Local News
May 16, 2025
127 views 0 secs 0

සියලු රාත්‍රි තැපැල් දුම්රිය අවලංගු කෙරේ…

රටවටා ධාවනය වන සියලු රාත්‍රි තැපැල් දුම්රිය සේවාවන් මේ වනවිට අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Local News
May 16, 2025
128 views 2 secs 0

2025 මාර්තු කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය රු. බිලියන 18.47 ක අලාභයක්…

2025 මාර්තු 31 වනදා අවසන් වූ මූල්‍ය කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 18.47ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තාව පෙන්වා දෙයි. මෙය විශේෂ තත්ත්වයක් ලෙස සැලකෙන්නේ, 2024 දෙසැම්බර් කාර්තුව දක්වා අඛණ්ඩව කාර්තු පහක් පුරා ලාභ ලබාගෙන සිටි පසුබිමක මෙලෙස අලාභයකට පත්වීමයි. 2024 මාර්තු කාර්තුවේ දී රුපියල් බිලියන 84.67ක ලාභයක් වාර්තා […]

Local News
May 16, 2025
134 views 0 secs 0

හැටන්–කොළඹ ප්‍රධාන මාර්ගයේදී කැබ් රථයක් අනතුරට ලක්වෙයි..

අලිගැටපේර ප්‍රවාහනය කරමින් සිටි කැබ් රථයක් හැටන්–කොළඹ ප්‍රධාන මාර්ගයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ පහළට පෙරළී අනතුරකට ලක්ව තිබේ. අද (16) අලුයම 4ට පමණ හැටන් ස්ත්‍රැඩන් වත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් රියදුරා සහ කැබ් රථයේ ගමන්කළ පුද්ගලයෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි හැටන් පොලීසිය පවසයි. මෙම කැබ් රථය, […]

Local News
May 16, 2025
127 views 0 secs 0

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනයක්…

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ. මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Local News
May 16, 2025
126 views 0 secs 0

විපක්ෂයේ පක්ෂ ලේකම්වරුන් හා සජිත් ප්‍රේමදාස මහතා අතර හෙට විශේෂ හමුවක්….

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග හෙට (17) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට විපක්ෂයේ පක්ෂ ලේකම්වරුන් එකඟ වී ඇත. කොළඹ පිහිටි පෞද්ගලික හෝටලයකදී ඊයේ (15) රාත්‍රියේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර, එහිදී පක්ෂ ලේකම්වරුන්ගේ එකඟතාවයත් ලැබී තිබේ. පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණයේදී කිසිදු පක්ෂයක් සභාපති තනතුර සඳහා අවශ්‍ය […]

Local News
May 15, 2025
145 views 1 sec 0

ශ්‍රී ලංකා-පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයට නව සභාපතිවරයෙකු තේරී පත් වේ…

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ශ්‍රී ලංකාවේ දහවන පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා-පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් වී තිබේ. පාර්ලිමේන්තු ප්‍රකාශයකට අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා සංගමයේ ලේකම්වරයා ලෙස තේරී පත් විය. සංගමයේ පුනර්ජීවන රැස්වීම මෑතකදී (මැයි 09) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පාර්ලිමේන්තු කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් […]

Local News
May 15, 2025
136 views 0 secs 0

ජනපති හා පළාත් ආණ්ඩුකාරවරුන් අතර හමුවක්..

දූෂණය සහ අක්‍රමිකතා වළක්වා ගැනීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් දැනටමත් ක්‍රියාත්මක වන විමර්ශන ඒකකවලට අමතරව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන මට්ටමින්ද එවැනි ඒකක ස්ථාපනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුමැතිය ලබාදී ඇත. මෙම තීරණය ගත්යේ අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා සහ සෑම පළාත් ආණ්ඩුකාරවරෙකුම එක්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය. එහිදී ආණ්ඩුකාරවරුන් විසින් ඉදිරිපත් කළ […]

Local News
May 15, 2025
145 views 0 secs 0

ජනපති හා නව දූත මණ්ඩල ප්‍රධානීන් පිරිසක් අතර හමුවක්…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා නව දූත මණ්ඩල ප්‍රධානීන් පිරිසක් අතර පැවැත්වුණා. මෙම හමුවට එක්සත් ජාතීන්ගේ නිව්යෝර්ක් කාර්යාලයේ ශ්‍රී ලංකාවේ නව නිත්‍ය නියෝජිතයා වන් ජයන්ත ජයසූරිය මහතා, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් මහේෂිනී කොලොන්නේ මහත්මිය, පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න මහතා, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් නිමල් සේනාධීර මහතා, කියුබාවේ […]

Local News
May 15, 2025
146 views 0 secs 0

ලුණු ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය…

ලුණු ආනයනයට අදාළ සීමා ලිහිල් කරමින්, එම ආනයනය සඳහා අවසර ලබාදීමට අද (15) රැස් වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව ජූනි මස 10 වැනිදා දක්වා ලුණු ආනයනය සඳහා අවසර හිමිවනු ඇති අතර, කර්මාන්ත වශයෙන් භාවිතය සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකළ ලුණු සහ ආහාරයට ගන්නා අයඩිනීකරණය කළ ලුණු ආනයනය සඳහාද මෙහිදී අවස්ථාව ලබාදී ඇත.

Local News
May 15, 2025
136 views 0 secs 0

විභාග කොමසාරිස් ජනරාල් ධූරයට පත් වූ ප්‍රථම කාන්තාව…

එකොළොස් වන විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස පත්වීම් ලැබූ ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය අද (15) නිල වශයෙන් තම රාජකාරි ආරම්භ කළාය. මෙරට විභාග කොමසාරිස් ජනරාල් ධුරය දැරූ ප්‍රථම කාන්තාව ලෙස ඇය ඉතිහාසයට එක්වෙයි. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 2005 කණ්ඩායමේ සාමාජිකාවක් වන ඇය, විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක්ද වේ. නව විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස පත්වීමට […]