Yearly Archives: 2022
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලීට ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
සෑම මසකම 1 වනදා සහ 15 වනදා ඉන්ධන මිල සූත්‍රය අනුව මිල සංශෝධනයක් සිදු වන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටි අතර ඒ අනුව පසුගිය 1 වනදා සිදු කළ මිල සංශෝධනය අනුව ඩීසල් මිල රුපියල් 10කින් පහත දැමීමට රජය පියවර ගෙන තිබුණා.
හෙට (16) සිට විදුලි කප්පාදුව සිදුවන වේලාවන් දීර්ඝ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු ඒකකයේ බිඳවැටීම හේතුවෙන් එය ආපසු ගෙවීමට ආසන්න වශයෙන් දින 14ත් 16ත් අතර කාලයක් ගතවන බැවින් මෙය සිදු වූ බව එහි සඳහන් වේ. ඒ අනුව හෙට සිට පහත පරිදි පැය 3ක විදුලි කප්පාදුවක් සිඩු කරන […]
බූස්ස ප්‍රදේශයේදී “රුහුණු කුමාරි” දුම්රිය පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිට ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
අද දිනයේදී පැය 1 විනාඩි 20 ක කාලයක් විදුලිය විසන්ධි වන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.කලාප අනුව විදුලි කප්පාදුව මෙසේය.
දිවයින පුරා අද (15) දිනයේදී 100% ක බස්රථ ධාවනයක් සිදුකිරීමට සැලසුම් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේඅද සිට සතියේ දින පහ තුළම පාසල් පැවැත්වෙන බැවින් පෞද්ගලික බස් රථ ධාවනය යථා තත්වයට පත්කර ගැනීමට හැකිවනු ඇති බවයි .
බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවක් අද (13) රාත්‍රියේ මෙරටට ළඟා වන බවත්, එම බොරතෙල් තොගය පිරිපහදු කිරීමේ වැඩකටයුතු ලබන සතියේ මැද ආරම්භ කිරීමට නියමිත බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා. මෙම නෞකාවේ බොරතෙල් ප්‍රමිති පරීක්ෂාවක් හෙට දින සිදුවන අතර, මේ මස 23 සහ 29 […]
සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව චීන නෞකාවක් වන යුවාන් වැන්ග් 5 නෞකාව අගෝස්තු 16 සිට 22 දින දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් දැමීමට අවසර ලබා දුන් බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කර සිටියා. එමෙන්ම මෙරට මුහුදු සීමාව තුලදී කිසිදු විද්‍යාත්මක පර්යේෂණයක් සිදු නොකරන බවට එම පොරොන්දු වී තිබෙන බව වාර්තා වේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ඊයේ (12) දිනට තහවුරු කළ කොවිඩ් 19 ආසාදිතයින්ගේ මරණ ගණන 5ක් වන අතර අවුරුදු 60ට වැඩි පුරුශයන් 3න් දෙනෙක් හා කාන්තාවන් 2ක් ඒ අතර සිටි. එමෙන්ම අද (13) දිනට මේ දක්වා තහවුරු කරන ලද කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 181 බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමග සිය සබඳතාව පුළුල් කිරීම ප්‍රධාන අරමුණ කර ගනිමින්, මහ බැංකුවේ මෙතෙක් ක්‍රියාත්මක වූ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව සහ මූල්‍ය පද්ධති ස්ථායිතා උපදේශන කමිටුව ප්‍රතිස්ථාපනය කරමින් පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්ව කමිටුව ස්ථාපිත කර තිබේ. මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ, ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා කටයුතු කරන අතර පෞද්ගලික අංශයේ […]
