Local News
December 16, 2020
814 views 0 secs 0

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක් වටලයි..

ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබඳව ගොකරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව ගොකරැල්ල ගල්සේරුගොල්ල ප්‍රදේශයේදී ඊයේ (15) සවස 6.25ට පමණ රුපියල් 5,000සේ ව්‍යාජ මුදල් නෝට්ටු 100ක් සහ මෝටර් රථයක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවටගත් සැකකරුවන් අවුරුදු 22 සහ 23 යන වයස්වල පසුවන්නන් ය.

Local News
December 16, 2020
755 views 0 secs 0

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය යළි විවෘත වේ…

වෙළෙඳුන් 50 දෙනෙකුට ආසන්න පිරිසකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් වසා දැමුණු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද (16) අළුයම 2.00 සිට යළි විවෘතකර තිබේ. උදෑසන 08 .00 දක්වා තොග වෙළෙඳාම සඳහා පමණක් මෙය විවෘත කෙරෙන බවත්, තොග වෙළෙඳුන් හැර වෙනත් කිසිවෙකු වෙළෙඳ සංකීර්ණය වෙත පැමිණීමෙන් වැළකිය යුතු බවද ධීවර අමාත්‍යාංශය දැනුම් දී තිබේ. […]

Local News
December 16, 2020
796 views 0 secs 0

මවකට හා දරුවෙකුට දිවි අහිමි කළ මාරක රිය අනතුර…

ඊයේ (15) සවස 6.30ට පමණ අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ පහළ බලල්ල ප්‍රදේශයේදී කැබ් රථයක ගැටී සිදුවූ අනතුරකින් 32 හැවිරිදි මවක් හා අවුරුදු තුනහමාරක් වයසැති ඇගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත් විය. කැබ් රථයේ ගමන් කළ අය අතරින් රියදුරු සහ තවත් දෙදෙනෙක් අනතුරින් පසු පළාගොස් ඇති අතර කැබ් රථයේ සිටි 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය […]

Health, Local News
December 15, 2020
700 views 0 secs 0

කොවිඩ් වාර්ථාව….

අද (15) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 202ක් හඳුනාගත් බවත්, ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.ඒ අනුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 622ක් වේ.

Local News
December 15, 2020
810 views 0 secs 0

අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්න…

කොළඹ අලුත්කඩේ පිහිටා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණ ගොඩනැගිල්ලේ බිම් මහලේ හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇති බව වාර්තා වේ.එම ස්ථානය ආරක්ෂක නිලධාරීන් තාවකාලිකව රැඳී සිටින තැනක් බවදගිනිගත් ස්ථානයේ අබලි ද්‍රව්‍ය තැන්පත් කර තිබූ බවද වාර්තා වේ.ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකය රථ 09ක් කැඳවා තිබුණි.මේ වනවිට අදාළ ස්ථානයට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු […]

Local News
December 15, 2020
732 views 0 secs 0

පානදුර, මොණරාගල ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ…

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළ පරිදි පානදුර, තොටවත්ත සහ මොණරාගල, බඩල්කුඹුර, අළුපොත යන ප්‍රදේශ හුදෙකලා කර ඇත.

Local News
December 15, 2020
751 views 0 secs 0

හදිසි අනතුරකින් ගුවන් නියමුවෙකු ජීවිතක්ෂයට…

ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරෙන් එක් නියමුවෙකු සහිතව පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT6 වර්ගයේ පුහුණු ගුවන් යානය කන්තලේ, සුරියපුර ප්රදේශයේදී අනතුරකට පත්ව තිබේ. එයපියාසර කර ඇත්තේ, පුහුණු ගුවන් නියමුවෙකු විසිනි.මෙම ගුවන් යානය සමග පැවති සබඳතා බිඳ වැටුණු බව ගුවන් හමුදාව මීට පෙර ප්‍රකාශ කළේ ය.සබඳතා බිඳ වැටෙන විට යානය පියාසර කරමින් […]

Local News, Politics
December 15, 2020
768 views 0 secs 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට….

ත්‍රීකුණාමල දිස්ත්‍රික්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු නියෝජ්‍ය ඇමති, අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ යහපාලන ආණ්ඩුව සමයේ ලංකා සතොස ආයතනයේ වාහන අවභාවිතා කිරීමේ චෝදනාව මතයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ එම චෝදනාව සම්බන්ධයෙන් මාතලේ පදිංචි මොහොමඩ් අස්ලාම් නැමැති පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බවයි.

Local News
December 14, 2020
726 views 0 secs 0

තවත් කොරෝනා මරණ 02ක්…

අද දින තවත් කොරෝනා මරණ 2ක් වාර්ථා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ ක. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 154 දක්වා ඉහළ ගොස් තිබේ.

Local News
December 14, 2020
748 views 0 secs 0

මහනුවර පාසල් 42ක් යළි විවෘත කරයි…

මහනුවර ප්‍රදේශයෙන් වාර්තාවන කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග වසා දැමූ මහනුවර පාසල් පාසල් 45කින් 42ක ආධ්‍යයන කටයුතු අද (14) දිනයේ සිට යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා සඳහන් කළේ කෙසේවෙතත් නගරයේ පාසල් තුනක් තවදුරටත් වසා තැබෙන බවය.