Local News
February 03, 2021
739 views 0 secs 0

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත් තරුණිය..

හංවැල්ල පොලීසිය සිදුකළ වැටලීමකදී 22 හැවිරිදි තරුණියක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය නැවතී සිටි නිවසක තිබී හෙරොයින් ග්‍රෑම් 55ක් අයිස් ග්‍රෑම් 35ක් සහ ගංජා ග්‍රෑම් 5ක් සොයාගෙන තිබුණි. පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ දැනට විදේශගතව සිටින ලලියා නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ අතරමැදියෙකු ලෙස ඇය කටයුතුකර ඇති බවත්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නියක ලෙස කටයුතු කර ඇති […]

Local News
February 01, 2021
672 views 1 sec 0

කොවිඩ් ආසාදනය වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්…

වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වීමත් සමඟ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද PCR පරීක්ෂණයක් සඳහා යොමු වී ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ අමාත්‍යවරයාට වෛරසය ආසාදනය වී නැති බවය.

Local News
February 01, 2021
685 views 0 secs 0

කොවිඩ් වාර්තාව…

අද (01) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 348ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන, 64,505ක් දක්වා ඉහළ ගොස් තිබේ.එමෙන්ම අද දිනයේ ආසාදිතයින් 916ක් සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්තය 58,075ක් ලෙස වාර්තා විය.

Local News
February 01, 2021
795 views 0 secs 0

59,000කට වැඩි පිරිසකට ලබා දුන් කොවිෂීල්ඩ් එන්නත…

ඉන්දියාවෙන් මෙරටට ලැබුණු කොවිඩ්-19 මර්දන එන්නත මේ වන විට පුද්ගලයින් 59,154 දෙනෙකුට ලබාදී අවසන් බව සෞඛ්‍ය අංශ පවසති.ඊයේ (01) දිනය තුළ පමණක් පුද්ගලයින් 21,329 දෙනෙකුට එන්නත ලබා දී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.මේ වන විට දෛනිකව එම එන්නත ලබාදෙනු ලබන අතර කොවිඩ් ආසාදිතයින් සමග වැඩි වශයෙන් කටයුතු කරන […]

Local News
January 28, 2021
688 views 0 secs 0

කොවිඩ් පාලනයෙන් ලෝකයෙන් 10 වන තැනට පත් වූ ශ්‍රී ලංකාව…

ඔස්ට්‍රේලියානු අධ්‍යයන ආයතනයක් වන “ලෝවි“ ආයතනය විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව කොවිඩ් 19 වෛරසය සාර්ථකව කළමනාකරණය කිරීමට සමත් වූ රටවල් අතරින් 10 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ.රටවල් 98 ක් යොදා ගනිමින් එම සමීක්ෂණය සිදුකර ඇති අතර එහි පළමු ස්ථානයට පත්ව ඇත්තේ නවසීලන්තයයි.ශ්‍රේණිගත කිරීම සඳහා එක් එක් රටක හමුවී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන, තහවුරු වූ කොවිඩ් […]

Local News
January 28, 2021
651 views 0 secs 0

දිනක් තුළ සුවය ලැබූ වැඩිම ආසාදිතයන් ගණන අද…

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 1,869 දෙනෙකු අද (28) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.මේ අතර මෙතෙක් වරකදී සුවය ලබා පිටව ගිය වැඩිම රෝගීන් ගණන ද මෙය බවට වාර්ත වේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 54,435ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.

Local News
January 27, 2021
702 views 0 secs 0

හෙට දිවයිනට එන කොවිඩ් එන්නත.

කොවිඩ් -19 මර්දනය සඳහා ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත හෙට (28) මෙරටට රැගෙන ඒමට නියමිත අතර ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා පැවසුවේ එන්නත් රැගත් ගුවන් යානය හෙට පෙරවරු 11.00 ට මෙරටට පැමිණීමට නියමිත බවය. එය ඉන්දිය රජය විසින් පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදෙන බව සඳහන් ය. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් […]

Local News
January 27, 2021
692 views 0 secs 0

අද දිනට කොවිඩ් මරණ 2ක්…

අද (27) කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 290කි.

Local News
January 25, 2021
692 views 0 secs 0

පානදුර සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙක් ජීවිතක්ශයට…

අද (25) පෙරවරු 9.15 ට පමණ මොරටුව සිට පානදුර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේය.ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා පානදුර රෝහල වෙත ඇතුළත් කර ඇති අතර රෝහලට රැගෙන එන විටත් ඔහු මියගොස් සිටි බව වාර්තා […]

Local News
January 25, 2021
706 views 0 secs 0

බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ අධ්‍යයන කටයුතු අදින් ඇරඹේ..

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් බස්නාහිර පළාතේ පාසල් අධ්‍යයන කටයුතු අද (25) සිට ආරම්භ වේ.මෙසේ විවෘත වන බස්නාහිර පළාතේ පාසල් විෂබීජහරණ කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) දිනයේ දී සිදුකෙරුණි. නව පාසල් වාරය ආරම්භ කිරීමත් සමග බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් සියලු පාසල් සාමාන්‍ය පරිදි […]