කොවිඩ් අසාදිත මවකට නිවුන් දරු උපතක්…
කොවිඩ් ආසාදිත මවක් නිවුන් දරුවන් දෙදෙනෙකු මුල්ලේරියාව රෝහලේදී ප්‍රසූත කර තිබුණි. දරුවන් දෙදෙනා අඩුබරින් උපත ලැබීම හේතුවෙන් නොමේරු ළඳරු ඒකකයක රැඳවිය යුතු වුවත් දරුවන් දෙදෙනාට කොවිඩ් අස්සඩනය වී නොමැති බව වාර්ථා වේ.23 හැවිරිදි මෙම මව දියවැඩියාව හා අධිරුධිර පීඩනයෙන් පෙළීම හේතුවෙන් ඇගේ ප්‍රසූතිය සිදුකෙරුණේ සිසේරියන් සැත්කමක් මඟින්ය.
පෙර පාසල් ආරම්භ කිරීමට තීරණයක්…
කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියේ ජනවාරි මස සිට පෙර පාසල් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයීමෙන්ම රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා , ජාතික පෙර පාසල් ප්‍රඥප්තිය ද ඉදිරියේදී ජනාධිපතිවරයාට භාරදෙන බව්ද ප්‍රකාශ කරන ලදී.
