Local News
March 01, 2025
131 views 0 secs 0

යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමේ..

වනසතුන්ගේ ආරක්ෂාව මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අද (01) සිට වැසි තත්ත්වය පහව යනතුරු යාල ජාතික වනෝද්‍යානය වසා දැමීමට තීරණය කර ඇති බව වනෝද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා ප්‍රකාශ කර සිටියා. පසුගිය දින දෙක තුළ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් යාල වනෝද්‍යානයේ මාර්ග බොහොමයක් ජලයෙන් යටවී ඇති අතර, වනෝද්‍යානය තුළ ඇති වැව් ඉවුරු කිහිපයක් කඩාගෙන ගොස් ඇති […]

Local News
March 01, 2025
137 views 0 secs 0

ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වේ…

ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 61 වැනි වියේ පසු වූ ඇය, කලක සිට රෝගාතුරුව සිටියා. ඒ මහත්මිය මියයන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා වේ. මුතුපලස, චාරුලතා, දෙනුවර මැණිකේ, ගිරිකුල, කන්දේගෙදර සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය රංගනයෙන් දායක වූ ටෙලිනාට්‍යයන් ය.

Local News
February 28, 2025
138 views 0 secs 0

කොස්ගොඩින් හමු වූ නාඳුනන මල සිරුර..

අද (28) උදෑසන කොස්ගොඩ පොලිස් වසමේ අතුරුවැල්ල ප්‍රදේශයේ පොල් ඉඩමක තිබී නාඳුනන පිරිමි මල සිරුරක් හමු වී ඇති අතර කොස්ගොඩ පොලිසිය ඒ සම්බන්ඳව විමර්ශන කටයුතු අරඹා තිබින.මරණකරුගේ අනන්‍යතාවය මෙත්ක් අනාවරණය වී නොමැති අතර වයස අවුරුදු 60ත් 65ත් අතර වයසැති නිල් පැහැති ටී- ෂර්ට් එකක් හා කොළ හා කළු පැහැති කොටු සරමක් හැඳ සිට ඇති බව […]

Local News
February 28, 2025
146 views 0 secs 0

කටුගස්තොට මඩවල ප්‍රදේශයෙන් හමු වූ පිස්තෝලය…

අද (28) උදෑසන කටුගස්තොට පොලිස් වසමේ මඩවල ප්‍රධාන මාර්ගයේ මහවැලි ගඟ සමීපයේ බෝක්කුවක් යට සඟවා තිබූ විදේශ රටක නිශ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝල අවියක් සහ පතොරම් ගැබක් සොයාගෙන තිබේ. කටුගස්තොට පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම අවිය සොයාගෙන ඇති අතර කටුගස්තොට පොලිසිය ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතී..

Local News
February 28, 2025
132 views 0 secs 0

ඉන්ධන මිල සංශෝධනය ගැන දැනුම් දීමක්…

මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය මෙම මස තුළ සිදු නොවන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මෙතෙක් පැවැති පෙට්‍රල් 92 රුපියල් 309, පෙට්‍රල් 95 රුපියල් 371, සුදු ඩීසල් රුපියල් 286, සූපර් ඩීසල් රුපියල් 331 සහ භූමිතෙල් රුපියල් 183 යන මිල ගණන් යටතේම අලෙවි කිරීමට පියවර ගන්නා බව එම සංස්ථාව […]

Local News
February 28, 2025
142 views 0 secs 0

ලාෆ්ස් ගෑස් මිලෙහි වෙනසක් නැහැ….

මාර්තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ සංශෝධනයක් සිදුනොකරන බව ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා මේ බව සඳහන් කළේය. ඒ අනුව මේ වනවිට කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කට අලෙවි කෙරේ.

Local News
February 28, 2025
150 views 3 secs 0

කොළඹ උද්ධමන අනුපාතයේ පහළ යෑමක්….

2025 පෙබරවාරි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය තව දුරටත් පහළ ගොස් තිබේ. 2025 ජනවාරි මාසය සඳහා -4.0% ක් ලෙස වාර්තා වී තිබූ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2025 පෙබරවාරි මාසය වන විට -4.2% ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම […]

Local News
February 28, 2025
149 views 0 secs 0

ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්…

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, හාලි ඇළ, බදුල්ල, කන්දකැටිය, ඌව පරණගම, මීගහකිවුල සහ සොරණාතොට යන ප්‍රදෙශ වලට හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නාය යෑමේ අනතුරු ඇzගවීම් නිකුත් කර තිබේ. මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 12.30 සිට හෙට පස්වරු 12.30 දක්වා ක්‍රියාත්මක බවත්, ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසඑම සංවිධානය සඳහන් කර තිබේ.

Local News
February 28, 2025
142 views 0 secs 0

මැයි මාසයෙන් පසු පොල් මිල පහලට…

මැයි මාසයෙන් පසුව නැවතත් පොල් මිල පැවති මට්ටමට පහළ යනු ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි. පොල් ආනයනය සඳහා අවසර ලබා ගත් ආයතන හිමිකරුවන් ඉදිරි දින කිහිපය තුළදී අදාළ ආනයන කටයුතු ආරම්භ කරනු ඇති බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා සඳහන් කර සිටියා

Local News
February 27, 2025
132 views 0 secs 0

මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්…

අද (27) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, 2025 වර්ෂයේ දේශපාලන පක්ෂ පිළිගැනීම සඳහා සුදුසුකම් ඇති ක්‍රියාකාරී පක්ෂවලින් අයදුම්පත් කැඳවූ බව ධැනුම් දී සිටියා. එම නිවේදනයට අනුව මැතිවරණ කාර්යය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සලකනු ලැබීම සඳහා වූ අයදුම්පත් හෙට (28) සිට මාර්තු මස 28 වනදා ප.ව. 3.00 දක්වා භාරගනු ලබන අතර අදාළ […]