Local News
January 24, 2021
679 views 0 secs 0

අද දිනට වාර්තා වූ කොවිඩ් මරණ 3…

කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි 77හැවිරිදි කාන්තාවක්, මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි 84හැවිරිදි කාන්තාවක් සහ පූජාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 65හැවිරිදි කාන්තාව අද (24) කොවිඩ් හේතුවෙන් මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 283කි.

Local News
January 24, 2021
617 views 0 secs 0

58,000 ඉක්මවූ ආසාදිතයින්…

අද (24) දිනයේ සමස්ත ආසාදිතයින් 841ක් හඳුනා ගත් බව ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.කි.ඒ අනුව කොවිඩ් -19 ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 58,427ක් දක්වා ඉහළගොස් තිබේ.

Local News
January 23, 2021
714 views 1 sec 0

සෞඛ්‍ය ඇමතිනිටත් කොවිඩ් බවට තහවුරු වෙයි…

ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.එම නිසා PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් ඇය නිවෙස් නිරෝධායනයට ලක්වී සිටි බවද වාර්තා විය.

Local News
January 23, 2021
729 views 0 secs 0

මුඛ ආවරණ නොපැළඳ සිටි 15ක් අත්අඩංගුවට…

ඊයේ (22) දිනය තුළ සිදුකළ මෙහෙයුම්වලදී මුඛ ආවරණ නොපැළඳ සිටි 15 දෙනෙකු පොලිස් අත්අඩංගුවටගෙන තිබේ. ඔක්තෝබර් 30 වනදා සිට මේ දක්වා 2725 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙනඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.අද දිනයේද කොළඹ සහ බස්නාහිර පළාත ආශ්‍රිතව විශේෂ මෙහෙයුම් කිහිපයක් ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Local News
January 23, 2021
724 views 1 sec 0

මට්ටක්කුලිය දේවස්ථානයකත් කොවිඩ් ආසාදිතයන්..

මට්ටක්කුලිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආශ්‍රිතව සිදු කෙරුණු PCR පරීක්ෂණවලදී පියතුමන්ලා 9 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ. ඒ පිළිබඳව අදහස් දැක්වූ කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා“මුඛ ආවරණ නොමැතිව සැරිසරමින් සිටි පුද්ගලයින් 30ක් අරගෙන කරපු පරීක්ෂණවලදී යාචකයින් 4ක් ආසාදිතයින් බවට හඳුනාගත්තා. ඊට අමතරව තවත් 2 දෙනෙකු ද හඳුනා ගත්තා. උසාවි […]

Local News
January 23, 2021
715 views 0 secs 0

කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්…

කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක අද (23) අද උදෑසන 9.00 සිට පැය 24ක ජල කප්පාදුවක් සිදුවෙයි.කොළඹ 01, කොළඹ 02, කොළඹ 03 සහ කොළඹ 07 සිට කොළඹ 12 දක්වා ප්‍රදේශවල මෙම ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි.

Local News
January 22, 2021
713 views 0 secs 0

පීලි පැන්න දුම්රිය….

අද (22) උදෑසන 5.45ට බදුල්ලේ සිට මහනුවර බලා ගමන් කරමින් තිබු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක්, උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර හා දෙමෝදර අතර පීලි පැනීමක් සිදුව තිබේ.මේ හේතුවෙන් පොඩි මැණිකේ දුම්රිය මදක් ප්‍රමාද වී ධාවනය වන බව ද වාර්තා වේ.

Local News
January 22, 2021
718 views 0 secs 0

රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙක් මරුට…

බටපොළ දෙස සිට අම්බලන්ගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දෙසටම ධාවනය වූ ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී එම ලොරි රථයේ ගැටී අනතුරක් සිදුව ඇති අතර එම අනතුරින් මියගොස් ඇත්තේ 39 හැවිරිදි බටපොළ ප්‍රදේශයේ පදිංචිකාරියකි.මේ අතර මීගමුව දුම්රියපොළ මාර්ගයේ තීල්ලන්දූව දෙස සිට දුම්රියපොළ දෙසට ධාවනය වූ යතුරුපැදියක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් අනතුරක් […]

Local News
January 22, 2021
701 views 0 secs 0

පළා ගිය කොවිඩ් ආසාදිතයා…

ඊයේ (21) දිනයේ දී ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා රැගෙන යෑමට සුදානමින් සිටි කටුනායක, වලානගොඩ ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොළක සිටි කොවිඩ් ආසාදිතයෙක් පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියා.ඔහු පදවිය, බෝගහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවයේ නියුතු 25 හැවිරිදි එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙක් බවට සිදුකළ […]

Local News
January 21, 2021
700 views 0 secs 0

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොවිඩ්…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න යන ක්‍රීඩකයින් දෙදෙනනාට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.