Local News
March 11, 2025
171 views 0 secs 0

අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් විරෝධතාවයක…

අනුරාධපුරය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධියකට විරෝධය දක්වමින් එම රෝහලේ වෛද්‍යවරුන් විසින් අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් වර්ජනයක් ආරම්භ කර තිබේ. 32 හැවිරිදි වෛද්‍යවරියක් ඊයේ (10) තමන්ගේ රාජකාරී කටයුතු නිමවී වෛද්‍යවරුන් සඳහා රජයෙන් ලබාදී තිබෙන තම නේවාසිකාගාරයට ගොස් අති අතර සවස 6:30ත් 7ත් අතර කිසියම් නාඳුනන පුද්ගලයෙකු පැමිණ පිහියක් පෙන්වා […]

Local News
March 11, 2025
179 views 0 secs 0

රාජ්‍ය ආයතනවල පුරප්පාඩු සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමි වේ…

රාජ්‍ය සේවයේ ආයතනවල පවතින පුරප්පාඩු සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීමට අදාළ අමාත්‍යංශ සහ ආයතන වෙත අනුමැතිය ලබාදීම සඳහා අගමැතිනි හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය, සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ පුරප්පාඩු 909ක්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයට 109, පරිසර අමාත්‍යංශයට 144, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයට 2,500ක් […]

Local News
March 10, 2025
166 views 0 secs 0

තැපැල් වෘත්තිය සමිති වැඩ වර්ජනයක…

තැපැල් වෘත්තිය සමිති එළැඹෙන 17 සහ 18 වැනි දින වර්ජනයකට එළැඹීමට නියමිතව තිබේ. තැපෑලේ පවතින දිගුකාලීන ගැටළු බලධාරීන් අපොහොසත් වී ඇති බැවින් සියලු තැපැල් සංගම් එක්ව මෙම වැඩ වර්ජනය සිදු කිරීමට තීරණය කළ බවයි තැපැල් හා විදුලි සංදේශ සංගමයේ ලේකම් මංජුල ජයසුන්ද මහතා පැවසුවේ. සේවක බඳවා ගැනීම්, පත් කිරීම්, උසස් කිරීම් සහ වැටුප් වර්ධක ගැටළු […]

Local News
March 10, 2025
165 views 0 secs 0

දුම්රිය දෙපාර්තමේන්තු වේ විශේෂ දුම්රිය ධාවන සැලසුම…

විශේෂ දුම්රිය ධාවන සැලසුමක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ එළැඹෙන පාසල් නිවාඩුව සහ ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙනි. ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල සහ කන්කසන්තුර දක්වා මෙම විශේෂ දුම්රිය ධාවන සැලසුම ක්‍රියාත්මක වීමට නියමිතව ඇති අතර එම දුම්රිය ධාවන සැලැස්ම පහතින්.

Local News
March 10, 2025
170 views 2 secs 0

හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු අ.පො.ස. (සා/පෙළ) විභාග සඳහා උපකාරක පන්ති පැවැත්වීම තහනම්..

2024 අ.පො.ස. (සා/පෙළ) විභාග සඳහා පවත්වනු ලබන සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු, සමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා සහාය වීම ආදිය මාර්තු 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව විසින් පසුගිය 07 වනදා දැනුම් දී තිබූ අතර යම් හෙයකින්හෙට (11) මධ්‍යම රාත්‍රියෙන් පසු 2024 අ.පො.ස. (සා/පෙළ) විභාග සඳහා උපකාරක පන්ති පවත්වන්නේ නම් […]

Local News
March 05, 2025
160 views 0 secs 0

GMAO වර්ජනය තාවකාලිකව අත්හිටුවයි..

හෙට (6) දිනයේ සිදුකිරීමට යෝජනා කර තිබූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. අයවැය යෝජනා හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දීමනා කප්පාදුව සිය වෘත්තියටද බලපාන බවට චෝදනා කරමින් ඔවුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබූ අතර අද (5) පස්වරුවේ දී සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙලෙස වර්ජනය […]

Local News
March 05, 2025
154 views 0 secs 0

ජනාධිපති හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පැවැත්විණි. මෙම වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කගත ආදායම සම්පූර්ණ කර ගැනීම සඳහා ගත යුතු ක්‍රමෝපාය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොලැබෙන ආදායම් ලබා ගැනීමට දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදයට වඩා මැදිහත්වීමේ අවශ්‍යතාව මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා […]

Local News
March 05, 2025
145 views 0 secs 0

දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ විදෙස් ගමන් තහනම ඉවතට..

දේවගැති ජෙරම් ප්‍රනාන්දු හට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කර තිබේඔහුට එරෙහි නඩුව අද (05) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම තහනම මෙලෙස ඉවත් කර තිබේ.ආගමික සංහිඳියාවට බාධාවන අයුරින් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවකට අදාළව දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අධිකරණය මඟින් මීට පෙර විදෙස් ගමන් තහනමක් පනවා තිබුණි.

Local News
March 05, 2025
173 views 0 secs 0

‘අධ්‍යාපන කවුන්සිලයක්’ පැවැත්වීමට රජය සූදානම් – අගමැතිවරිය.

අධ්‍යාපනයේ පරිවර්තනයක් උදෙසා ‘අධ්‍යාපන කවුන්සිලයක්’ පිහිටුවීමට රජය සූදානම් බවත්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය භාවය සහ ගුණාත්මක භාවය සංවර්ධනය කිරීම එම අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීමේ මූලික අරමුණු දෙකක් බවට පත් වන බවත්, අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය. අගමැතිවරිය මේ බව සඳහන් කලේ ජාතික අධ්‍යාපන ආයතනයේ මීගොඩ පිහිටි අධ්‍යාපන නායකත්ව සංවර්ධන හා කළමණාකර පීඨ ශ්‍රවණාගාරයේ දී පැවති උත්සවයකට […]

Local News
March 05, 2025
216 views 0 secs 0

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් පත් කෙරේ..

ජනපති අනුර කුමාර මහතා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩබ්ලිව්.පී.සේනාධීර මහතා පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඩබ්ලිව්. පී. සේනාධීර මහතා වෙත අද (05) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිරිනැමිණ.‍