Local News
April 13, 2025
108 views 0 secs 0

උසස් පෙළ ප්‍රතිඵල 20 වැනිදායින් පසුව….

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 20 වැනිදාට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර තිබුණද නැවත් එය අප්‍රේල් 20 වැනිදායින් පසු නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා. ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් මෙලෙස ප්‍රතිඵල නිකුත් කළ හැක්කේ 20 වැනිදායින් පසුව බව, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව, තුන් […]

Local News
April 11, 2025
109 views 3 secs 0

අධිවේගී මාර්ගවල ගෙවීම් සඳහා කාඩ්පත් භාවිතය මැයි 1 සිට…

අධිවේගී මාර්ගවල ගෙවීම් සඳහා බැංකු කාඩ්පත් භාවිතය මැයි 1 සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (11) පැවසීය. ඒ අනුව debit සහ credit කාඩ්පත් මඟින් touch and go හෝ insert ක්‍රමවලින් තත්ත්පර 8කින් ගෙවීම් සිදුකළ හැක. මෙම පද්ධතිය මේ වනවිට කොට්ටාව සහ කඩවත අන්තර් හුවමාරුවල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ.

Local News
April 11, 2025
104 views 0 secs 0

ලෝක රන් මිල ඉහළට…….

ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (අප්‍රේල් 11) අමෙරිකානු ඩොලර් 3,200 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය රන් අවුන්සයකට මේ දක්වා වාර්තා වී ඇති ඉහළම මිල විය හැකි බවටත් සැක කෙරේ. මෙම දැඩි මිල ඉහළ යාමට හේතුවක් ලෙස, චීනය සහ අමෙරිකාව අතර තද වන වෙළඳ යුද්ධය හා එය මත ඇතිවන ආර්ථික අනතුරු […]

Local News
April 10, 2025
120 views 0 secs 0

විදෙස් ගමන් බලපත්‍ර සඳහා ටෝකන් නිකුත් කිරීම සීමා කෙරේ…

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් 2025 අප්‍රේල් මස 15, 16 සහ 17 දිනවලදී එක්දින සහ සාමාන්‍ය සේවා සඳහා ටෝකන්පත් නිකුත් කිරීම දවල් 12.00ට අවසන් වන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එමෙන්ම, සාමාන්‍යයෙන් එක්දින සේවාව සඳහා ක්‍රියාත්මක වන පැය 24 සේවාව ද මෙම දිනයන් තුළ ක්‍රියාත්මක නොවන බවද දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත. මෙම සීමා […]

Local News
April 10, 2025
124 views 0 secs 0

සිරි දළදා දැක්ම සඳහා විශේෂ පෝලිම් හෝ ප්‍රවේශ පත්‍ර නැහැ – අස්ගිරි මහා විහාර පාර්ශ්වය

පොදු ජනතාව සඳහා පැවැත්වෙන සිරි දළදා දැක්මට එක්වීම සඳහා කිසිඳු විශේෂ පෝලිම් හෝ විශේෂ ප්‍රවේශ පත්‍ර නොමැති බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්දාභිදාන නායක ස්වාමීන්වහන්සේ පැවසීය. අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ පවසා සිටියේ, මෙවර දළදා දැක්මට සහභාගී වන්නට අවශ්‍ය සැමට පවතින පොදු පෝලිම් භාවිතයෙන්ම […]

Local News
April 10, 2025
108 views 3 secs 0

මියන්මාර ජනතාවට ඇමරිකානු ඩොලර් මිලියනයක ආධාරයක්…

භූ කම්පනයකට ලක්ව විපතට පත් වූ මියන්මාර ජනතාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක මුදල් ආධාරයක් ලබාදීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති අතර, එයට අදාළ චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනි මාලර් තන් ටයික් මහත්මිය වෙත අද (10) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිරිනමන ලදී. වර්තමාන ආර්ථික අර්බුදයක නිරතව සිටින ශ්‍රී […]

Local News
April 10, 2025
121 views 2 secs 0

වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ හා භෞත චිකිත්සක තනතුරු සඳහා තරඟ විභාගය එළඹෙන 27 දින…

වෛද්‍ය කර්මය සඳහා වන පරිපූරක වෘත්තීන් ලෙස වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ සහ භෞත චිකිත්සක තනතුරු සඳහා අනුස්ථාපන හා සමායෝජන පාඨමාලා සදහා උපාධිධාරීන් බඳවා ගැනීමේ තරඟ විභාගය 2025 අප්‍රේල් මස 27 වන ඉරුදින පැවැත්වීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන II) චාමික එච්. ගමගේ මහතා සඳහන් කළේය. මෙම තරඟ විභාගය සඳහා […]

Local News
April 10, 2025
106 views 0 secs 0

පක්ෂ නායක හමුව සාර්ථකව අවසන් වෙයි..

ඇමෙරිකාව විසින් පැනවූ නව තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකය මත ඇතිවිය හැකි බලපෑම් හා ඒ හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක හමුවක් අද (10) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙම හමුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමක් අනුව ජනාධිපතිවරයා විසින් මෙය කැඳවනු ලැබීය. අදාළ තීරු බදු තත්ත්වය […]

Local News
April 09, 2025
123 views 0 secs 0

අමාත්‍ය කෝසල නුවන්ගේ පුරප්පාඩුව සඳහා සමන්ත රණසිංහ මහතා නම් කෙරේ…

අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීරගේ මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන්ත රණසිංහ මහතාව නම්කළ බව මැතිවරණ කොමිසම පවසයි. සමන්ත රණසිංහ මහතා 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය රඹුක්කන ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය.

Local News
April 09, 2025
96 views 0 secs 0

ජනපති පක්ෂ නායක රැස්වීමක් කැඳවයි..

අමෙරිකානු තීරුබදු බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍ය බිමල් රත්නායක මේ බව සඳහන් කර සිටි අතර එහිදී ඔහු පවසා ඇත්තේ අද උදෑසන විරුද්ධ පක්ෂ නායකයින් 12 දෙනෙකු මෙම ගැටලුව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය […]