Health, Local News
December 16, 2020
829 views 0 secs 0

තවත් කොවිඩ් මරණ 3ක්…

අද (16) තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් මරණ ගණන 160ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Local News
December 16, 2020
826 views 0 secs 0

පළා ගිය කොවිඩ් ආසාදිතයා මරදානේදී කොටු වෙයි..

වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළා ගිය ක්ෂය රෝගය වැළඳුණු කොවිඩ් ආසාදිත පුද්ගලයා මරදාන ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අද(16) පස්වරුවේ සොයාගෙන තිබේ.පොලීසිය සඳහන් කළේ, එම පුද්ගලයා යළිත් වැලිසර ලය රෝහලට යොමු කළ බවයි. 43 හැවිරිදි මෙම පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු බවත් ඔහු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් පොලීසිය සඳහන් කළේය.

Local News
December 16, 2020
899 views 0 secs 0

මාරක රිය අනතුර සිදු කර පළාගිය රියදුරු පොලිස් අත්අඩංගුවට..

මහව, පහළ බලල්ල දේවාල හංදිය ප්‍රදේශයේ දී මවක් සහ දරුවෙකු රිය අනතුරකට ලක්කර පළාගිය කැබ් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ. රියදුරු මත්පැන් පානය කර සිටියේදැයි යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.ඊයේ සවස 6.30ට පමණ පදිකමාරුවක් හරහා ගමන් කරමින් සිටි මවක සහ ඇයගේ කුඩා පුතු එම […]

Local News
December 16, 2020
844 views 1 sec 0

කොවිඩ් -19 ආසාදිතයෙකු පළා යයි..

වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් -19 ආසාදිතයෙකු ඊයේ (15) පස්වරුවේ පළා ගොස් තිබේ. මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 43 හැවිරිදි අදාළ පුද්ගලයා ක්ෂය රෝගයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගියදා වැලිසර ළය රෝහලට ඇතුළත් වීමෙන් පසුව සිදුකළ ඵ්Cර්‍ පරීක්ෂණයකදී ඔහු කොවිඩ් -19 ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත.සැකකාර රෝගියා සොයා මේ වන විට පොලිස් පරීක්ෂණ සිදු කෙරේ.

Local News
December 16, 2020
918 views 0 secs 0

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමක් වටලයි..

ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබඳව ගොකරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව ගොකරැල්ල ගල්සේරුගොල්ල ප්‍රදේශයේදී ඊයේ (15) සවස 6.25ට පමණ රුපියල් 5,000සේ ව්‍යාජ මුදල් නෝට්ටු 100ක් සහ මෝටර් රථයක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවටගත් සැකකරුවන් අවුරුදු 22 සහ 23 යන වයස්වල පසුවන්නන් ය.

Local News
December 16, 2020
848 views 0 secs 0

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය යළි විවෘත වේ…

වෙළෙඳුන් 50 දෙනෙකුට ආසන්න පිරිසකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් වසා දැමුණු පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අද (16) අළුයම 2.00 සිට යළි විවෘතකර තිබේ. උදෑසන 08 .00 දක්වා තොග වෙළෙඳාම සඳහා පමණක් මෙය විවෘත කෙරෙන බවත්, තොග වෙළෙඳුන් හැර වෙනත් කිසිවෙකු වෙළෙඳ සංකීර්ණය වෙත පැමිණීමෙන් වැළකිය යුතු බවද ධීවර අමාත්‍යාංශය දැනුම් දී තිබේ. […]

Local News
December 16, 2020
901 views 0 secs 0

මවකට හා දරුවෙකුට දිවි අහිමි කළ මාරක රිය අනතුර…

ඊයේ (15) සවස 6.30ට පමණ අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ පහළ බලල්ල ප්‍රදේශයේදී කැබ් රථයක ගැටී සිදුවූ අනතුරකින් 32 හැවිරිදි මවක් හා අවුරුදු තුනහමාරක් වයසැති ඇගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත් විය. කැබ් රථයේ ගමන් කළ අය අතරින් රියදුරු සහ තවත් දෙදෙනෙක් අනතුරින් පසු පළාගොස් ඇති අතර කැබ් රථයේ සිටි 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය […]

Health, Local News
December 15, 2020
811 views 0 secs 0

කොවිඩ් වාර්ථාව….

අද (15) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 202ක් හඳුනාගත් බවත්, ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.ඒ අනුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 622ක් වේ.

Local News
December 15, 2020
910 views 0 secs 0

අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්න…

කොළඹ අලුත්කඩේ පිහිටා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණ ගොඩනැගිල්ලේ බිම් මහලේ හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇති බව වාර්තා වේ.එම ස්ථානය ආරක්ෂක නිලධාරීන් තාවකාලිකව රැඳී සිටින තැනක් බවදගිනිගත් ස්ථානයේ අබලි ද්‍රව්‍ය තැන්පත් කර තිබූ බවද වාර්තා වේ.ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකය රථ 09ක් කැඳවා තිබුණි.මේ වනවිට අදාළ ස්ථානයට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු […]

Local News
December 15, 2020
831 views 0 secs 0

පානදුර, මොණරාගල ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ…

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළ පරිදි පානදුර, තොටවත්ත සහ මොණරාගල, බඩල්කුඹුර, අළුපොත යන ප්‍රදේශ හුදෙකලා කර ඇත.