Yearly Archives: 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුදා ජෙට් යානයකින් මෙරටින් පිටත්ව මාලදිවයිනට ගොස් ඇති බව වාර්තා වේ.පවතින රජයේ ඉල්ලීමට අනුව ආරක්ශක අමාත්‍යංශ පූර්ණ අනුමැතියට යටත්ව, කටුනායක ගුවන් තොටුපලේ ආගමන විගමන රේගු හා අනෙකුත් නීති වලට යටත්ව ජනාධිපතිවරයාට හා මැතිණියට මෙලෙස පිටව යාමට ගුවන් යානයක් ලබා දුන් බව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට පෙර අගමැතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාර දිය යුතුයි – අනුර
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවසාන රාජකාරිය ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. එසේ නොවන්නේ නම් ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට පෙර අගමැතිවරයා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළ යුතු බවත්, එසේත් නොවුවහොත් පාර්ලිමේන්තුවෙන් ඔහුට වැඩබලන ජනාධිපති ලෙස පත්වීම වැළැක්වීමට කටයුතු කළ යුතු […]
රටේ උද්ගතව පවතින වත්මන් තත්ත්වයට විසදුම් ලබා දීම අරමුණු කරගනිමින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම උදෙසා විපක්ෂය සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රි කණ්ඩායම් අතර හමුවක් අද(12) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි. මෙම කමිටුව රට ගොඩනැගීම උදෙසා වූ පොදු වැඩපිළිවෙලක් ඔස්සේ තීරණාත්මක කාල පරාසයක් උදෙසා සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම වෙනුවෙන් ස්ථාපිත කොට තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු වීසා සඳහා මෑතකදී කළ ඉල්ලීම අමෙරිකාව ප්‍රතික්ෂේප කර ඇතැයි ද හින්දු පුවත්පත අනාවරණය කර තිබේ.
අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල 20 කින්ද, අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් ද වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ රටින් පිටවීම සඳහා කටුනායක ගුවන් තොටුපල වෙත ඊයේ රාත්‍රීයේ පැමිණ තිබේ. ඒ අවස්ථාවේ දී සේද මාවතේ පිටත්වීමේ පර්යන්තයේ සිටි විගමන හා ආගමන විගමන නිලධාරීන් රාජකාරිවලින් ඉවත් වී ඇත.පසුව බැසිල් රාජපක්ෂ ආපසු හැරී ඇති බව වාර්තා වෙනවා.ඒ අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට දිවයිනෙන් පිටත්වීමට නොහැකිවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ජනාධිපති අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් බවත්, ඔවුන් මේ සුන්දර දිවයින විනාශ කළ බවත් එලෙස වැනසූ දේශය ගොඩනැගීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. රට ස්ථාවර කොට රටේ ආර්ථිකය ගොඩනැංවීමේ වැඩපිළිවෙළට දායකත්වය ලබාදීමටත්, ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත් කිරීමටත් තමන් සූදානම් බවත් ඒ මහතා […]
අද (11) පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී කැබිනට් අමාත්‍යවරුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී සාකච්ඡාවට සහභාගි වූ සියලුම අමාත්‍යවරුන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාවක් ඇති වූ වහාම එම රජයට වගකීම් පැවරීමට සූදානම් බව අදහස් පල කර සිටියා.
අගමැති නිවස අසලදී මාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේගේ වැඩ තහනම් කර ඇති බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර් යාලය නිවේදනයක් ඉකුත් කරමින් සඳහන් කර සිටියා.මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
අද (11) සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය දිනවල පැමිණි මඟීන් සඳහාද අතිරේක දුම්රිය යෙදවූ බවත්, කාර්යාල දුම්රිය සියල්ලක්ම ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනවිරත්න සඳහන් කර සිටියා. මීට අමතරව අද දිනයේ විශේෂ කාර්යාල දුම්රියක්, දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාගේ උදෙස් පරිදි කන්කසන්තුරයේ සිට කිළිනොච්චිය දක්වා ධාවනය […]
