනුව, මේ වනවිට, මිනුවන්ගොඩ/පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 41,031කි.

Local News
January 03, 2021
768 views 0 secs 0

දින 2කට පොළොන්නරුව,සීගිරිය විදේශීය සංචාරකයින්ට පමණයි..

හෙට (04) සහ අනිද්දා (05) යන දෙදින තුළ පොළොන්නරුව සහ සීගිරිය සංචාරක කලාපයන්හි ස්ථාන කිහිපයක් මෙරටට පැමිණ සිටින විදේශීය සංචාරකයින් පිරිස එම ස්ථානවල සංචාරය කිරීමට නියමිත බැවින් එම කාලය තුළ දේශීය සංචාරකයින්ට අදාළ ස්ථානවලට පැමිණීමේ අවස්ථාව හිමි නොවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පෙන්වා දෙයි.ඒ අනුව පොළොන්නරුව සංචාරක ව්‍යාපෘතියට අයත් පරාක්‍රම මාළිගා සංකීර්ණය, දළඳා මළුව, ශිව […]

Local News
January 03, 2021
813 views 0 secs 0

යුක්රේන ජාතිකයන් නිසා නිරෝධායනයට ගිය රියදුරන්..

යුක්රේන ජාතිකයන් පිරිසක් යාල වනෝද්‍යානයේ සංචාරයට රැගෙන ගිය ජීප් රථ රියදුරන් 27 දෙනෙකු යුද හමුදාව විසින් අද (03) අලුයම පැමිණ නිරෝධායනය සඳහා යොමු කර ඇති බව වාර්තා වේ.ඉතා අඩු මිලකට සංචාරකයින් රැගෙන ගිය තමන්ට දින 14ක කාලයක් නිරෝධායනය කිරීම නිසා බලවත් අසීරු තාවයකට ලක්ව ඇති බවත් එලෙස සංචාරකයින් රැගෙන යන්නේ නම් නිරෝධායනය විය යුතු බවට […]

Health, Local News
January 03, 2021
781 views 2 secs 0

ගම්පහින් කොවිඩ් අසාදිතයින් වැඩි වේ..

ඊයේ (02) ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 144ක් වාර්තා වීමත් සමඟ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවන දිස්ත්‍රික්කය බවට ගම්පහ දිස්ත්‍රික්කය පත්වී තිබේ. ඊයේ දිනය තුළ කොවිඩ් – 19 ආසාදිතයින් 515 දෙනෙකු හඳුනාගෙන තිබුණ අතර එම ආසාදිතයින්ගෙන් 419 දෙනෙකු මීටපෙර හඳුනාගත් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.බන්ධනාගාර කොවිඩ් පොකුරෙන්ද ඊයේ දිනයේ […]

Local News
January 03, 2021
904 views 0 secs 0

අද අළුයම කනංකේ හි සිදු වූ මාරක අනතුර…

අද (03) දින අළුයම 3ට පමණ කනංකේ ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරකින් ඉහළකී ඔය, ගාල්ල පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව වාර්ථා වේ.කනංකේ සිට වැලිගම දෙසට ධාවනය වූ යතුරු පැදියක් පාලනයෙන් තොරව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරට ලක් වූ යතුරුපැදිකරු හා එහි ගමන් ගත් අනික් […]

Health, Local News
January 03, 2021
795 views 0 secs 0

තවත් කොවිඩ් මරණ 3ක්…

ඊයේ (02) දින තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 211ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Local News
January 02, 2021
900 views 0 secs 0

තැපැල් ස්ථානාධිපතිවරයෙකුට කොවිඩ්… තැපැල් සේවය අඩාල වෙයි..

බොරැල්ල තැපැල් ස්ථානාධිපතිවරයාට හා තවත් සේවකයින් තිදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළා. මේ හේතුවෙන් බොරැල්ල තැපැල් ස්ථානය තාවකාලිකව වසා දමා ඇති අතර විෂබීජහරණය කිරීමෙන් අනතුරුව ලබන සඳුදා දිනයේ තැපැල් ස්ථානය විවෘත කිරීමට සැලසුම් කර තිබේ.මේ අතර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ රැසක ලිපි බෙදාහැරීම් කටයුතුවල […]

Local News
January 02, 2021
1087 views 0 secs 0

උපකාරක පන්ති ආරම්භ කිරීමට සැලසුම්..

පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමෙන් පසු උපකාරක පන්ති ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කරමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍යා සුදත් සමරවිර මහතා කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ, නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ උපකාරක පන්ති ද කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බවය.

Local News
January 02, 2021
832 views 0 secs 0

පැය 24ක් තුළ රිය අනතුරු 12ක්.. පොලිස් මාධ්‍ය ප්‍රකාශක….

පසුගිය පැය 24ක කාලය තුළ රියඅනතුරු හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවීතක්ෂයට පත්ව ඇති බවත් එම කාලය තුළ බීමත් රියදුරන් 253 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.රිය අනතුරුවල වැඩිවීමක් දක්නට ලැබෙන බවත්, ඒ අනුව මාර්ග ආරක්ෂිතභාවය පිළිබඳ අවිනිශ්චිතභාවයක් ඇතිව තිබෙන බවත් එතුමා ප්‍රකාශ කළා.තව දුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය […]

Health, Local News
January 01, 2021
776 views 0 secs 0

කොවිඩ් ආසාදිතයින් ගණන 40,000 ඉක්මවයි..

අද (01) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 235ක් හඳුනාගත් බවත්, ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවත් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 555ක් වන අතර මේ වනවිට, මිනුවන්ගොඩ/පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 40,126කි.