Yearly Archives: 2022
අද (01) එංගලන්තයේ ලන්ඩන් නුවර දැවැන්ත විරෝධතාවක් පැවැත්වෙනවා. ඒ රට තුළ පවතින අර්බුදයට විරෝධය පළ කරමින් හා කොළඹ ගාලුමුවදොර පැවැත්වෙන මහජන විරෝධයට සහාය පළ කරමිනි. ඒ අනුව “ලන්ඩනයට පන්දහසක්” යන තේමාවෙන් පැවැත්වෙන මෙම විරෝධතාව වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු චතුරශ්‍රය ඉදිරිපිට පැවැත්වීමට නියමිතයි. මෙම උද්ඝෝෂණය අද (01) එංගලන්ත වේලාවෙන් සවස 2.00 ට පැවැත්විම නියමිතව ඇති අතර මේ සඳහා […]
දින පහක් පුරා අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියස විරෝධතා පැවැත්වූ විරෝධතාකරුවන් හා ඔවුන් රැඳි සිටී අට්ටාල අද (01) අලුයම පහට පමණ පොලිසිය විසින් ඉවත් කර තිබෙනවා. මේ හේතුවෙන් එහිදී උණුසුම් තත්ත්වයක් ද ඇති වී තිබෙන අතර එම ස්ථානයේ සිටි විරෝධතාකරුවන් මේ වන විට ගාලු පාර කොළඹ දෙසට ගමන් කරන මංතීරුවේ බිම වාඩි වී විරෝධතාවයේ යෙදී […]
ගෑස් අර්බුදයට විසඳුම් දීම සඳහා පාරිභෝගිකයින්ට අඩු මිලට ගෑස් ලබාදීමට නව සැපැයුම්කරුවෙකු සොයා ගැනීමට ලිට්‍රෝ සමාගම කටයුතු කර තිබෙනවා.ලිට්‍රෝ නව සභාපති අදහස් දක්වමින් පවසා සිටියේ තායිලන්තයේ සියාම් ගෑස් සමාගම මෙම නව සැපැයුම්කරුවා ලෙස තෝරාගෙන ඇති බවයි. ලිට්‍රෝ සභාපතිවරයා පෙන්වා දෙන්නේ සියාම් සමාගම හරහා වත්මන් ගෑස් සැපැයුම්කරුවාට වඩා අමෙරිකානු ඩොලර් මිලියන 09ක් අඩුවෙන් ගෑස් ලබාගැනීමට හැකියාව […]
පැරසිටමෝල් ඇතුළු ඖෂධ වර්ග 60ක මිල ඉහළ දමා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.පැරසිටමෝල් මිලිග්‍රෑම් 500 පෙත්ත රුපියල් 2.30 සිට රුපියල් 4.16 දක්වා ඉහළ ගොස් ඇත
මේ වන විට ගැබිණි මව්වරුන්ට සහ ළඳරුවන්ට අතිරේක පෝෂණ ආහාරයක් ලෙස ලබාදෙන ත්‍රිපෝෂ ලබාදීම නතර වී තිබෙනවා.මාස 03ක කාලයක් තිස්සේ ත්‍රීපෝශ නිෂ්පාදනයය අවශ්‍ය කරනු ලබන අමුද්‍රව්‍ය සපයා ගැනීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට නොහැකි වීම නිසා එයට හේතුව බව වාර්තා වෙනවා.
හතරවන දිනටත් මයිනාගෝගම නමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට පවත්වාගෙන යන විරෝධතාවය ක්‍රියාත්මක වුණා . පොලීසිය හා විරෝධතා කරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. එයට හේතුව පොලිසිය විසින් සටන් පාඨ පුවරු ඉවත් කිරීමට යෑමයි. එම විරෝධතාවේ සිටි පුද්ගලයෙකුට පොලිසිය විසින් පාර පහර දී ඇති බැවින් එම පුද්ගලයා ගිලන් රථයක් මාර්ගයෙන් රෝහල් ගත කෙරුණා
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී කීර්තිරත්න අත්අඩංගුවට ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා. මේ අතර , රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් 03 දෙනෙකු ද කුණ්ඩසාලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රුසියාවේ මොස්කව් නුවර සංචාරයෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටියරෙස් යුක්‍රේනයට පැමිණ තිබේ. රුසියානු සංචාරයේදී තමා යුක්‍රේන අර්බුදය පිළිබඳව ජනාධිපති ව්ලැදිමීර් පූටින් සමග සාකච්ඡා කළ බව, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසයි. ඔහු සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත්තේ, මානූෂීය සහයෝගය පුළුල් කිරීම වෙනුවෙන් තමා රුසියානු සංචාරයෙන් පසු යුක්‍රේනයට පැමිණි බවත්, යුක්‍රේනයේ ගැටුම් කලාපවලින් සිවිල් වැසියන් […]
අද (28) උදෑසන කළුබෝවිල රෝහලේදී ජනප්‍රිය රංගන ශිල්පිනී අනූෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්ත වන විට ඇය වයස අවුරුදු 47 වූ ඈ විසිදැල, ලොකු දුව, මමත් ගැහැනියක්, සුන්දර වරද ආදී නිර්මාණ හරහා රසික හදවත් තුළ ලැඟුම් ගත්තේය. 1995 වසරේදී සිය ප්‍රථම රංගනය වෙනුවෙන් ඇය හොඳම නැගී එන නිළියට හිමි සරසවිය සම්මානය ද දිනාගත්තා ය.
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන 12ක (NBFIs) ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් “ෆිච් රේටින්ග්ස්” විසින් තවත් පහත හෙළා තිබේ. එම මුල්‍ය සහ ලීසිං සමාගම් පහතින් දැක්වේ.Bimputh Finance PLC (Bimputh)CBC Finance LTD (CBCF)Central Finance Company PLC (CF)Fintrex Finance Limited (Fintrex)HNB Finance PLC (HNBF)LB Finance PLC (LB)Mercantile Investments and Finance PLC (MIF)People’s Leasing & Finance PLC (PLC)Sarvodaya […]
