Local News
March 03, 2025
103 views 0 secs 0

හැටන් වතු යායක ගින්නක්…

හැටන් ෂැනන් වතුයායට අයත් කේ.එම් කොටසේ වතු නිවාස පෙළක අද (03) රාත්‍රියේදී ගින්නක් හටගෙන තිබෙන අතර ගින්නෙන් නිවාස 12ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි හැටන් පොලීසිය ප්‍රකාශ කර සිටියා. කෙසේ වෙතත් ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ගින්නට හේතුව විදුලි කාන්දුවීමක් බවට සැක මතු වී තිබේ.

Local News
March 03, 2025
106 views 0 secs 0

තෙල් බෙදුම්කරුවන්ට ඛනිජ තෙල් ඇනවුම් ලබා ගන්නා ලෙස දැනුම් දීමක්…

අද (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සියලුම තෙල් බෙදුම්කරුවන්ට නැවත හැකි ඉක්මනින් යථා පරිදි ඛනිජ තෙල් ඇනවුම් ලබා ගන්නා ලෙස දන්වන බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක මහතා පවසයි.රජයත් සමග සාකච්ඡා කර පවතින ගැටලුවට විසඳුම් සෙවීමට අපේක්ෂා කරන බව ඔහු මෙහිදී ප්‍රකාශ කර සිටියා. එමෙන්ම හෙට (04) දිනයේදී ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සමග […]

Local News
March 03, 2025
97 views 1 sec 0

වනඅලින් ඇතුළු වනජීවීන් දුම්රියේ ගැටීම් වලක්වා ගැනීමට AI විසඳුම් ක්‍රියාත්මක කිරීමට පියවර…

දුම්රියේ වනඅලින් ඇතුළු වනජීවීන් ගැටීම වැළැක්වීමට AI තාක්ෂණයෙන් ලබා ගත් විසඳුම් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දායකත්වයෙන් කෘතිම බුද්ධිය (ඇඓ) තාක්ෂණය ඔස්සේ දුම්රියවල නව උපාංග සවි කිරීමේ කටයුතු ද සිදු කිරීමට නියමිත වන අතර එය මාර්තු මස පළමු සති දෙක තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමටද පියවර ගෙන ඇති බව වාර්තා […]

Local News
March 01, 2025
106 views 1 sec 0

ඉන්දීය අගමැති හා රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක්…

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ණ්Xඨ් සමුළුවේදී මෙරට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබේ. “මගේ මිත්‍ර රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා. මම සැමවිටම අපගේ අන්තර්ක්‍රියා බලාපොරොත්තුවෙන් සිටි අතර විවිධ කරුණු සම්බන්ධයෙන් ඔහුගේ දෘෂ්ටිකෝණය අගය කර ඇත්තෙමි.” යනුවෙන් මෙම හමුව පිළිබඳව සිය X ගිණුමේ සටහනක් තබමින් නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කර තිබේ.

Local News
March 01, 2025
102 views 0 secs 0

ඉන්ධන අර්බුධයේ සැබෑ තතු…

ඛනිජ තෙල් බෙදුම්කරුවන් සඳහා හඳුන්වාදීමට නියමිත නව සූත්‍රය ඔස්සේ, මෙතෙක් 3% යටතේ ලැබුණු දීමනාවට වඩා වැඩි දීමනාවක් ලැබෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි. ඒ අනුව ඛනිජ තෙල් බෙදුම්කරුවන් සඳහා ලබාදෙන 3%ක දීමනාව අහෝසි කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා තීරණය කළේ නව සූත්‍රයක් ඔස්සේ තෙල් බෙදුම්කරුවන්ට දීමනා ලබාදීම සඳහාය.කෙසේ වෙතත් […]

Local News
March 01, 2025
102 views 0 secs 0

දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්…

පවතින වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය, පස්සර, හාලි ඇළ, බදුල්ල, හපුතලේ, මීගහකිවුල, ඌව පරණගම සහ සොරණාතොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර ඒ සම්බන්ධව විමසිලිමත්වන ලෙස අදාළ නිවේදනය නිකුත් […]

Local News
March 01, 2025
106 views 0 secs 0

යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමේ..

වනසතුන්ගේ ආරක්ෂාව මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අද (01) සිට වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික වනෝද්‍යානය වසා දැමීමට තීරණය කර ඇති බව වනෝද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා ප්‍රකාශ කර සිටියා. පසුගිය දින දෙක තුළ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් යාල වනෝද්‍යානයේ මාර්ග බොහොමයක් ජලයෙන් යටවී ඇති අතර, වනෝද්‍යානය තුළ ඇති වැව් ඉවුරු කිහිපයක් කඩාගෙන ගොස් ඇති […]

Local News
March 01, 2025
112 views 0 secs 0

ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වේ…

ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 61 වැනි වියේ පසු වූ ඇය, කලක සිට රෝගාතුරුව සිටියා. ඒ මහත්මිය මියයන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා වේ. මුතුපලස, චාරුලතා, දෙනුවර මැණිකේ, ගිරිකුල, කන්දේගෙදර සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය රංගනයෙන් දායක වූ ටෙලිනාට්‍යයන් ය.

Local News
February 28, 2025
116 views 0 secs 0

කොස්ගොඩින් හමු වූ නාඳුනන මල සිරුර..

අද (28) උදෑසන කොස්ගොඩ පොලිස් වසමේ අතුරුවැල්ල ප්‍රදේශයේ පොල් ඉඩමක තිබී නාඳුනන පිරිමි මල සිරුරක් හමු වී ඇති අතර කොස්ගොඩ පොලිසිය ඒ සම්බන්ඳව විමර්ශන කටයුතු අරඹා තිබින.මරණකරුගේ අනන්‍යතාවය මෙත්ක් අනාවරණය වී නොමැති අතර වයස අවුරුදු 60ත් 65ත් අතර වයසැති නිල් පැහැති ටී- ෂර්ට් එකක් හා කොළ හා කළු පැහැති කොටු සරමක් හැඳ සිට ඇති බව […]

Local News
February 28, 2025
117 views 0 secs 0

කටුගස්තොට මඩවල ප්‍රදේශයෙන් හමු වූ පිස්තෝලය…

අද (28) උදෑසන කටුගස්තොට පොලිස් වසමේ මඩවල ප්‍රධාන මාර්ගයේ මහවැලි ගඟ සමීපයේ බෝක්කුවක් යට සඟවා තිබූ විදේශ රටක නිශ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝල අවියක් සහ පතොරම් ගැබක් සොයාගෙන තිබේ. කටුගස්තොට පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම අවිය සොයාගෙන ඇති අතර කටුගස්තොට පොලිසිය ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතී..