Local News
May 14, 2025
172 views 0 secs 0

රන් මිල පහලට

මෙරට රන් මිල රුපියල් 6,000කින් පමණ පහත වැටී ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි. අද (14) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 240,500ක් ලෙස සටහන් වූ අතර, එය පසුගිය සෙනසුරාදා දිනයේදී රු. 246,000ක් ලෙස පැවතිය. මේ අතර “කැරට් 24” රන් පවුමක මිලද සෙනසුරාදා රු. 266,000ක් ලෙස පැවති අතර අද […]

Local News
May 14, 2025
172 views 0 secs 0

ලැයිස්තු මඟින් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් දින 7ක් ඇතුලත නම්කර එවීමට මැතිවරණ කොමිසමෙන් දැනුම්දෙයි

පළාත් පාලන ඡන්ද විමසීමෙන් එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් ලබා ගත් ඡන්ද ප්‍රතිඵල අනුව, ලැයිස්තු මගින් තේරී පත්වන මන්ත්‍රීවරුන්ගේ නම් දින 07ක් ඇතුළත නම්කර එවීමට මැතිවරණ කොමිසම දැනුම් දී ඇත. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ඒ සඳහා අදාල දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට සහ ස්වාධීන කණ්ඩායම්වල නායකයින්ට නිල වශයෙන් දැනුම්දීමක් සිදු කර ඇති බවයි. […]

Local News
May 14, 2025
167 views 0 secs 0

කොත්මලේ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූවන්ට ජනාධිපති අරමුදලින් මුදල් නිකුත් කෙරේ…

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පසුගිය දිනවල සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් නිකුත් කරන ලද මුදල් මේ වනවිට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත, මෙම අනතුරෙන් මිය ගිය එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් […]

Local News
May 14, 2025
162 views 3 secs 0

ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීමට ජාතික මට්ටමේ වැඩසටහනක් …

මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීමේ අරමුණින් දිවයින පුරා ඇති ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීමට ජාතික මට්ටමේ වැඩසටහනක් අද (14) ජනාධිපති කාර්යාලයේදී ආරම්භ විය. මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්ය සාධක බලකාය, බලශක්ති අමාත්‍යාංශය සහ ප්‍රධාන ඉන්ධන සපයන්නන් වන ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා IOC, සිනොපෙක් එනර්ජි ලංකා සහ RM […]

Local News
May 14, 2025
172 views 0 secs 0

නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු හා අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක්…

තානාපති කාර්යාල සහ මහකොමසාරිස් කාර්යාල හතකට පත්ව සිටින නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු අද විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවිය. මෙම හමුව පැවැත්වුණේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදීය. ඒ අවස්ථාවේදී අමාත්‍ය විජිත හේරත් මහතා රජයේ ඉලක්ක සහ අභිලාෂයන් නව තානාපතිවරුන්ට සහ මහකොමසාරිස්වරුන්ට පැහැදිළි කළේය. ඒ අතර ඔවුන් තමන්ගේ සේවා කාලය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත සැලසුම් සහ වැඩපිළිවෙල […]

Local News
May 08, 2025
158 views 0 secs 0

නව විභාග කොමසාරිස් ජනරාල් පත් කිරීමට කැබිනට් අනුමැතිය….

විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ඇති බව වාර්තා වේ. මෙම පත්වීම සිදුකෙරෙන්නේ හිටපු විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. ඒ. ජයසුන්දර මහතාගේ සේවා කාලය 2025 මැයි 06 දිනෙන් අවසන් වූ පසු ය. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය දැනටමත් ශ්‍රී ලංකා විභාග […]

Local News
May 08, 2025
158 views 0 secs 0

මෙරට ළමුන් අතර තැලසිමියා රෝග වර්ධනයක්…

මෙරට ළමුන් 2000ත් 2500ත් අතර පිරිසක් තැලසිමියා රෝගයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිද්දි සමරකෝන් මහත්මිය පැවසුවේ, වසරකට උපත ලබන ළමුන්ගෙන් 40ත් 50ත් අතර පිරිසක් තැලසිමියා රෝගීන් ලෙස හඳුනාගෙන ඇති බවය. තවද, රෝග වාහකයින් ලක්ෂ 5කට ආසන්න සංඛ්‍යාවක් මෙරට සිටින බවද, ජාත්‍යන්තර තැලසිමියා දිනය […]

Local News
May 08, 2025
167 views 0 secs 0

විල්පත්තු හරහා අධිවේගී මාර්ගය ඉදිනොකිරීමට තීරණයක්…

විල්පත්තු අභයභූමිය හරහා යාමට යෝජනා කර තිබූ අධිවේගී මාර්ගය ඉදිකිරීම සිදු නොකරන බවට බලධාරීන් තීරණය කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඊයේ (07) දින දැනුම් දී ඇත.

Local News
May 08, 2025
162 views 0 secs 0

විදුලි ගාස්තු සංශෝධනයට අදාලා යෝජනා එළැඹෙන සතිය තුල ලබා දීමට පියවර…

මේ වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනය සඳහා අදාළ යෝජනා ලබන සතිය තුළ ලබාදෙනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසා ඇති අතර, එම සංශෝධනය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි. කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ, ජුනි සහ ජුලි මාසවල විදුලි ගාස්තු වෙනස්වීමක් සිදුවීමට ඇති අවස්ථාවක් ඇති බැවින්, එයට අදාළ යෝජනා මැයි […]

Local News
May 08, 2025
146 views 0 secs 0

ලංකාවට ඩොලර් බිලියනයක ආධාර පැකේජයක් ලබාදීමට ලෝක බැංකුවේ සූදානමක්..

මෙරට සංචාරයක නිරත ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා ශ්‍රී ලංකාව සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක ආධාර පැකේජයක් ලබාදීමට සූදානම් බව සඳහන් කර තිබේ. ලෝක බැංකු සමූහය නිකුත් කළ නිවේදනයක් අනුව, වසර තුනක් තුළ මෙම ආධාරය ලබාදීම නියමිතය. එමඟින් බලශක්ති, කෘෂිකර්මාන්ත, සංචාරක හා කලාපීය සංවර්ධන ක්ෂේත්‍ර අවධානයට ගනිමින් රැකියා හා ආයෝජන වර්ධනය කර ගැනීමට උත්සාහ ගන්නා […]