Yearly Archives: 2022
සඳුදා (22) සිට බිත්තරයක මිල රුපියල් 5 කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය අගෝස්තු 26 වැනිදා දක්වා දීර්ඝ කර ඇත. ඒ බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා විසින් නිවේදනය කරන ලදී.මෙම දීර්ඝ කිරීම ප්‍රධාන වශයෙන් 2021 G. C. E. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් සඳහා වේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් සිව් දෙනෙකු අද (18) පස්වරුවේ කොළඹ යුනියන් පෙදෙසේ පැවති විරෝධතාවයකින් අනතුරුව ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ කොළඹ 02 ප්‍රදේශයේ පැවති විරෝධතා පාගමනකට සහභාගී වීමෙන් අනතුරුව මුදලිගේ අත්අඩංගුවට හා ඔහුගේ යතුරුපැදියද අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2022 අගෝස්තු මස 16 වන දින රාත්‍රියේ තලෙයිමන්නාරම, කුරුසපාඩු මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදේශ රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර; බෝට්ටු ක්‍රියාකරුවන් 02 ක් සහ වයස අවුරුදු 18 ට වැඩි කාන්තාවන් 02 […]
රට තුළ ඉන්ධන අර්බුදය මේවන විට සමනය වී තිබීම හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සතියේ වැඩ කරන සියලුම දිනයන්හිදී සිදුකිරීමට පළාත් සභාව තීරණය කර තිබෙනවා.ඒ අනුව ජුනි 29 වනදා සිට කල් ඉකුත්වන බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර සඳහා අගෝස්තු මස 31 වනදා දක්වා දඩ මුදල් අය නොකිරීමටද තීරණය කර තිබෙනවා.
අද (18) විදුලි කප්පාදුව කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. අඩු කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්, 12.5ඛ්ඝ් ගෑස් – රු.1,050 කින් (නව මිල රු.5,800) 5ඛ්ඝ් ගෑස් – රු.420 කින් (නව මිල රු.2,320) 2ඛ්ඝ් ගෑස් – (නව මිල රු.928)
හෙට (18) දිනයේදී දහවල් 1.00 ට ලිප්ටන් වටරවුම අසළින්අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ලය විසින් සංවිධානය කරන විරෝධතාවක් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කළේ මෙම විරෝධතාව ඩීල් රනිල් – රාජපක්ෂ ජුනිටාවට එරෙහිව සංවිධානය කර ඇති බවයි
හිටපු ජනාධිපතිගෝඨාභය රාජපක්ෂ අගෝස්තු 24 වැනිදා දිවයිනට පැමිණෙන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද ප්‍රකාශ කළේය.අද (17) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
රජය සතු ව්‍යවසායන් කිහිපයක් පෞද්ගලීකරණය කිරීමට රජය සලකා බලමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ද ඉකොනොමිස්ට් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කළ හැකි බවයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පෞද්ගලීකරණය කිරීමට ද අවධානය යොමු කරන බව […]
