Local News
May 07, 2025
208 views 1 sec 0

ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා සහ ජනාධිපති අනුර දිසානායක අතර විශේෂ සාකච්ඡාවක්…

ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමනට ලෝක බැංකුවේ සහය ගැන වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා එම සංවිධානයේ සභාපති අජේ බංගා (Ajay Banga) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමක් අද (07) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී සිදු විය. වසර 20කට පසුව ශ්‍රී ලංකාවට පැමිණි පළමු ලෝක බැංකු සභාපතිවරයා ලෙස අජේ බංගා මහතාගේ සංචාරය විශේෂ වැදගත්කමක් ලබාගෙන තිබේ. මෙම හමුවේදී, ශ්‍රී […]

Local News
May 07, 2025
207 views 0 secs 0

කෙහෙළිය 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ…

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් ⁣හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අමාත්‍යවරයා ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අධිකරණයෙන් නියෝග කර තිබේ.

Local News
May 07, 2025
232 views 1 sec 0

පළාත් පාලන මැතිවරණය ජාතික ජන බලවේගයට සභිකධූර 3927ක්…

2025 පළාත් පාලන මැතිවරණයේ සියලුම ප්‍රතිඵල වලට අනුව ජාතික ජන බලවේගය (ණ්ඵ්ඵ්) පැහැදිලි ජයග්‍රහණයකට හිමිකම් කියයි. ජාතික ජන බලවේගය ඡන්ද 4,503,930 ක් (43.26%) ලබාගෙන සභිකධූර 3927 ක් දිනාගෙන ඇති අතර, මෙය වෙනස්කම් සහ නව ප්‍රතිපත්ති සඳහා ජනතාවගෙන් ලැබුණු ශක්තිමත් සහයක් ලෙස සැළකෙයි. ප්‍රධාන විපක්ෂ බලවේගය වන සමගි ජන බලවේගය (SJඹ්) ඡන්ද 2,258,480 ක් (21.69%) සහ […]

Local News
May 06, 2025
223 views 13 secs 0

2025 පළාත් පාලන මැතිවරණ ප්‍රථිපල…

2025 මැයි 6 වන දින පැවති පළාත් පාලන මැතිවරණයේ මෙතෙක් ලැබී ඇති ප්‍රථිඵල. තංගල්ල නගර සභාවජාතික ජන බලවේගය – 2260සමගි ජන බලවේගය – 1397ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 795 හපුතලේ නගර සභාවස්වාධීන කණ්ඩායම 01 – 1038 සභික (05)ජාතික ජන බලවේගය – 844 සභික (04)සමගි ජන බලවේගය – 374 සභික (02) හම්බන්තොට මහ නගර සභාවජාතික ජන […]

Local News
May 06, 2025
207 views 0 secs 0

පොලිස් කොස්තාපල්වරයෙකු දිවි නසා ගනී…

අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු, සිය රාජකාරී ගිනි අවිය භාවිතයෙන් අද (06) අලුයම සිය දිවි හානිකරගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ, අලුයම 5.15ට පමණ එම පොලිස් ස්ථානයේ මුර කුටිය තුළදි මෙම සිදුවීම සිදුවී ඇති බවයි. මියගොස් ඇත්තේ බිබිල ප්‍රදේශයේ පදිංචි, වයස අවුරුදු 59ක් වූ පොලිස් කොස්තාපල්වරයෙකු බවද වාර්තා වේ. පදියතලාව […]

Local News
May 06, 2025
205 views 0 secs 0

කටුනායක, 18 කණුව ප්‍රදේශයේ වෙඩි තැබීමක්…

කටුනායක, 18 කණුව ප්‍රදේශයේ අද (06) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. පස්වරු 10ට පමණ කිසියම් පුද්ගලයෙකු කලහකාරී ලෙස හැසිරෙන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට අදාළ ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී ඔහු පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී ඇත. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය, […]

Local News
May 06, 2025
202 views 0 secs 0

ලෝක බැංකු සභාපති හෙට දිවයිනට…

ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා හෙට (07) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බව වාර්තා වෙයි. වසර 20කට පසු ලෝක බැංකු සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණීම මෙය වන අතර, එය විශේෂත්වයකි. මෙවර සංචාරය සඳහා ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහතා, සහ රජයේ හා පුද්ගලික අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් හමුවීමට නියමිතය. මෙම හමුවීම්වලදී ශ්‍රී […]

Local News
May 05, 2025
198 views 0 secs 0

පළාත් පාලන මැතිවරණයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්…

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අද (මැයි 05) උදෑසන ආරම්භ වූ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළට අනුව දිවයින පුරා විශාල පොලිස් බලකායක් යොදවන ලදී. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ, සම්පූර්ණ දිවයින පුරා ජංගම මුර සංචාර 3,216ක් ක්‍රියාත්මක වන අතර, ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 65,000ක් බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අවශ්‍යතාවයක් […]

Local News
May 05, 2025
217 views 0 secs 0

ගල්කිස්ස වෙරළ පාරේදී වෙඩි තැබීමක්.. තරුණයෙකු ජීවිතක්ෂයට…

ගල්කිස්ස වෙරළ පාරේදී අද (මැයි 05) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ 19 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි. මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වන අතර, ඔවුන් මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් භාවිතයෙන් මෙම තරුණයාට වෙඩි තබා තිබේ. ඔහු තුවාල සහිතව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළද, ජීවිතය රැකගත නොහැකිව පසුව […]

Local News
May 05, 2025
233 views 0 secs 0

මැතිවරණය හේතුවෙන් ඇතැම් පාසල් 07 වැනිදාත් නිවාඩු – අධ්‍යාපන අමාත්‍යාංශය.

පළාත් පාලන ආයතන සඳහා පැවැත්වෙන මැතිවරණය හේතුවෙන්, අද (මැයි 05) සහ හෙට (මැයි 06) දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී ඇත. නමුත් මැයි 07 වැනිදා (බදාදා) මැතිවරණයෙන් පසු දිනයේදී, දේශීය මට්ටමේ මැතිවරණ කටයුතු සඳහා යොදා නොගත් පාසල් යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්, ඡන්ද විමසීම සඳහා යොදාගත් සහ පිරිසිදු කිරීමේ […]