Health, Local News
January 01, 2021
832 views 0 secs 0

තවත් කොවිඩ් මරණ 4ක්…

අද දින තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වීමත් සමඟ මෙරට කොවිඩ් මරණ ගණන 208ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. එලෙස මියගොස් ඇත්තේ අලියාඩිවෙම්බු ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 91 හැවිරිදි කාන්තාවක්, අගලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් […]

Health, Local News
January 01, 2021
816 views 0 secs 0

කොවිඩ්-19 ආසාදිතයින් 826 දෙනෙකු සුවය ලබා පිටවී යයි..

අද (01) දිනයේ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි ආසාදිතයින් 826 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර ඒ මේ වන තෙක් දිනක් තුළ සුවය ලැබූ වැඩිම පිරිස බවට වාර්ථා වේ.මේ වන විට මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 36,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇති අතර […]

Local News
January 01, 2021
844 views 14 secs 0

කොවිඩ්-19 පාලන කටයුතු සඳහා පත් වූ හමුදා නිළධාරීන්..

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශය මත ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කොවිඩ්-19 වෛරසයේ පාලන කටයුතු සම්බන්ධීකරණය සඳහා සියලුම පරිපාලන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු දිස්ත්‍රික් සම්බන්ධිකාරක නිලධාරීන් ලෙස පත්කර තිබේ.එම පත්වීම් අද (01) දින සිට බලපැවැත්වෙන පරිදි ලබාදී තිබේ.මෙම සම්බන්ධිකාරක නිලධාරීන්ට, කොවිඩ්-19 වසංගත රෝගී තත්ත්වයන් හේතුවෙන් සාමාන්‍ය කටයුතුවලට ඇතිවන බලපෑම අවම […]

Local News
January 01, 2021
858 views 0 secs 0

පදික මාරුව මත අනතුර..

ඊයේ (31) සවස 4ට පමණ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රදේශයේ, පදික මාරුවක් හරහා ගමන් කරමින් සිටි දැරියක් ත්‍රිරෝද රථයක ගැටී බරපතළ තුවාල ලබා තිබේ.අනතුරින් තුවාල ලබා ඇත්තේ කොටගල ස්ටොනික්ලිප් වතුයායේ පදිංචි 10 වන ශ්‍රේණියේ අධ්‍යාපන ලබමින් සිටින පාසල් සිසුවියකි.අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථය පාසල් දැරියගේ ගැටී ඇය අඩි කිහිපයක් ඉදිරියට ඇදී ගොස් […]

Health, Local News
December 28, 2020
854 views 0 secs 0

කොවිඩ් වාර්ථාව…

තවත් කොවිඩ් ආසාදිතයින් 164ක් හඳුනාගැනීමත් සමඟ අද දිනය තුළ දී හඳුනා ගත් සමස්ත ආසාදිතයින් ගණන 530ක් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.ඒ අනුව, මේ වනවිට, මිනුවන්ගොඩ/පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරේ සම්පූර්ණ ආසාදිතයින් ගණන 37,890කි.

Local News
December 28, 2020
968 views 0 secs 0

කොවිඩ් වැළඳුනු ගැබිනි මව්වරුන්….

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මයුරම්මාන දෙවොලගේ මහතා අද (28) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ මේ වනවිට ගැබිනි මව්වරුන් 600කට වඩා වැඩි පිරිසකට කොවිඩ් -19 වෛරසය වැළඳී ඇති බවයි.

Local News
December 28, 2020
910 views 0 secs 0

නිලය උසස් කළ නිළධාරීන්….

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සහ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ජෙනරාල් නිලයට උසස් කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා තහවුරු කරමින් ප්‍රකාශ කළා.

Local News
December 28, 2020
858 views 0 secs 0

ප්‍රතිදේහජනක පරීක්ෂාව තවදුරටත්…

බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් අහඹු ලෙස කළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂා වලදී දී ඊයේ (27) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගත් බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම පරීක්ෂණවලදී මේ දක්වා ආසාදිතයින් 54 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් 280 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇති බවය.

Local News
December 28, 2020
854 views 1 sec 0

‍විදෙස්ගතව සිටි පිරිසක් ලංකාවට….

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පුද්ගලයන් 150 දෙනෙකු, ඉන්දියාවේ සිට 18 දෙනෙකු, කටාර් රාජ්‍යයේ සිට 16 දෙනෙකු මාලදිවයිනේ සිට 05 දෙනෙකුත් පකිස්තානයේ සිට සිව්දෙනෙකු සහ සෞදි ආරාබියේ සිට දෙදෙනෙකු අද (28) උදෑසන දිවයිනට පැමිණි බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.ඔවුන්ට PCR පරීක්ෂණ කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බව කොවිඩ් -19 […]

Local News
December 28, 2020
875 views 0 secs 0

ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි..

90 දශකය තුළ මෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකු වු මහ සයුරේ ගැඹුරු දියේ, මේ දෙව් මැදුරේ, අවන්හලක ඉපදී මා ආදි ජනප්‍රිය ගීත රැසක් මෙරට ගීත ක්ෂේත්‍රයට එක්කළ ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.දීර්ඝ කාලයක් රෝගාතුරව සිට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ ගායන ශිල්පි ෂෙල්ටන් මුතුනමගේ මහතා මියයන විට 73 වන වියෙහි පසුවිය.