Yearly Archives: 2022
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තාවකාලිකව රැඳී සිටීම සඳහා තායිලන්තයට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ සොහොයුරු නිහාල් වෙදආරච්චි මැයි 09 කළහකාරී සිද්ධීන්ට අදාලව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා..
ඊයේ කොවිඩ් 19 ආසාදිත මරණ ගණන 02ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කරන ලදී. මියගිය පුද්ගලයින් දෙදෙනාම වයස අවුරුදු 60ට වැඩි අය බව වාර්තා වේ.
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට යන ජනතාව වෙනුවෙන්, මගී තදබදය අවම කිරීමේ අරමුණින් විශේෂ දුම්රිය දෙකක් ධාවනයට එක් කර තිබෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කර ස්ටියා. ඒ අනුව එක් දුම්රියක් අද පෙරවරු 10.00 ට කොළඹ කොටුවෙන් මහනුවර බලා ධාවනය වන අතර තවත් දුම්රියක් පස්වරු 2.30 ට කොළඹ කොටුවෙන් […]
ඊයේ (10) යුරෝපා සංගමයේ රටවල තානාපතිවරුන් පිරිසක් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවක් පැවැත් වූ අතර එහිදී සිවිල් සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ විසම්මුතිය ප්‍රකාශ කිරීමේ අයිතිය ඉතා වැදගත් බව අවධාරණය කර තිබේ. එමෙන්ම අභියෝගාත්මක කාලවලදී යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ හවුල්කරුවෙකු වන බව තානාපතිවරු නැවත අවධාරණය කළ අතරම […]
මෙතෙක් සිංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (11) තායිලන්තයට පැමිණීමට අපේක්ෂා කරන බව රෝයිටර් ජාත්‍යන්තර පුවත් සේවය වාර්තා කරනවා. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවෙන් පිටත්ව බ්‍රහස්පතින්දා තායිලන්තයේ බැංකොක් අගනුවරට යාමට අපේක්ෂා කරන බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ලෙස පත්කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අදාළ පත්කිරීමට සිදුකර ඇති අතර එම කවුන්සිලය සමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විතයි.
මෙම කාලය සිනමා කර්මාන්තයට ඉතාමත් අභියෝගාත්මක කාලයක් බව ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා ප්‍රකාශ කර සිටියා. අද (10) ජනමාධ්‍ය අමාථ්යංශයේදී ලාංකීය සිනමා කර්මාන්තය හා චිත්‍රපට සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වන ජාතික චිත්‍රපට සංස්ථාව නව්‍යකරණය කිරීමේ හා ජාතික සිනමා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ සැලසුම් පිළිබඳ පැවැත්ත් වූ සාකච්ඡවකට සම්බන්ධ වෙමින් ඔහු මේ බව […]
COVID-19 හේතුවෙන් 2022 අගෝස්තු 09 වන දිනට මරණ නවයක් (09) වාර්තා වී ඇත.මියගිය පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු සහ කාන්තාවන් 05 දෙනෙකු සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.මියගිය පිරිමින් සහ කාන්තාවන් සියල්ලෝම වයස අවුරුදු 60ට වැඩි අය වෙති.පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම Covid මරණ සංඛ්‍යාව මෙයයි
හිටපු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පනවා තිබෙන විදේශ ගමන් තහනම සැප්තැම්බර් 05 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් විසින් […]
