Local News
March 24, 2025
137 views 1 sec 0

නව කම්කරු කොමසාරිස් ජනරාල්වරිය ලෙස නදීකා වටලියද්ද පත් කෙරේ…

අද(24) නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තුවේදී නව කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස නදීකා වටලියද්ද වැඩභාර ගත් අතර, ඇය කම්කරු දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ කම්කරු කොමසාරිස් ජනරාල් ධුරයට පත් තෙවැනි කාන්තාව වේ. ගඟසිරිපුර කණිෂ්ඨ විද්‍යාලය, ගම්පොල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය සහ මහනුවර මහමායා බාලිකා විද්‍යාලය යන විදුහල්වල අධ්‍යාපනය හදාරා ඇති ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධාරිණියක් […]

Local News
March 24, 2025
111 views 0 secs 0

ඉහල පුටි වල මාරු වීම් සමබ්න්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් විශේෂ දැනුම්දීමක්….

රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරුකිරීම් හා පත්කිරීම් සම්බන්ධව පොලිස් මූලස්ථානයෙන් විශේෂ දැනුම්දීමක් කර තිබේ. ඒ අනුව මහනුවර හා මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති (රා/ඉ) ඩී. එම්. යූ. එම්. දිසානායක මහතා විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා මාරුකර ඇති අතර මඩකලපුව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු […]

Local News
March 24, 2025
166 views 4 secs 0

”චිකුන්ගුන්යා” රෝගය ව්‍යාප්තියෙ වර්ධනයක්…

වසර කිහිපයකට පසු කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල ”චිකුන්ගුන්යා” රෝගය ව්‍යාප්තිය වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ”චිකුන්ගුන්යා” රෝගය මේ වනවිට හඳුනාගෙන ඇත්තේ, අප්‍රිකාව, අමෙරිකාව, යුරෝපය හා ආසියානු මහද්වීපවල මෙන්ම පැසිෆික් හා ඉන්දියානු සාගරවල පිහිටි දූපත්වල පැතිරෙන රෝගී තත්ත්වයක් ලෙස වන අතර මදුරුවන් බෝවන ස්ථාන හැකි පමණින් විනාශ කිරීම මගින් පමණක් ”චිකුන්ගුන්යා” […]

Local News
March 23, 2025
147 views 1 sec 0

පොතුහැර – රඹුක්කන අධිවේගී මාර්ගය කඩිනමින් අවසන් කිරීමට පියවර…

අද (23) සවස ප්‍රවාහන , මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා,කඩිනමින් ඉදි වනපොතුහැර – රඹුක්කන අධිවේගී මාර්ගය නිරීක්ෂණය කරන්නට සහභාගී වූහ. මෙහි දී පොතුහැර රඹුක්කන කොටස 2026 වසර අවසානයේ නිමකිරීමට බලාපොරොත්තු වෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටි අතර මේ සංවර්ධන ව්‍යාපෘතිය […]

Local News
March 21, 2025
148 views 0 secs 0

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස් වෙයි…

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන අතර ඊට අදාළ ලිපිය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වේ.

Local News
March 19, 2025
185 views 5 secs 0

“Clean Sri Lanka” යටතේ. “ආදර්ශ නාගරික හරිත කලාප”…

“Clean Sri Lanka” වැඩසටහන යටතේ “ආදර්ශ නාගරික හරිත කලාප” ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබේ. ඒ රට තුළ ආචාර ධාර්මික, සාමාජයීය සහ පාරිසරික වශයෙන් නව පිබිදීමක් ඇති කර, සමාජය වඩා දියුණු තලයකට ඔසවා තැබීම අරමුණු කර ගනිමිනි. එහි පළමු අදියර යටතේ පෑලියගොඩ සහ ඔරුගොඩවත්ත ප්‍රදේශවල “ආදර්ශ නාගරික හරිත කලාප” දෙකක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. රාජ්‍ය සහ […]

Local News
March 19, 2025
110 views 0 secs 0

කාලගුණ වාර්තාව

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමකතද වැසි ඇතිවිය හැක. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ  පළාත්වලත් […]

Local News
March 18, 2025
114 views 0 secs 0

ජනපති සහ බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් අතර හමුවක්…

සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය පහසුකම් සැලසීමට හා නව නීති සම්පාදනයට පියවර ගන්නා බව බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (18) පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය. ‍නීතියේ විධානයේ ආධිපත්‍යය සුරැකීම පොලිස් දෙපාර්තමේන්තුව සතු වගකීමක් බවද ශ්‍රී ලංකාව තුළ නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු නොකර යහපත් සමාජයක් බිහි කළ නොහැකි බව ද […]

Local News
March 18, 2025
127 views 0 secs 0

ආනයනික කිරිපිටි මිල ඉහටල…

පසුගිය වසරක කාලය තුළ ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල 20%කින් පමණ වැඩිවීම සැලකිල්ලට ගනිමින් ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය තීරණය කර තිබේ. මෙය සියයට 4.7ක පමණ ඉහල යෑමක් වන අතර අප්‍රේල් 1 වන දින සිට මිල වෙනස් වීම් ක්‍රියාත්මක වේ.

Local News
March 18, 2025
137 views 0 secs 0

සමගි ජන බලවේගයේ සභාපති ඉල්ලා අස්වෙයි…

ඉම්තියාස් බාකීර් මාකර් මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන අතර ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකයා වෙත හා මහලේකම්වරයා වෙත යොමු කර ඇති බ ව වාර්තා වේ. කෙසේ වුවද සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉම්තියාස් බාකීර් මාකර් මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පිළිනොගත් […]