Yearly Archives: 2022
මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය හෙට (13) උදෑසන 6.00 ට ඉවත් කර පස්වරු 02.00ට යලිත් මුලු දිවයිනටම ඇඳිරිනීතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. එලෙස මුලු දිවයිනටම පැනවෙන ඇඳිරි නීතිය 14 වනදා අලුයම 6.00 දක්වා බල පැවැත්වෙන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා 6 වන වරටත් ජනාධිපති මන්දිරයේදී අග්‍රාමාත්‍ය ධුරයේ අද (12) දිවුරුම් දුන්නේ ය. එක්සත් ජාතික පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර අග්‍රාමාත්‍ය ධුරයට පාර්ලිමේන්තුවේ එකම ආසනයක් පමණක් හිමි පුද්ගලයකු පත් වන පළමු අවස්ථාවද මෙය වේ.
මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 17 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් අයේෂා ජිනසේන කරන ලද ඉල්ලීමක් පිළිගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත්කර තිබෙන්නේ.
අද (12) පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොළඹ ප්‍රදේශයේ මහල් නිවාස සඳහා ගෑස් බෙදා හැරීමට කටයුතු කර ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා. එමෙන්ම වාණිජ කටයුතු සඳහා ගෑස් බෙදා හැරීම අඛණ්ඩව සිදුකරන බව ද එම සමාගම සඳහන් කළා. කෙසේ නමුත් දිවයිනේ විවිධ ප්‍රදේශවල අද දිනයේ දිගු ගෑස් පොලිම් පැවති බව වාර්තා වෙනවා.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ කිසිදු තනතුරක් භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.ගාලු මුවදොර විරෝධතාකරුවන්ගේ අදහස් විමසීමකින් තොරව අර්බුදය විසඳීමේ කිසිදු ක්‍රියාවලියක කොටස්කරුවෙකු නොවන බව මන්ත්‍රීවරයා පැවසීය.
අද 34 වන දිනයටත් රට තුළ පවතින අර්බුදයට විරෝධය පළ කරමින් කොළඹ ගාලුමුවදොර ආරම්භ කළ මහජන අරගලය පැවැත්වෙනවා.ඇඳිරිනීතිය පනවා තිබුනද විශාල පිරිසක් ගාලුමුවදොර විරෝධතාවට එක්ව සිටි අතර කලාකරුවන් ,සිවින් ක්‍රියාකාරීන්ද ,ආගමික නායකයින් ,නීතීඥයින් ද එක්ව සිටියා.
මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය හෙට උදෑසන 7.00 ට ඉවත්කර හෙට (12) පස්වරු 02.00ට යලිත් මුලු දිවයිනටම ඇඳිරිනීතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. එලෙස මුලු දිවයිනටම පැනවෙන ඇඳිරි නීතිය 13 වනදා අලුයම 6.00 දක්වා බල පැවැත්වෙන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.
තමන් සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයෙකු වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියා. රටට ඉක්මනින් රජයක් අවශ්‍ය අතර එය ප්‍රමාද කළ නොහැකි බවත් සමගි ජන බලවේගය එය ප්‍රමාද කරන්නේ නම් තමන් ස්වාධීන වී රජයක් පිහිටුවීමේ ක්‍රියාවලියට සහයෝගය ලබාදෙන බවයි ඔහු වැඩිදුටත් සඳහන් කරන්නේ.
ආරක්ෂක හේතූන් මත හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.එමෙන්ම රටේ තත්ත්වය යථා තත්ත්වයට පත් වූ පසු හිටපු අගමැතිවරයා ඔහු කැමති ස්ථානයකට ගෙන යන බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
මහජන දේපල කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.
