Monthly Archives: March 2022
දෙමළ සහ සිංහල අලුත් අවුරුදු සමයේ සහල් කිලෝවක මිල රුපියල් 300 දක්වා ඉහළ යනු ඇති බවත්, සහල් මිලදී ගැනීම් සඳහා පෝලිමේ රැඳී සිටීමේ අවදානමක් පවතින බවත්, එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා අනතුරු ඇඟවීමක් සිදු කර සිටියා.
රට තුළ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම අත්හිටුවා ඇති බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කර ඇත.
ඉන්දීය ණය මාර්ගය යටතේ තවත් ඉන්ධන මෙට්‍රික් ටොන් 34,000ක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය. 2022 මාර්තු 31 වන දින ඉන්ධන දිවයිනට ලබා දෙන බව අමාත්‍යවරයා පැවසීය.ධීවරයින් සඳහා ඉන්ධන සහන ලබාදීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවද ලොකුගේ මහතා වැඩිදුරටත් පැවසීය.
බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව සඳුදා (28) කොළඹදී සාකච්ඡා සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවිය. ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ ඉන්දියාවේ සහාය ප්‍රතිචාරය පිළිබඳව තමන් සාකච්ඡා කළ බව ආචාර්ය ජයශංකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
හෙට (28) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව හෙට P Q R S T U V W කලාප සඳහා දිවා කාලයේ පැය 2 යි විනාඩි 15ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 50ක්ද, A B C D E F G H I J K L කලාප […]
වසර 54 කට පසුව රත්මලාන ගුවන්තොටුපොළ යළි ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත් කර තිබෙන අතර අද(27) මාලදිවයින සිට පළමු ගුවන් යානය ගුවන් තොටුපොළට පැමිණියා.
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා අද (27) දිවයිනට පැමිණ තිබේ.ඔහු හෙට (28) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ශ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ශ මහතා හා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා හමුවීමට නියමිත බව වාර්තා වේ.
හෙට (27) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව හෙට P Q R S T U V W කලාප සඳහා සවස 03 සිට රාත්‍රී 11 දක්වා අතර කාලයේ දී පැය 2ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන අතර A B C D E F G H I J K L […]
සිපෙට්කෝ ඉන්ධන මිල හා සමානව ඓOC මිල ද පවත්වා ගන්නැයි මීට පෙර එම සමාගමට දැනුම් දී තිබියදීත් ලංකා ඓOC සමාගම යළිත් පෙට්‍රල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඊයේ(25) රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් පනත ප්‍රකාරව ගත හැකි ක්‍රියාමාර්ග කවරේද යන්න අමාත්‍යාංශ ලේකම්වරිය හා වාර්තාවක් […]
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව පැවති වාර්ෂික රග්බි තරගයෙන් ලකුණු 17ට 14ක් ලෙස ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ජය හිමිවිය.
