Yearly Archives: 2022
තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබා දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබේ. දීප ව්‍යාප්ත ඉන්ධන බෙදා හැරීම මේ සතියේදී යළි ආරම්භ කිරීමට නියමිත බවත්, ලෝක ආහාර වැඩසටහනේ අධ්‍යක්ෂවරයා මේ සතියේ දිවයිනට පැමිණීමට නියමිත බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාර වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත බවත් සැලකිල්ලට […]
අරගලයට පැමිණි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. එම ස්ථානයේ සිටි ආරක්ෂකයින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ආරක්ෂිතව ඉවත් කර ඇති බවයි සඳහන් වන්නේ.
කොළඹ ජනාධිපති මන්දිරය අසලට රැස්ව සිටි විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ
දිවයිනේ ප්‍රදේශ රැසකින් අද (09) පැවැත්වෙන මහජන අරගලය සඳහා මේ වන විට විශාල පිරිසක් කොළඹ නගරයට ළඟා වෙමින් පවතිනවා. එමෙන්ම පිට පළාත්වල සිට දුම්රිය රැසක මහජනතාව කොළඹ දක්වා පැමිණෙමින් සිටියි.
ඊයේ(08) රාත්‍රි 9.00 සිට නැවත දැනුම් දෙනතුරු පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (09) උදෑසන 8.00 ට ඉවත් කරන බව පොලිස් මූලස්ථානය පවසයි.නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ , මීගමුව , කැලණිය, නුගේගොඩ , ගල්කිස්ස , කොළඹ උතුර , කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම යන පොලිස් කොට්ඨාසවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය මෙසේ ඉවත් කරන බවය.
නිදහස් සාමකාමී නිරායුධ අරගලය මැඩ පැවැත්වීමට පොලිස් ඇඳිරි නීතිය පැනවීම රජය ගත් බියගුළු ක්‍රියාවක් බව මෛත්‍රිපාල සිරිසේන මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා. එමෙන්ම ඇදිරි නීතිය පසෙක ලා හෙට (9) තම අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් ප්‍රචණ්ඩත්වයෙන් තොරව අරගලයට නොබියව එකතු වන ලෙස එතුමා වැඩිදුරටත් නිවේදනයේ සදහන් කර සිටියා. එම නිවේදනය පහතින්,
නාරාහි දේශනයක් පවත්වමින් සිටින අතරතුදී ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර එතුමා ඉන් ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇති අතර ගිනි අවි භාවිතය තහනම් රටක් වන ජපානයේ මෙම වෙඩි ප්‍රහාරයට එල්ලවීම විශේෂත්වයකි.
අනෙකුත් ගමනාන්තවල සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන දුම්රිය සේවා හෙට (09) දිනයේ ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියා. මේ අතර අද (08) රාත්‍රී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කළේ, කිසිඳු දුම්රිය වර්ජනයක් මේ මොහොතේ ක්‍රියාත්මක නොවන බවත් දුම්රිය අවලංගුවීමක් සිදුවුවහොත් එය සිදුවන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් හේතුවෙන් බවයි.
අන්තර් විශ්ව විද්‍යාලීය ශීෂ්‍ය බල මණ්ඩලය අද (08) රාත්‍රීයේ කොළඹ රැඳී සිටීමට නියමිතයි. ඒ හෙට (09) පැවැත්වෙන මහජන අරගලයට සහාය දැක්වීම සඳහායි. ඔවුන් මේ වන විට බැංකු මාවත ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන අතර එම ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර ඇති බවයි වාර්තා වන්නේ.
