Local News
December 15, 2020
840 views 0 secs 0

හදිසි අනතුරකින් ගුවන් නියමුවෙකු ජීවිතක්ෂයට…

ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් එක් නියමුවෙකු සහිතව පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT6 වර්ගයේ පුහුණු ගුවන් යානය කන්තලේ, සුරියපුර ප්රදේශයේදී අනතුරකට පත්ව තිබේ. එයපියාසර කර ඇත්තේ, පුහුණු ගුවන් නියමුවෙකු විසිනි.මෙම ගුවන් යානය සමග පැවති සබඳතා බිඳ වැටුණු බව ගුවන් හමුදාව මීට පෙර ප්‍රකාශ කළේ ය.සබඳතා බිඳ වැටෙන විට යානය පියාසර කරමින් […]

Local News, Politics
December 15, 2020
875 views 0 secs 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට….

ත්‍රීකුණාමල දිස්ත්‍රික්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු නියෝජ්‍ය ඇමති, අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ යහපාලන ආණ්ඩුව සමයේ ලංකා සතොස ආයතනයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනාව මතයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ එම චෝදනාව සම්බන්ධයෙන් මාතලේ පදිංචි මොහොමඩ් අස්ලාම් නැමැති පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බවයි.

Local News
December 14, 2020
823 views 0 secs 0

තවත් කොරෝනා මරණ 02ක්…

අද දින තවත් කොරෝනා මරණ 2ක් වාර්ථා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ ක. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 154 දක්වා ඉහළ ගොස් තිබේ.

Local News
December 14, 2020
843 views 0 secs 0

මහනුවර පාසල් 42ක් යළි විවෘත කරයි…

මහනුවර ප්‍රදේශයෙන් වාර්තාවන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග වසා දැමූ මහනුවර පාසල් පාසල් 45කින් 42ක ආධ්‍යයන කටයුතු අද (14) දිනයේ සිට යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා සඳහන් කළේ කෙසේවෙතත් නගරයේ පාසල් තුනක් තවදුරටත් වසා තැබෙන බවය.

Local News
December 13, 2020
884 views 0 secs 0

හෙට හුදකලා බවින් ඉවත වන ප්‍රදේශ..

ග්‍රෑන්ඩ් පාස් – සිරිසඳ සෙවණ, සිරිමුතු උයන , මාලිගාවත්ත ලක්හිරු සෙවණ දුම්රිය මහල් නිවාස, බොරැල්ල සිරිසර උයන මහල් නිවාසවල හුදෙකලා බව හෙට උදෑසන 5 සිට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කලේය.

Local News
December 13, 2020
845 views 0 secs 0

උඩුවිල් හි සංචරණ සීමා…

ඊයෙ (12) රාත්‍රියේ සිට යාපනයේ උඩුවිල්හි ග්‍රාම නිලධාරී වසම් 28කට සංචරණ සීමා පනවා ඇති බව දිස්ත්‍රික් ලේකම් කේ. මහේෂන් මහතා සඳහන් කර සිටියා.යාපනය, මරදනාමඩම ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස තහවුරු වීමත් සමඟ මෙලෙස සංචරණ සීමා පනවා ඇති බවයි වාර්ථා වන්නේ.

Local News, Politics
December 13, 2020
852 views 0 secs 0

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි යෝජනා..

හෙට කැබිනට් මණ්ඩල රැස්වීමේදී පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි යෝජනා කරන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේය.

Local News, Politics
December 13, 2020
924 views 0 secs 0

ජාතික මැතිවරණ කොමිසමේ ප්‍රථම රැස්වීම….

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රථම රැස්වීම ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිතයි. ඒ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් ය.පවතින මැතිවරණ ක්‍රමය සහ මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බව නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.

Local News
December 12, 2020
897 views 0 secs 0

කොවිඩ් අසාදිත මවකට නිවුන් දරු උපතක්…

කොවිඩ් ආසාදිත මවක් නිවුන් දරුවන් දෙදෙනෙකු මුල්ලේරියාව රෝහලේදී ප්‍රසූත කර තිබුණි. දරුවන් දෙදෙනා අඩුබරින් උපත ලැබීම හේතුවෙන් නොමේරු ළඳරු ඒකකයක රැඳවිය යුතු වුවත් දරුවන් දෙදෙනාට කොවිඩ් අස්සඩනය වී නොමැති බව වාර්ථා වේ.23 හැවිරිදි මෙම මව දියවැඩියාව හා අධිරුධිර පීඩනයෙන් පෙළීම හේතුවෙන් ඇගේ ප්‍රසූතිය සිදුකෙරුණේ සිසේරියන් සැත්කමක් මඟින්ය.