Yearly Archives: 2022
කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා, පොලීසිය මගින් අත්අඩංගුවටගත් ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන සේනාධි ගුරුගේ ලබන 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා. කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවටගත් සැකකරු අද (25) අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
අද (25) සිට රුසියාවට යැවෙන තැපැල් භාණ්ඩ භාර ගැනීම ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. මාස 3 කට ආසන්න කාලයක සිට සෘජු ගුවන් සේවා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රුසියාවට තැපැල් භාණ්ඩ යැවීම සිදු කෙරුණේ නැති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කර සිටියා. කෙසේ වුවද මේ වනවිට තැපැල් භාණ්ඩ රැගෙන යාම සඳහා පෞද්ගලික ගුවන් සමාගමක් තෝරාගෙන […]
ශ්‍රී ලංකාව තුළ LGBTQ + ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පතක් ඊයේ (24) පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී තිබෙනවා. LGBT Q + ප්‍රජාව සම්බන්ධයෙන් මෙරට සමාජය තුළ ඇත්තේ අතිශය පසුගාමී අදහසක් බවත් මේ නිසා දෛනික ජීවන කටයුතුවලදී පමණක් නොව රාජ්‍ය සහ […]
අද (24) දින තුළ මේ දක්වා තහවුරු කරන ලද කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 105 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.
ආසියානු කුසලානය සඳහා එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. අද පස්වරු 6 ට ඩුබායි බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ඔහු මෙලෙස පිටත්ව ගිය අතර මෙම කණ්ඩායම ක්‍රීඩකයන් 17ක් හා පුහුණුකරුවන්, නිලධාරීන් 11ගෙන් සමන්විතය. මෙවර ආසියානු ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගය එළඹෙන 27වන දින ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පැවැත්වීමට නියමිතව […]
ගාලු මුවදොර අරගල භූමියේ සිවිල් ක්‍රියාකාරිකයෙකු වූ සේනාධි ගුරුගේ, ගාලු මුවදොරදී බුද්ධි නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියකට අදාළව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය ජූලි 09 වනදා අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා ලැබ සිටි පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමි එම චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණ තිබුන අතර එම ප්‍රකාශයෙන් අනතුරුව උන්වහන්සේව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
ගම්පහ ප්‍රදේශයෙන් වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වේ. පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ගම්පහ බටපොත ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුව තිබේ.මියගොස් ඇත්තේ 34 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.
අද (24) දින සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වරුන්ට සහ ඩෑන් ප්‍රියසාද් යන අයට ඔවුන්ගේ ජංගම දුරකථන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ ජංගම දුරකථන භාර දෙන තෙක් එම සැකකරුවන් අධිකරණයේ රඳවා ගන්නා ලෙසද බවයි සඳහන් වන්නේ. ගාලුමුවදොර සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිදුවීම […]
අගෝස්තු 23 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන අපනයන පාලන පනත යටතේ භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවමින් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. චොක්ලට් සහ කොකෝවා අඩංගු අනෙකුත් ආහාර සැකසීම් සහ සුවඳ විලවුන් ඇතුළු භාණ්ඩ 300 කට අධික ප්‍රමාණයක් මෙයට ඇතුළත් වේ එමෙන්ම පිරිමි සහ කාන්තා ඇඳුම් කට්ටල, යට කලිසම්, අත් ඔරලෝසු, […]
