Local News
April 30, 2025
217 views 0 secs 0

අද (30) මධ්‍යම රාත්‍රිය සිට ඉන්ධන මිල පහලට….

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් අඩු කර රු. 293ක් ලෙස නව මිල ගණන් තීරණය කර ඇත. ඔක්ටේන් 95 පෙට්‍රල් සඳහා ලීටරයකට රුපියල් 20ක අඩුකිරීමක් සිදු කර ඇති අතර එහි නව […]

Local News
April 30, 2025
199 views 3 secs 0

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම්වරයා පාකිස්ථාන යුද්ධ හමුදා ප්‍රධානි හමුවෙයි…

මේ දින වල පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්ථාන ද්විපාර්ශ්වික ආරක්‍ෂක සංවාදයට සමගාමිව, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහ පාකිස්ථාන යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් Asim Munir අතර පසුගියදා (අප්‍රේල් 29) දින සාකච්ඡාවක් පවත්වනු ලැබිය.මෙම අවස්ථාවට ආරක්‍ෂක ලේකම්වරයා සමඟින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ […]

Local News
April 29, 2025
205 views 4 secs 0

IMF එකඟතාවය සඳහා විදුලි මිලකරණය නැවත ස්ථාපිත කිරීම අත්‍යවශ්‍යයි – එවන් පැපජෝර්ජියෝ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසා ඇත්තේ, මූල්‍ය අවදානම අවම කිරීම සඳහා හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කිරීම ශ්‍රී ලංකාව සිදු කළ යුතු මූලික පියවරක් බවයි. මෙය IMF වෙතින් ලබා දී ඇති විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනය සම්පූර්ණ කිරීම සඳහා අත්‍යවශ්‍ය පියවරයකි. IMF විසින් […]

Local News
April 29, 2025
227 views 15 secs 0

මෙම සතියේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් නිකුත් කෙරේ

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සෑම සතියකම නිකුත් කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසයන් මෙම සතිය සඳහා ද නිකුත් කර තිබේ. එහි අනුව, පහත ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් මෙසේය: පාරිභෝගික අධිකාරිය මගින් නිකුත් කරන මෙම මිල පරාසයන් සතිපතා යාවත්කාලීන කෙරෙයි.

Local News
April 29, 2025
199 views 0 secs 0

බෝ නොවන රෝග පිළිබඳ නවතම සමීක්ෂණයක් මෙම වසරේදී

ශ්‍රී ලංකාවේ දියවැඩියා, අධි රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් නවතම සමීක්ෂණයක් මෙම වසරේදී සිදු කිරීමට නියමිතය. මෙය සම්බන්ධ සාකච්ඡාවක් අද (29) පැවැත්වුණු අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරන විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය පැවසුවේ, මෙම සමීක්ෂණයෙන් ලබාගන්නා දත්ත ශ්‍රී ලංකාවේ නව සංවර්ධන ඉලක්ක සකස් කිරීමටත්, ඉදිරි සෞඛ්‍ය […]

Local News
April 29, 2025
204 views 0 secs 0

ලංගම උප සභාපතිවරයෙකු අත්අඩංගුවට…

කතරගම පිහිටි රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්. ඒ විමලරත්න මහතා ඇප මත මුදාහැරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබේ.

Local News
April 28, 2025
237 views 2 secs 0

2024 අපොස උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීම මැයි 02 සිට…

2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ලබන මැයි මස 02 සිට 16 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා https://onlineexams.gov.lk/eic වෙබ් සබැඳිය ඔස්සේ කටයුතු කළ යුතු බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Local News
April 28, 2025
200 views 0 secs 0

ගායන ශිල්පී සමන් ද සිල්වා මහතාගේ අවසන් කටයුතු අඟහරුවාදා…

වේගරිද්ම ගීත ඇතුළු ගීත රැසකින් මෙරට ශ්‍රාවකයා මෙන්ම ප්‍රෙක්ෂකයාද පිනවූ ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා ඊයේ (27) අලුයම සිය ජීවන ගමනට සමුදුන් අතර එම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාවතාවත්ත සුසාන භූමියේදී එළැඹෙන අඟහරුවාදා සිදුකිරීමට නියමිතය. ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට 68 වැනි වියෙහි පසුවුණි. නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තණ නිල්ල දිගේ […]

Local News
April 28, 2025
239 views 0 secs 0

සිරි දළදා වන්දනාව සඳහා පැමිණි සැදැහැවතුන්ගේ ගමන්මලු ලබාදීමට වැඩ පිළිවෙලක්…

සිරි දළදා වන්දනාව සඳහා පැමිණි සැදැහැවතුන්ට අයත්, මෙතෙක් භාර නොගත් ගමන්මලු නැවත ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා පැවසුවේ, එම ගමන්මලු අද (27) සහ හෙට (28) මහනුවර වැව රවුමේ ජෝයි බෝට්ටු සේවාව ක්‍රියාත්මක ස්ථානයේදී අනන්‍යතාව තහවුරු කර ලබාගත හැකි බවයි. එම වැඩපිළිවෙළ සිදු කෙරෙන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණයෙන් […]

Local News
April 28, 2025
207 views 0 secs 0

සිරි දළදා වන්දනාව වෙනුවෙන් නිවාඩු දුන් පාසල් යළි ආරම්භ කෙරේ..

සිරි දළදා වන්දනාව වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් 24 ක් අද යළි ආරම්භ කෙරිණි. එමෙන්ම ජනතාවට පහසුකම් සැළසීමට හා ආරක්ෂක අංශවලට නවාතැන් පහසුකම් දීමට යොදාගත් පාසල් 37ක් විවෘත හෙට දින විවෘත යළි ආරම්භ වන බව වාර්තා වේ. දින 10 ක් පුරා පැවති සිරි දළදා වන්දනාව ඊයේ අවසන් වූ අතර ඒ සඳහා දිවයිනේ නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත […]