Home > Articles posted by Admin (Page 219)
FEATURE
on Apr 3, 2022
301 views 0 secs

අගමැති හැර මුළු කැබිනට් ඇමතිවරු ඉල්ලා අස්වීමට තීරණය කල බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කර සිටියා

FEATURE
on Apr 3, 2022
278 views 11 secs

හෙට (04) දිනයේ උපරිම පැය 5 ක විදුලි කප්පාදුවක් මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී ඇත. ඒ අනුව A B C D E F G H I J K L P Q R S T U V W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 3 යි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක් හා රාත්‍රී කාලයේ පැයයි විනාඩි […]

FEATURE
on Apr 3, 2022
325 views 0 secs

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තමන් දරණ සියලු අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වූ බව වාර්තා වේ..

FEATURE
on Apr 3, 2022
277 views 0 secs

හෙට දිනයේ විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටි පැය 7කට අධික විදුලි කප්පාදුවක් අනුමත කිරීම ප්‍රතික්ෂේප කළ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා සදහන් කරන්නේ “පාරිභෝගික පහසුව සඳහා විදුලි කප්පාදුව පැය 5 ට අඩු කිරීමට උපදෙස් දී ඇත” යනුවෙනි

FEATURE
on Apr 3, 2022
310 views 0 secs

සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පත්කිරීමේ යෝජනාවට ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.එම යෝජනාව සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල , ටිරාන් අලස් හා වාසුදේව නානායක්කාර සමඟ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙන වෙනම හමුවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරවංශ මහතා පැවසීය.

FEATURE
on Apr 3, 2022
304 views 0 secs

ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවක් සඳුදා (4) දිවයිනට පැමිණෙන බව ලිට්‍රෝ නිවේදනය කළේය. ලිට්‍රෝ සමාගමේ සභාපති තේෂාර ජයසිංහ මහතා පැවසුවේ වැඩි මිලට ගෑස් අලෙවි කරන ස්ථාන සොයා වැටලීම් අඛණ්ඩව සිදුකරන ලෙස පොලිසියට උපදෙස් ලබාදී ඇති බවයි.ලිට්‍රෝ සභාපතිවරයා සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටියේ වැරදි කරන වෙළෙඳුන් පිළිබඳ තොරතුරු අදාළ ප්‍රදේශයේ පොලිසියට හෝ 1311 අමතන ලෙසට දැනුම් […]

FEATURE
on Apr 3, 2022
296 views 0 secs

අද (03) පස්වරු 3.30 සිට ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සමාජ මාධ්‍ය සඳහා පනවා තිබූ සීමාවන් ඉවත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

FEATURE
on Apr 3, 2022
291 views 0 secs

ශ්‍රී ලාංකිකයන්ට සහයෝගය දක්වමින් මෙරට පවතින අර්බුදයට විරෝධය පා මහජන විරෝධතාවක් මේ වන විට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වයෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී පැවැත්වෙන බවට වාර්තා වේ. ඒ සඳහා එරට සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එක්ව තිබෙනවා.

FEATURE
on Apr 3, 2022
301 views 0 secs

ඕෂධ සේනානායක මහතා ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.

FEATURE
on Apr 3, 2022
288 views 0 secs

ආරක්ෂක අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව සියලු සමාජ මාධ්‍ය ජාලාවල ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත්හිටුවා ඇති බව තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියා.