Home > Articles posted by Admin (Page 223)
FEATURE
on Mar 29, 2022
269 views 0 secs

කොළඹ වරායේ සහල්, සීනි, පරිප්පු සහ මිරිස් කන්ටේනර් දහසක් පමණ පවතින බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය නිවේදනය කළේය. ඒවා කඩිනමින් නිදහස් කිරීමට පියවර ගන්නා බවයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේ.කෙසේ වෙතත්, විශේෂයෙන්ම එළැඹෙන අප්‍රේල් නිවාඩු සඳහා තොග පවත්වා ගැනීම සම්බන්ධයෙන් ඩොලරයේ අර්බුදය ආනයනයට දැඩි ලෙස බලපා ඇති බව ඔහු සඳහන් ක

FEATURE
on Mar 28, 2022
296 views 0 secs

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියන 1ක අතිරේක ණයක් ඉල්ලා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටියා.

FEATURE
on Mar 28, 2022
276 views 5 secs

හෙට (29) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඵ් Q ර්‍ S ඨ් U V W කලාප සඳහා දිවා කාලයේ පැය 5 ක් හා, රාත්‍රී කාලයේ පැය 2 යි විනාඩි 15ක් ද, ඇ ඹ් C ඪ් E F ඝ් H ඓ J ඛ් ළ් කලාප සඳහා දිවා […]

FEATURE
on Mar 28, 2022
287 views 0 secs

2017 අංක 12 දරන විදේශ විනිමය පතට අනුව, බලපත්‍රලාභී බැංකු විසින් ලබාදෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතයන් ලබාදීම තහනම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා. ඒ අනුව එලෙස ඉහළ විනිමය අනුපාතයන් ලබාදෙන අවස්ථාවකදී දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

FEATURE
on Mar 28, 2022
245 views 0 secs

ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් නෞකාවක් අද (28) පෙරවරුවේ දිවයිනට පැමිණ ඇති අතර එහි ඉන්ධන ගොඩබෑම අද රාත්‍රීයේ සිටම ආරම්භ කරන බවයි බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.

FEATURE
on Mar 28, 2022
292 views 0 secs

ෂැංහයි නුවරින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව නැවතත් ඉහළ යාම හේතුවෙන් ෂැංහයි නුවර බටහිර හා නැගෙනහිර කොටස පිළිවෙළින් ලොක්ඩවුන් කිරීමට තීරණය කර තිබේ. මේ වන විට ෂැංහයි නුවර පාලම්, උමං මාර්ග වසා දමා ඇති අතර අධිවේගී මාර්ගවල වාහන ධාවනය සීමා කිරීමට පියවර ගෙන ඇතැයි ද විදෙස් වාර්තාවල සඳහන්.

FEATURE
on Mar 28, 2022
268 views 0 secs

මේ දින වල රට තුළ පවතින උණුසුම් කාළගුණ තත්වය හේතුවෙන් දරුවන්ට ජලයේ ක්‍රීඩා කිරීමට වැඩි කාලයක් ලබා දිය යුතු බවත්, දරුවන්ට බීමට ජලය වැඩි ප්‍රමාණයක් ලබා දිය යුතු බව විශේෂඥ දීපාල් පෙරේරා මහතා සඳහන් කර සිටියා.

FEATURE
on Mar 28, 2022
268 views 0 secs

දෙමළ සහ සිංහල අලුත් අවුරුදු සමයේ සහල් කිලෝවක මිල රුපියල් 300 දක්වා ඉහළ යනු ඇති බවත්, සහල් මිලදී ගැනීම් සඳහා පෝලිමේ රැඳී සිටීමේ අවදානමක් පවතින බවත්, එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා අනතුරු ඇඟවීමක් සිදු කර සිටියා.

FEATURE
on Mar 28, 2022
253 views 0 secs

රට තුළ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම අත්හිටුවා ඇති බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කර ඇත.

FEATURE
on Mar 28, 2022
277 views 0 secs

ඉන්දීය ණය මාර්ගය යටතේ තවත් ඉන්ධන මෙට්‍රික් ටොන් 34,000ක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය. 2022 මාර්තු 31 වන දින ඉන්ධන දිවයිනට ලබා දෙන බව අමාත්‍යවරයා පැවසීය.ධීවරයින් සඳහා ඉන්ධන සහන ලබාදීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවද ලොකුගේ මහතා වැඩිදුරටත් පැවසීය.