RM Parks හි මුල් ඉන්ධන පිරවුම් හල විවෘත කෙරේ..
අමෙරිකාවේ RM PARKS සමාගම, ෂෙල් වෙළෙඳ සන්නාමය යටතේ වූ මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල අඹතලේ ප්‍රදේශයේදී මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන්අද (26) විවෘත කළේය. එය මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන සිව්වැනි සමාගම වන අතර RM Parks (පුද්ගලික) සමාගම ශ්‍රී ලංකාව පුරා පිහිටි සිල්ලර ඉන්ධන පිරවුම්හල් 150ක ජාලයක් ෂෙල් ලෙස නැවත සන්නාමකරණය කර ඇත. මෙය 2023 […]
ජනපති මාධ්‍ය අංශයේ නව පත් කිරීම් කිහිපයක්…
ජනාධිපති මාධ්‍ය උපදේශක ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා පත් කර තිබෙන අතර ජනාධිපති මාධ්‍ය අංශයේ, ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතා පත් කර ඇත. එම මහත්වරු අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ. ප්‍රවීණ මාධ්‍යවේදියෙක් වන චන්දන […]
නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පත් කෙරේ…
නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ප්‍රසන්න පෙරේරා මහතා පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය අද (24) පස්වරුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ දී ඒ මහතා වෙත භාර දුන්නේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදි උපාධියද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සන්නිවේදන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද ලබා ඇති ප්‍රසන්න පෙරේරා මහතා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදන පශ්චාත් […]
කඳුනැගීමේ ශූර යොහාන් පීරිස් දිවයිනට…
ශ්‍රී ලාංකික කඳුනැගීමේ ශූර යොහාන් පීරිස්, ඇන්ටාටිකාවේ වින්සන්ට් කඳු මුදුන තරණය කිරීමෙන් අනතුරුව අද (24) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා. ඔහු මෙවර ඇන්ටාටිකාවේ වින්සන්ට් කඳු මුදුන සහ දකුණු අමෙරිකාවේ , ආජෙන්ටිනාවේ ඇකන්කගුවා කඳු මුදුන තරණය කිරීමෙන් අනතුරුව මෙලෙස පැමිණ තිබුණ. යොහාන් පීරිස් මේ වනවිට ආසියා මහාද්වීපයේ එවරස්ට්, අප්‍රිකානු මහාද්වීපයේ කිලිමැන්ජාරෝ , ඔස්ට්‍රේලියා මහාද්වීපයේ කොසිඩස්කෝ, යුරෝපා […]
කර්මාන්ත ආශ්‍රිත ප්‍රශ්න විසඳීම ඩිජිටල් පහසුකම්…
කර්මාන්ත ආශ්‍රිත ප්‍රශ්න විසඳීම සඳහා ඉදිරියේ දී නව ඩිජිටල් පහසුකමක් ලබා දීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙම අදහස් පළ කල අතර, කර්මාන්තකරුවන්ට තමන්ගේ දිස්ත්‍රික්කයේ සිටම ගැටලු ඇත්නම් ඒවා විසඳා ගැනීමට ඒ තුළින් හැකියාව ලැබෙනු ඇති බව ඔහු අවධාරණය […]
පාර්ලිමේන්තුව රැස්වෙයි…
අද (22) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9:30ට ආරම්භ කෙරුණි. 2025 අයවැය දෙවන වර කියවීමේ විවාදය ද අද පැවැත්වෙයි දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම 25 වනදා පස්වරු 6ට පැවැත්වීමට සැලසුම් කර ඇති බව සඳහන් අතර අයවැය දෙවන වර කියැවීමේ විවාදය පෙබරවාරි මස 18 වැනිදා සිට ආරම්භ වූ අතර එය එළඹෙන 25 වනදා දක්වා […]
කැළණිවැලියේ දුම්රිය කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි….
පැඟිරිවත්ත ප්‍රදේශයේ සිදුකෙරෙන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්, කැලණිවැලි මාර්ගයේ අද (22) සහ හෙට (23) ධාවනය කිරීමට නියමිත දුම්රිය කිහිපයක් තාවකාලිව අත්හිටවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.. පහත සඳහන් දුම්රිය අද සහ හෙට ධාවනය කිරීම තාවකාලිකව නතර කෙරෙනු ඇත. අංක 9254 | පෙ.ව. 08:30 කොළඹ කොටුව – අවිස්සාවේල්ල (මන්දගාමී)අංක 9260 | ප.ව. 01:55 කොළඹ කොටුව […]
අද කාලගුණය…
අද (21) ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත […]
