Local News
May 19, 2025
109 views 0 secs 0

මිහිඳු සෙත් මැදුරෙහි නීවාසිකව සිටින රණවිරුවන් බැහැ දැකීමට ගිය ජනපති…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ අත්තිඩියෙහි පිහිටි “මිහිඳු සෙත් මැදුර” සුවතා නිකේතනය වෙත පිවිසි අතර, එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ තත්වය පිළිබඳව සෙවීමෙන් අනතුරුව ඔවුන් සමඟ හෘදයාංගම සංවාදයක නිරතවිය. ජනාධිපතිවරයා, රණවිරුවන්ගේ සිතුවිලි හා නිර්මාණ නැරඹීමටද කාලය වෙන් කරමින්, තිස් වසරක් පුරා පැවති යුද්ධය හේතුවෙන් දෙපාර්ශ්වයේ පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් සිය ජීවිතය, අංගයන් සහ […]

Local News
May 18, 2025
110 views 0 secs 0

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය අවසන්…..

දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමින් ආරම්භ කළ සංකේතාත්මක වැඩවර්ජනය ඊයේ (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන ලදී. එම නිසා අද (18) සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවනු ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසීය. මේ වැඩවර්ජනය ක්‍රියාත්මක වුයේ 16 වැනි රාත්‍රියේ සිට පැය 24ක කාලයක් සඳහා වන අතර එය දුම්රිය සේවා වලට […]

Local News
May 18, 2025
122 views 0 secs 0

යුධ ජයග්‍රහණයට වසර 16ක් – ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය හෙට…

2009 මැයි 18 වනදා මෙරට දශක තුනකට අධික කාලයක් පවතිූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය නිමා වූයේ නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ආරක්ෂක අංශ විසින් ජිවිතක්ෂයට පත් කිරීමෙනි. එදින මෙරට ඉතිහාසයේ නව යුගයක් ඇරඹිය හැකිවූ අතර, අද (18) දිනට එම ජයග්‍රහණයට වසර 16ක් සපිරේ. මෙරට ආරක්ෂක අංශවල විශිෂ්ට මෙහෙයුම් මගින් ලොව විශාලතම මානුෂීය මෙහෙයුමක් ලෙස සටහන් වන්නට […]

Local News
May 16, 2025
108 views 1 sec 0

ජනාධිපති හා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන්, ආයතන ප්‍රධානීන් අතර හමුවක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් හා අදාළ ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. රජයේ ප්‍රමුඛ සංවර්ධන උපායමාර්ගයක් වන ඩිජිටල් ආර්ථික සංවර්ධනයට අදාළ මාර්ග සිතියම යටතේ සැලසුම් කරන ලද ප්‍රධාන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය. මෙම සාකච්ඡාවේදී ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබා දෙන […]

Local News
May 16, 2025
111 views 0 secs 0

නිෂ්පාදන ආර්ථිකය දිවයින පුරා සක්‍රීය කරමින් ග්‍රාමීය සංවර්ධනයට තවදුරටත් පෙරමුණ – ජනාධිපතිවරයා උපදෙස් දෙයි

නිෂ්පාදන ආර්ථිකය දිවයින පුරා පුනරුජීවනය කරමින්, ග්‍රාමීය සංවර්ධනයට සක්‍රීයව මැදිහත්වන ලෙස දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට උපදෙස් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී තීරණය කළේය. මෙම සාකච්ඡාව සඳහා දිස්ත්‍රික් සභාපතිවරුන්ට එක්වී තිබුණු අතර, මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද සහභාගි විය. සාකච්ඡාවේ ප්‍රධාන අවධානයක් වූයේ 2024 අයවැයෙන් නිෂ්පාදන ආර්ථිකයට […]

Local News
May 16, 2025
110 views 1 sec 0

වෘත්තිමය පුහුණුවක් සහතිකයක් සහිතව සංචාරක මග පෙන්වන්නන් සදහා වැඩසටහනක් ආරම්භ කෙරේ

සංචාරක මග පෙන්වන්නන් ලෙස වන සංරක්ෂණ මාර්ගෝපදේශකයින් ලෙස කටයුතු කිරීමට වෘත්තිමය පුහුණුවක්, සහතිකයක් සහ හැදුනුම්පතක් ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර අද (16) පරිසර අමාත්‍යාංශයේදී ආරම්භ විය. මෙම අවස්ථාවට නකල්ස් ලෝක උරුම වනාන්තරය ආශ්‍රිතව මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලින් ලියාපදිංචි වූ පුහුණුලාභීන් 62 දෙනෙකුගෙන් 38 දෙනෙකුට සහතිකපත් ප්‍රදානය කෙරුණි. අවිධිමත් සංචාරක ක්‍රියාකාරකම්—ගිනි දැල්වීම, කසල බැහැර කිරීම, අධික ශබ්ද […]

Local News
May 16, 2025
104 views 0 secs 0

සියලු රාත්‍රි තැපැල් දුම්රිය අවලංගු කෙරේ…

රටවටා ධාවනය වන සියලු රාත්‍රි තැපැල් දුම්රිය සේවාවන් මේ වනවිට අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Local News
May 16, 2025
105 views 2 secs 0

2025 මාර්තු කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය රු. බිලියන 18.47 ක අලාභයක්…

2025 මාර්තු 31 වනදා අවසන් වූ මූල්‍ය කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 18.47ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තාව පෙන්වා දෙයි. මෙය විශේෂ තත්ත්වයක් ලෙස සැලකෙන්නේ, 2024 දෙසැම්බර් කාර්තුව දක්වා අඛණ්ඩව කාර්තු පහක් පුරා ලාභ ලබාගෙන සිටි පසුබිමක මෙලෙස අලාභයකට පත්වීමයි. 2024 මාර්තු කාර්තුවේ දී රුපියල් බිලියන 84.67ක ලාභයක් වාර්තා […]

Local News
May 16, 2025
112 views 0 secs 0

හැටන්–කොළඹ ප්‍රධාන මාර්ගයේදී කැබ් රථයක් අනතුරට ලක්වෙයි..

අලිගැටපේර ප්‍රවාහනය කරමින් සිටි කැබ් රථයක් හැටන්–කොළඹ ප්‍රධාන මාර්ගයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ පහළට පෙරළී අනතුරකට ලක්ව තිබේ. අද (16) අලුයම 4ට පමණ හැටන් ස්ත්‍රැඩන් වත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් රියදුරා සහ කැබ් රථයේ ගමන්කළ පුද්ගලයෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි හැටන් පොලීසිය පවසයි. මෙම කැබ් රථය, […]

Local News
May 16, 2025
105 views 0 secs 0

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනයක්…

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ. මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.