Local News
December 24, 2020
872 views 0 secs 0

වහා ක්‍රියාත්මක වන පරිදි හුදකලා වන ප්‍රදේශ..

අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බලප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම්කළ බව යුද හමුදපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

Local News
December 23, 2020
791 views 0 secs 0

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට ඇතුළු වීම අවම කරන්නැයි ඉල්ලීමක්..

දිස්ත්‍රික්කය තුළ වෛරසය පැතිරයෑමේ අවධානමක් පවතින බැවින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට ඇතුළු වීම හැකිතාක් අවම කරන්නැයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.පසුගිය දින තුනක කාලය තුළ 70කට ආසන්න කොරෝනා ආසාදිතයින් පිරිසක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇතැයි ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ මහතා පවසයි

Local News
December 23, 2020
791 views 0 secs 0

ශ්‍රී පාද වන්දනාවේ අවධානම…

ශ්‍රී පාද වන්දනා ආරම්භක සති කිහිපය තුළ බැතිමතුන්ගේ පැමිණීම දැඩි අවධානමක් පැවතීම හේතුවෙන් එළඹෙන ජනවාරි මාසයේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වැළකී සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේතුව හරහා නිවේදනයක් නිකුත් කරමින්, වසංගත තත්ත්වය හමුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් වතු ආශ්‍රිත ප්‍රදේශවල වෛරසය පැතිරයාමේ දැඩි අවධානමක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර් […]

Local News
December 23, 2020
811 views 0 secs 0

බිලිඳු ජාවාරම්කරුට ඇප…

අලුත බිලිඳුන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත හා ඇප කොන්දේසිවලට යටත්ව ඇපමත මුදාහැර තිබෙනවා. ජනවාරි මස 4 වැනි දින සැකකරු මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Local News
December 23, 2020
776 views 0 secs 0

කාබුල් නුවර බෝම්බ පිපිරීමක්..

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන අතර මියගිය අය අතරින් සිව් දෙනෙකුම බන්ධනාගාරයක සේවය කරමින් සිටි වෛද්‍යවරුන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අදාළ පිපිරීම හේතුවෙන් ගොඩනැගිලි රැසකට ද හානි සිදුවී තිබේ. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නොමැති බව වාර්තා වේ.

Health, Local News
December 23, 2020
811 views 0 secs 0

තවත් කොවිඩ් මරණ 2ක්…

අද දින තවත් කොවිඩ් ආසාදිත මරණ 2ක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 183 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අද දිනයේදී තහවුරු වී ඇති කොවිඩ් මරණ ගණන 7කි.

Local News
December 22, 2020
833 views 0 secs 0

බිළිඳු ජාවාරම්කරුවෙක් අත් අඩංගුවට…

අලුත උපන් බිළිඳුන් 30 දෙනෙකු විකිණු බව කියන ළමා ජාවාරම්කරුවෙකු පොලිසිය විසින් මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. විවිධ අතවරයන්ට පත්වු කිසිදු පිළිසරණක් නොමැති කාන්තාවන් සැකකරු විසින් අදාළ ස්ථානයන්ට ගෙන්වා, ගිවිසුම්වලට අත්සන් කර දරුවන් ලැබීමෙන් පසු එම දරුවන් තුන්වන පාර්ශවයකට විකුණා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.අන්තර්ජාලය හරහා වෙළෙඳ දැන්වීමක් ලෙස සකස් කරන ලද වීඩියෝවක් […]

Local News
December 22, 2020
827 views 0 secs 0

උත්සව සමයේ ඇඳිරිනීතිය….

අද (22) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ උත්සව සමය තුළ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට මේ දක්වාත් තීරණයක් ගෙන නොමැති බවයි.මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා,“අපි මේ අවස්ථාවේ දී කිසිදු බලාපොරොත්තුවක් නැහැ මේ ආකාරයෙන් නිරෝධායන ඇඳිරිනීතියක් පනවන්න හෝ අපි දැනට පනවපු නැති ප්‍රදේශවල අත්‍යාවශ්‍යතාවයක් හැරුණු කොට […]

Health, Local News
December 22, 2020
746 views 0 secs 0

කොවිඩ් වාර්ථාව…

අද (22) උදෑසන වන විට මෙරටින් කොරෝනා මරණ 5ක් වාර්තා වීමත් සමග මෙරට මරණ සංඛ්‍යාව 181ක් දක්වා ඉහළ ගියේ ය.

Health, Local News
December 21, 2020
776 views 0 secs 0

කොවිඩ් වාර්ථාව…

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 364ක් ලෙස වාර්ථා වන අතර ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.