Local News
April 29, 2025
97 views 0 secs 0

බෝ නොවන රෝග පිළිබඳ නවතම සමීක්ෂණයක් මෙම වසරේදී

ශ්‍රී ලංකාවේ දියවැඩියා, අධි රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝග තත්ත්වයන් සම්බන්ධයෙන් නවතම සමීක්ෂණයක් මෙම වසරේදී සිදු කිරීමට නියමිතය. මෙය සම්බන්ධ සාකච්ඡාවක් අද (29) පැවැත්වුණු අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරන විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය පැවසුවේ, මෙම සමීක්ෂණයෙන් ලබාගන්නා දත්ත ශ්‍රී ලංකාවේ නව සංවර්ධන ඉලක්ක සකස් කිරීමටත්, ඉදිරි සෞඛ්‍ය […]

Local News
April 29, 2025
110 views 0 secs 0

ලංගම උප සභාපතිවරයෙකු අත්අඩංගුවට…

කතරගම පිහිටි රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්. ඒ විමලරත්න මහතා ඇප මත මුදාහැරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබේ.

Local News
April 28, 2025
119 views 2 secs 0

2024 අපොස උසස් පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීම මැයි 02 සිට…

2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ලබන මැයි මස 02 සිට 16 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා https://onlineexams.gov.lk/eic වෙබ් සබැඳිය ඔස්සේ කටයුතු කළ යුතු බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Local News
April 28, 2025
103 views 0 secs 0

ගායන ශිල්පී සමන් ද සිල්වා මහතාගේ අවසන් කටයුතු අඟහරුවාදා…

වේගරිද්ම ගීත ඇතුළු ගීත රැසකින් මෙරට ශ්‍රාවකයා මෙන්ම ප්‍රෙක්ෂකයාද පිනවූ ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා ඊයේ (27) අලුයම සිය ජීවන ගමනට සමුදුන් අතර එම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාවතාවත්ත සුසාන භූමියේදී එළැඹෙන අඟහරුවාදා සිදුකිරීමට නියමිතය. ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට 68 වැනි වියෙහි පසුවුණි. නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තණ නිල්ල දිගේ […]

Local News
April 28, 2025
147 views 0 secs 0

සිරි දළදා වන්දනාව සඳහා පැමිණි සැදැහැවතුන්ගේ ගමන්මලු ලබාදීමට වැඩ පිළිවෙලක්…

සිරි දළදා වන්දනාව සඳහා පැමිණි සැදැහැවතුන්ට අයත්, මෙතෙක් භාර නොගත් ගමන්මලු නැවත ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා පැවසුවේ, එම ගමන්මලු අද (27) සහ හෙට (28) මහනුවර වැව රවුමේ ජෝයි බෝට්ටු සේවාව ක්‍රියාත්මක ස්ථානයේදී අනන්‍යතාව තහවුරු කර ලබාගත හැකි බවයි. එම වැඩපිළිවෙළ සිදු කෙරෙන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණයෙන් […]

Local News
April 28, 2025
102 views 0 secs 0

සිරි දළදා වන්දනාව වෙනුවෙන් නිවාඩු දුන් පාසල් යළි ආරම්භ කෙරේ..

සිරි දළදා වන්දනාව වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් 24 ක් අද යළි ආරම්භ කෙරිණි. එමෙන්ම ජනතාවට පහසුකම් සැළසීමට හා ආරක්ෂක අංශවලට නවාතැන් පහසුකම් දීමට යොදාගත් පාසල් 37ක් විවෘත හෙට දින විවෘත යළි ආරම්භ වන බව වාර්තා වේ. දින 10 ක් පුරා පැවති සිරි දළදා වන්දනාව ඊයේ අවසන් වූ අතර ඒ සඳහා දිවයිනේ නන් දෙසින් ලක්ෂ සංඛ්‍යාත […]

Local News
April 27, 2025
120 views 0 secs 0

ගාල්ල ප්‍රදේශයේ ජලභීතිකාව වැළඳීමෙන් පාසල් සිසුවෙකු මරුට…

ගාල්ලේ හත් හැවිරිදි පාසල් සිසුවෙකු ජලභීතිකාව (රේබිස්) වැලඳීමෙන් අද (27) ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ සිසුවා 24 වනදා අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, මාසයකට පමණ පෙර නිවසේ සුරතලයට ඇති කරන බලු පැටවෙකු මුහුණ ප්‍රදේශය පහුරු ගා ඇති බව පසුව අනාවරණය වී ඇත. පසුව ජලයට හා සුළඟට බියවීම වැනි ලක්ෂණ දැක්වීමත් සමඟ […]

Local News
April 27, 2025
115 views 0 secs 0

ගාලු කොටුවේ ගල් බැම්මෙන් ඇද වැටී සිසුවෙක් මරුට…

ගාල්ල කොටුවේ ගල් බැම්මේදී සිදුවූ අනතුරකින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 21 හැවිරිදි ශිෂ්‍යයෙකු වූ ජනිත් ගමගේ ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් වාර්තා අනුව, ඔහු ඊයේ (26) රාත්‍රී 7.40ට පමණ මිතුරන් සමඟ විනෝද වීම සඳහා ගාල්ල කොටුව පැමිණි අවස්ථාවේදී, ගල් බැම්මේ සිට මුහුදට පනිමින් ක්‍රීඩා කරන ස්ථානයෙන් ඇද වැටී මෙම අනතුරට මුහුණ දී ඇති බව වාර්තා වේ. ඇදවැටීමෙන් […]

Local News
April 27, 2025
106 views 4 secs 0

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි…

2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන අතර www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැක. 2024 උසස් පෙළ විභාගය පසුගිය වසරේ නොවැම්බර් මස 25 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2312කදී පැවැත්වුණි. විභාගය සඳහා සමස්ත අයඳුම්කරුවන් 274,361ක් පෙනී සිටි අතර ඊට පාසල් අයදුම්කරුවන් 222,774ක් […]

Local News
April 25, 2025
104 views 0 secs 0

කාළගුණ වාර්තාව..

අද (25) කාලගුණ වාර්තාවට අනුව, අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව වාර්තා වේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. එම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 […]