Home > Articles posted by Admin (Page 220)
FEATURE
on Apr 2, 2022
420 views 0 secs

ඇතැම් පිරිස් වැඩි මිලට ගෑස් අලෙවි කරන බවට ප්‍රදේශ රැසකින් තොරතුරු අනාවරණය වීමත් සමඟ ලිට්‍රෝ සමාගම වැඩි මිලට ගෑස් මිලදී ගැනීමෙන් වළකින්නැයි ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටී. 12.5 සිලින්ඩරයක මිල රු. 2675 වන අතර මෙම ප්‍රකාශිත මිල ගණන් යටතේ පමණක් ගෑස් මිලදී ගන්නැයි එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කර සිටියා. වැඩි මිල ගණන් යටතේ […]

FEATURE
on Apr 2, 2022
273 views 0 secs

රට තුළ පවතින තත්වයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලි චෑන්ග්, සාමකාමීව විරෝධතා දැක්වීමට ශ්‍රී ලාංකිකයන්ට අයිතියක් ඇහි බව අවධාරණය කර සිටියා.ඇය පෙන්වා දුන්නේ – ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශනය සඳහා එය අත්‍යවශ්‍ය බවය. පවතින තත්ත්වය තමා සමීපව නිරීක්ෂණය කරමින් සිටි බවත්, ඉදිරියේදී සෑම පාර්ශවයකින්ම සංයමයක් අපේක්ෂා කරන අතර, අවශ්‍ය ආර්ථික ස්ථාවරත්වය සහ දුක් විඳින අයට සහන […]

FEATURE
on Apr 2, 2022
312 views 0 secs

හෙට දිනයේ (03) විදුලිය කප්පාදුව පැය 1යි මිනිත්තු 40ක් දක්වා අඩු කර ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ ය .

FEATURE
on Apr 2, 2022
284 views 0 secs

2022 අප්‍රේල් 02 සවස 6.00 සිට 2022 අප්‍රේල් 04 උදේ 6.00 දක්වා කිසිවකුට පොදු මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ, දුම්රිය මාර්ගවල, මුහුදු වෙරළේ සිටීම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා අදාළ ගැසට් නිවේදනය පහතින්,

FEATURE
on Apr 2, 2022
320 views 0 secs

අප්‍රේල් 4 සිට 8 වනදා දක්වා වාර පරීක්ෂණ සහ අත්‍යාවශ්‍ය කටයුතුවලට පමණක් සිසුන් කැඳවීමට විදුහල්පතිවරුන්ට අවසර ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. එමෙන්ම දෛනිකව සිදුකරනු ලබන විදුලි කප්පාදුව හේතුවෙන් සිසුන් අපහසුතාවයට පත් වෙන බැවින් අප්‍රේල් මස වාර අවසාන නිවාඩුව ලබන සඳුදා සිට ක්‍රියාත්මක කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම විසින් අධ්‍යාපන අමාත්‍යංශයට යෝජනා කර තිබෙනවා.

FEATURE
on Apr 2, 2022
353 views 0 secs

සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය වික්ටර් හෙට්ටිගොඩ අද (02) අභාවප්‍රාප්ත විය. මිය යන විට 84 වන වියේ පසු වූ ඔහු දීර්ඝ කාලයක් අසනීප තත්ත්වයෙන් පසුවූ අතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස ජීවිතයෙන් සමුගෙන ඇති බව වාර්තා වේ.

FEATURE
on Apr 2, 2022
273 views 0 secs

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළ රොෂාන් රණසිංහ සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙන අතර එතුමා එළැඹෙන 01 වැනිදා සිට සිය අමාත්‍ය ධූරයේ කටයුතුවලින් ඉවත් වීමට නියමිත බව වාර්තා වේ.එමෙන්ම ඔහු පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් ද ඉවත් වන බවත් ප්‍රකාශ කර තිබෙනවා.

FEATURE
on Apr 2, 2022
283 views 0 secs

අද (02) සවස 06 සිට සඳුදා (04) දින උදෑසන 06 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියා.

FEATURE
on Apr 2, 2022
307 views 0 secs

ඊයේ (31) මිරිහානේ පැවති විරෝධතාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ 21 දෙනාගෙන් 15 දෙනෙකුට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කළ අතර තවත් 6 දෙනෙකු අප්‍රේල් 04 දක්වා රිමාන්ඩ්.

FEATURE
on Apr 2, 2022
322 views 0 secs

2022 අප්‍රේල් 01 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර ඇත.