Monthly Archives: April 2025
මුදල් විශුද්ධිකරණ චෝදනාවකට සම්බන්ධව පේරු හිටපු ජනාධිපති ඔලන්තා උමාලා සහ ඔහුගේ බිරිඳ නදීන් හෙරෙඩියාට වසර 15 ක සිර දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වසර 3කට වැඩි කාලයක් පැවති නඩු විභාගයක තීන්දුවක් ලෙස මෙම දඬුවම නියම කර තිබේ. 2006 සහ 2011 අතර කාලයේදී බ්‍රසීලයේ ඉදිකිරීම් සමාගමකින් නීතිවිරෝධී අරමුදල් ලබාගත් බවට ඔවුන්ට චෝදනා […]
ඉන්දියානු සාගරයේ අග්නිදිග කොටස වන සවුත්ඊස්ට් ඉන්දියන් රිජ් ප්‍රදේශයේදී පෙරවරු 7.13 ට පමණ මැග්නිටියුට් ඒකක 6.6 ක ප්‍රබල භූ කම්පනයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම භූ කම්පනය මුහුදු අභ්‍යන්තර කඳුවැටියක ඇතිවූවක් වන අතර, සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් වී නොමැට්ගි බව වාර්තා වේ. මෙයට සමගාමීව ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් ප්‍රදේශයේද මැග්නිටියුට් ඒකක 5.6 ක […]
තංගල්ල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධිය 2025 අප්‍රේල් 13 දින අළුයම කුඩාවෙල – තංගල්ල ප්‍රධාන මාර්ගයේදී සිදුවූ අතර, සැක සහිත ලෙස හැසිරුණු මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙය හෙළි වී ඇති බව වාර්තා වේ. පරීක්ෂණයේදී රථයෙන් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් […]
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා පත් කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයින් නම් කරන ලෙස කථානායකවරයා අදාළ පාර්ශ්ව වෙත දැනුම් දී ඇත. මෙම කමිටුව සඳහා අගවිනිසුරුවරයා විසින් විනිසුරුවරයෙකු පත් කළ යුතු අතර, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ද සාමාජිකයෙකු වනු ඇත. තෙවැනි සාමාජිකයා වශයෙන් අගමැති සහ විපක්ෂ නායකයාගේ එකඟත්වයෙන් වෘත්තිකයෙකු […]
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන භාණ්ඩ සඳහා පැනවූ 125% ක තීරු බදු වලින් ස්මාර්ට්ෆෝන්, පරිගණක සහ මෙමරි කාඩ්පත් ඇතුළු ඉලෙක්ට්‍රොනික කොටස් කිහිපයක් නිදහස් කර තිබේ. මෙය තීරණය කර ඇත්තේ, එම තීරු බදු හේතුවෙන් අමෙරිකාවේ තාක්ෂණ සමාගම් දැක්වූ කනස්සල්ල හේතුවෙනි. ඔවුන් අනතුරු ඇඟවූයේ මෙම භාණ්ඩ සඳහා මිල ඉහළ යාමක් සිදුවිය හැකි බවයි. ඒ අනුව, චීනයෙන් […]
සිංහල – දෙමළ අලුත් අවුරුද්ද උදා වීමට දැන් ඉතිරිව ඇත්තේ තවත් පැය කිහිපයක් පමණයි. අද (13) පුරාණ අවුරුද්දට අයත් කෝනම් දිනය ලෙස සැලකේ. සූර්යයා මීන රාශියෙන් මේශ රාශියට ගමන් කිරීමත් සමඟ අලුත් අවුරුද්ද උදාවෙන්නේ හෙට (14) අලුයම 03.21 ටයි. ජෝතිෂ්‍යය අනුව: මේ අතර අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා ගමන් කරන ජනතාව වෙනුවෙන් අද දිනයේදීත් විශේෂ […]
අවුරුදු සමය නිමිත්තෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් රටේ කුඩා ජල විදුලි බලාගාර රැසක් තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් කුඩා ජල විදුලි බලාගාර ප්‍රවර්ධකයින්ගේ සංගමය දැඩි අප්‍රසාදය පළ කර ඇත. විදුලි බල මණ්ඩලය මේ පියවර ගත්තේ ජාලයේ ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමේ අරමුණින් බව පැවසුවද, එය ජාතික බලශක්ති සුරක්ෂිතතාවයට සෘජු තර්ජනයක් බවත් බලශක්ති අංශයට එල්ලවූ බරපතළ පහරක් බවත් සංගමය […]
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 20 වැනිදාට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර තිබුණද නැවත් එය අප්‍රේල් 20 වැනිදායින් පසු නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා. ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් මෙලෙස ප්‍රතිඵල නිකුත් කළ හැක්කේ 20 වැනිදායින් පසුව බව, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව, තුන් […]
අධිවේගී මාර්ගවල ගෙවීම් සඳහා බැංකු කාඩ්පත් භාවිතය මැයි 1 සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (11) පැවසීය. ඒ අනුව debit සහ credit කාඩ්පත් මඟින් touch and go හෝ insert ක්‍රමවලින් තත්ත්පර 8කින් ගෙවීම් සිදුකළ හැක. මෙම පද්ධතිය මේ වනවිට කොට්ටාව සහ කඩවත අන්තර් හුවමාරුවල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ.
ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (අප්‍රේල් 11) අමෙරිකානු ඩොලර් 3,200 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය රන් අවුන්සයකට මේ දක්වා වාර්තා වී ඇති ඉහළම මිල විය හැකි බවටත් සැක කෙරේ. මෙම දැඩි මිල ඉහළ යාමට හේතුවක් ලෙස, චීනය සහ අමෙරිකාව අතර තද වන වෙළඳ යුද්ධය හා එය මත ඇතිවන ආර්ථික අනතුරු […]
