Local News
December 27, 2020
1093 views 0 secs 0

සිනමා ශාල විවෘත කිරීමට තීරණයක්..

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජනවාරි 01 වැනිදා සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලා විවෘත කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසර දී ඇති බව වාර්තා වේ. ඒ අනුව හුදකලා ප්‍රදේශ හැර අනෙකුත් සෑම ප්‍රදේශයකම සිනමා ශාලා ජනවාරි 01 වැනිදා සිට විවෘත කෙරෙනු ඇති.

Local News
December 27, 2020
792 views 0 secs 0

වහා ක්‍රියාත්මකවන පරිදි හුදකලා වන ප්‍රදේශ..

ඇහැලියගොඩ සහ ගොඩකවෙල ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයට අයත් මින්නන, විලේගොඩ, යකුදාගොඩ, අස්ගගුල උතුර, බෝපත්ත යන ප්‍රදේශ හා ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රක්වාන නගරය, රක්වාන උතුර, රක්වාන දකුණ, මස්ඉඹුල, කොට්ටල යන ප්‍රදේශත් මෙලෙස හුදකලා කරන […]

Local News
December 27, 2020
828 views 0 secs 0

කොවිඩ් ආසාදිතයන්ට රැඳවුම් මධ්‍යස්ථානයක්..

හඟුරන්කෙත ප්‍රාදේශීය රෝහල කොවිඩ් ආසාදිතයන් සඳහා රැඳවුම් මධ්‍යස්ථානයක් බවට පත්කර ඇත. රෝග ලක්ෂණ නොමැති කොවිඩ් ආසාදිතයින් එම මධ්‍යස්ථානයට ඇතුළත් කරගන්නා බව රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි නිශ්ශංක විජේවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව සමාන්‍ය රෝගීන්ට හගුරන්කෙත ප්‍රාදේශීය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා නොදෙන බවද වෛද්‍ය අධිකාරීවරයා පැවසීය.

Local News
December 27, 2020
746 views 0 secs 0

අහඹු අන්ටිජන් පරීක්ෂණ වලින් සොයා ගත් ආසාදිතයින්…

බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් ‍සම්බන්ධයෙන් සිදුකළ අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාවන්වලදී තවත් කොවිඩ් -19 ආසාදිතයින් 08 දෙනෙකු හඳුනාගෙන තිබේ. පසුගිය 18 වනදා සිට අද (27) පෙරවරු 6.00න් අවසන් වු කාලය තුළ සිදුකළ අහඹු පරීක්ෂාවන්වලින් කොවිඩ් ආසාදිතයින් 49 දෙනෙකු හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Health, Local News
December 26, 2020
453 views 0 secs 0

අද දිනට එක් කොවිඩ් මරණයක්..

අද (26) කොවිඩ් ආසාදිත එක් මරණයක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 187 දක්වා ඉහළ ගොස් තිබේ.

Health, Local News
December 26, 2020
731 views 0 secs 0

කොවිඩ් වාර්ථාව..

බම්බලපිටිය රජයේ මහල් නිවාස අසළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන තිබුණ අතර එහිදී පුද්ගලයින් 17 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.ඒ අනුව අද (26) දිනයේ කොවිඩ් ආසාදිතයින් 593ක් හඳුනාගෙන ඇත.

Local News
December 24, 2020
808 views 0 secs 0

වහා ක්‍රියාත්මක වන පරිදි හුදකලා වන ප්‍රදේශ..

අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බලප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම්කළ බව යුද හමුදපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

Local News
December 23, 2020
726 views 0 secs 0

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට ඇතුළු වීම අවම කරන්නැයි ඉල්ලීමක්..

දිස්ත්‍රික්කය තුළ වෛරසය පැතිරයෑමේ අවධානමක් පවතින බැවින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට ඇතුළු වීම හැකිතාක් අවම කරන්නැයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.පසුගිය දින තුනක කාලය තුළ 70කට ආසන්න කොරෝනා ආසාදිතයින් පිරිසක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇතැයි ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ මහතා පවසයි

Local News
December 23, 2020
729 views 0 secs 0

ශ්‍රී පාද වන්දනාවේ අවධානම…

ශ්‍රී පාද වන්දනා ආරම්භක සති කිහිපය තුළ බැතිමතුන්ගේ පැමිණීම දැඩි අවධානමක් පැවතීම හේතුවෙන් එළඹෙන ජනවාරි මාසයේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වැළකී සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේතුව හරහා නිවේදනයක් නිකුත් කරමින්, වසංගත තත්ත්වය හමුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් වතු ආශ්‍රිත ප්‍රදේශවල වෛරසය පැතිරයාමේ දැඩි අවධානමක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර් […]

Local News
December 23, 2020
741 views 0 secs 0

බිලිඳු ජාවාරම්කරුට ඇප…

අලුත බිලිඳුන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත හා ඇප කොන්දේසිවලට යටත්ව ඇපමත මුදාහැර තිබෙනවා. ජනවාරි මස 4 වැනි දින සැකකරු මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.