Local News
January 04, 2021
689 views 0 secs 0

අද දින කොවිඩ් වාර්තාව…

අද (04) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 277ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 467ක් වේ.ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.එසේම මේවන විට ශ්‍රී ලංකාවේ දී හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් ගණන 45,241 කි.

Health, Local News
January 04, 2021
709 views 0 secs 0

තවත් කොවිඩ් -19 ආසාදිතයන් 565 දෙනෙකුට සුවය…

කොවිඩ් -19 වෛරසය වැළන්දුනු තවත් 565 දෙනෙකු අද (04) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 37,817ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

Local News
January 04, 2021
743 views 0 secs 0

නීති විරෝධී කහ කුඩු තොගයක් අත් අඩංගුවට….

පසුගිය මස 20 වනදා ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද බහලුමක තිබී තිරිඟු පිටි ආනයනය කරන මුවාවෙන් මෙරටට නීතිවිරෝධි ලෙස ආනයනය කර තිබූ කහකුඩු කිලෝ 7,500 තොගයක් රේගු භාරයට ගෙන තිබේ.රේගු දෙපාර්තමේන්තුවේ “අවදානම් කළමනාකරණ අංශය” විසින් සිදුකළ විමර්ශනයක දී අනාවරණය වූ තොරතුරු මත එම බහාලුම පරික්ෂාවට ලක්කර ඇති අතර එහිදී රුපියල් කෝටි එක හමාරක පමණ වටිනාකමින් […]

Local News
January 04, 2021
692 views 0 secs 0

04 හා 05 විදෙස් සංචාර අවලංගුයි..

මෙරටට පැමිණ සිටින යුක්‍රේන ජාතික සංචාරකයින් පිරිසක් අද (04) දින පොළොන්නරුව සහ සීගිරිය ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතව තිබුණ නමුත් මධ්‍යම සංස්කෘතික අරමුදල පැවසුවේ එම සංචාරය අවලංගු කළ බවය. එමනිසා දේශීය සංචාරකයින් සඳහා එම කලාප විවෘත බව ද මධ්‍යම සංස්කෘතික අරමුදල පැවසීය. මේ වනවිට යුක්‍රේන ජාතික සංචාරකයින් 563 දෙනෙක් පමණ මෙරටට පැමිණ සිටින අතර ඔවුන්ගෙන් 5 […]

Local News
January 04, 2021
909 views 0 secs 0

2021 මහ බැංකුවේ ප්‍රතිපත්ති පෙරදැක්ම එළිදැක්වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පෙරදැක්ම 2021 අද (04) මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා විසින් එළිදැක්වීමට නියමිතව තිබේ.2021 වසර සහ ඉදිරිය සඳහා මුදල් හා මුල්‍ය අංශ ප්‍රතිපත්ති මෙමගින් ඉදිරිපත් කිරීමට නියමිත අතර කොවිඩ් -19 ව්‍යප්තිය හේතුවෙන් එය අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට නියමිතය.

Health, Local News
January 03, 2021
700 views 0 secs 0

සමස්ථ ආසාදිතයින් 41,031ක්..

අද (03) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 188ක් හඳුනාගැනීමත් සමඟ අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 403ක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව එතුමා ප්‍රකාශ කළා.ඒ අනුව, මේ වනවිට, මිනුවන්ගොඩ/පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 41,031කි.

Local News
January 03, 2021
698 views 0 secs 0

දින 2කට පොළොන්නරුව,සීගිරිය විදේශීය සංචාරකයින්ට පමණයි..

හෙට (04) සහ අනිද්දා (05) යන දෙදින තුළ පොළොන්නරුව සහ සීගිරිය සංචාරක කලාපයන්හි ස්ථාන කිහිපයක් මෙරටට පැමිණ සිටින විදේශීය සංචාරකයින් පිරිස එම ස්ථානවල සංචාරය කිරීමට නියමිත බැවින් එම කාලය තුළ දේශීය සංචාරකයින්ට අදාළ ස්ථානවලට පැමිණීමේ අවස්ථාව හිමි නොවන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පෙන්වා දෙයි.ඒ අනුව පොළොන්නරුව සංචාරක ව්‍යාපෘතියට අයත් පරාක්‍රම මාළිගා සංකීර්ණය, දළඳා මළුව, ශිව […]

Local News
January 03, 2021
738 views 0 secs 0

යුක්රේන ජාතිකයන් නිසා නිරෝධායනයට ගිය රියදුරන්..

යුක්රේන ජාතිකයන් පිරිසක් යාල වනෝද්‍යානයේ සංචාරයට රැගෙන ගිය ජීප් රථ රියදුරන් 27 දෙනෙකු යුද හමුදාව විසින් අද (03) අලුයම පැමිණ නිරෝධායනය සඳහා යොමු කර ඇති බව වාර්තා වේ.ඉතා අඩු මිලකට සංචාරකයින් රැගෙන ගිය තමන්ට දින 14ක කාලයක් නිරෝධායනය කිරීම නිසා බලවත් අසීරු තාවයකට ලක්ව ඇති බවත් එලෙස සංචාරකයින් රැගෙන යන්නේ නම් නිරෝධායනය විය යුතු බවට […]

Health, Local News
January 03, 2021
705 views 2 secs 0

ගම්පහින් කොවිඩ් අසාදිතයින් වැඩි වේ..

ඊයේ (02) ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 144ක් වාර්තා වීමත් සමඟ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවන දිස්ත්‍රික්කය බවට ගම්පහ දිස්ත්‍රික්කය පත්වී තිබේ. ඊයේ දිනය තුළ කොවිඩ් – 19 ආසාදිතයින් 515 දෙනෙකු හඳුනාගෙන තිබුණ අතර එම ආසාදිතයින්ගෙන් 419 දෙනෙකු මීටපෙර හඳුනාගත් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.බන්ධනාගාර කොවිඩ් පොකුරෙන්ද ඊයේ දිනයේ […]