Local News
December 28, 2020
914 views 0 secs 0

කන්කසන්තුරේ වෙරළේ කේරළ ගංජා තොගයක්….

යාපනය, කන්කසන්තුරේ වෙරළ තීරයට ගොඩගසා තිබූ කිලෝග්‍රෑම් 360ක කේරළ ගංජා තොගයක් ඊයේ (27) දහවල් සොයාගත් බව කන්කසන්තුරේ පොලීසිය පවසයි. මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 50ක පමණ බව වාර්තා වේ.

Local News
December 28, 2020
872 views 0 secs 0

පොලිස් මෙහෙයුමක් අතරතුර මියගිය සැකකරුවා..

පොලීසිය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී වේයන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ මංකොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු මියගොස් ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය. ගංජා ජාවාරම පිළිබඳව පොලීසියට තොරතුරු දුන් සිවිල් පුද්ගලයෙකුගේ දෑත් දෙපා කැපූ මෙම සැකකරු පොලිස් වෙඩිපහරින් මරණයට පත්වී ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.අදාළ සැකකරුට ගම්පහ මහාධිකරණයේ නඩු 2ක්, මාරවිල මහාධිකරණයේ නඩුවක්, ගම්පහ මහෙස්ත්‍රාත් […]

Health, Local News
December 27, 2020
859 views 0 secs 0

තවත් කොවිඩ් මරණ 4ක්….

අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරමින් තහවුරු කළ මරණ 4ත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් මරණ ගණන 191ක් දක්වා ඉහළ ගොස් ඇත.

Local News
December 27, 2020
860 views 0 secs 0

හෙට දින හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ…..

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව හෙට (28) උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ වේල්ලවීදිය පොලිස් වසමකෙසෙල්වත්ත පොලිස් වසමමරදාන පොලිස් වසම කොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසමකොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ හුනුපිටිය ග්‍රාම නිලධාරී වසමවැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙසබොරැල්ල පොලිස් වසමේ හල්ගහවත්ත සහ කාලිපුල්ල වත්තවැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජනා […]

Local News
December 27, 2020
1181 views 0 secs 0

සිනමා ශාල විවෘත කිරීමට තීරණයක්..

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජනවාරි 01 වැනිදා සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලා විවෘත කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසර දී ඇති බව වාර්තා වේ. ඒ අනුව හුදකලා ප්‍රදේශ හැර අනෙකුත් සෑම ප්‍රදේශයකම සිනමා ශාලා ජනවාරි 01 වැනිදා සිට විවෘත කෙරෙනු ඇති.

Local News
December 27, 2020
855 views 0 secs 0

වහා ක්‍රියාත්මකවන පරිදි හුදකලා වන ප්‍රදේශ..

ඇහැලියගොඩ සහ ගොඩකවෙල ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයට අයත් මින්නන, විලේගොඩ, යකුදාගොඩ, අස්ගගුල උතුර, බෝපත්ත යන ප්‍රදේශ හා ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රක්වාන නගරය, රක්වාන උතුර, රක්වාන දකුණ, මස්ඉඹුල, කොට්ටල යන ප්‍රදේශත් මෙලෙස හුදකලා කරන […]

Local News
December 27, 2020
894 views 0 secs 0

කොවිඩ් ආසාදිතයන්ට රැඳවුම් මධ්‍යස්ථානයක්..

හඟුරන්කෙත ප්‍රාදේශීය රෝහල කොවිඩ් ආසාදිතයන් සඳහා රැඳවුම් මධ්‍යස්ථානයක් බවට පත්කර ඇත. රෝග ලක්ෂණ නොමැති කොවිඩ් ආසාදිතයින් එම මධ්‍යස්ථානයට ඇතුළත් කරගන්නා බව රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි නිශ්ශංක විජේවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව සමාන්‍ය රෝගීන්ට හගුරන්කෙත ප්‍රාදේශීය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා නොදෙන බවද වෛද්‍ය අධිකාරීවරයා පැවසීය.

Local News
December 27, 2020
810 views 0 secs 0

අහඹු අන්ටිජන් පරීක්ෂණ වලින් සොයා ගත් ආසාදිතයින්…

බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් ‍සම්බන්ධයෙන් සිදුකළ අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාවන්වලදී තවත් කොවිඩ් -19 ආසාදිතයින් 08 දෙනෙකු හඳුනාගෙන තිබේ. පසුගිය 18 වනදා සිට අද (27) පෙරවරු 6.00න් අවසන් වු කාලය තුළ සිදුකළ අහඹු පරීක්ෂාවන්වලින් කොවිඩ් ආසාදිතයින් 49 දෙනෙකු හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Health, Local News
December 26, 2020
527 views 0 secs 0

අද දිනට එක් කොවිඩ් මරණයක්..

අද (26) කොවිඩ් ආසාදිත එක් මරණයක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 187 දක්වා ඉහළ ගොස් තිබේ.

Health, Local News
December 26, 2020
806 views 0 secs 0

කොවිඩ් වාර්ථාව..

බම්බලපිටිය රජයේ මහල් නිවාස අසළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන තිබුණ අතර එහිදී පුද්ගලයින් 17 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.ඒ අනුව අද (26) දිනයේ කොවිඩ් ආසාදිතයින් 593ක් හඳුනාගෙන ඇත.