Home > Articles posted by Admin (Page 240)
FEATURE
on Jan 31, 2022
302 views 0 secs

විදුලි කප්පාදුවක් නැවත දැනුම්දෙන තුරු සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

FEATURE
on Jan 31, 2022
330 views 0 secs

අමෙරිකානු රූ රැජිනක් වන 30 හැවිරිදි චෙස්ලී ක්‍රිස්ට් මෑන්හැටන් හි නිවාස සංකීර්ණයක ඉහළ තට්ටුවකින් පහළට පැන සිය දිවි නසාගෙන ඇති බව වාර්තා වෙයි. ඇය එම නිවාස සංකීරණයේම 9 වැනි මහලේ ජීවත් වූ අතර ඇයගේ සිරුර උදෑසන 7ට පමණ නිවාස සංකීරණය අසල පිහිටි මං තීරුවක තිබියදී හමුවූ බව වාර්තා වේ. ඊට පෙර ඇය එම ගොඩනැගිල්ලේ 29වැනි […]

FEATURE
on Jan 31, 2022
282 views 0 secs

බොරැල්ල ප්‍රදේශයේ ඇළක තිබී අද මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.මිය ගිය පුද්ගලයා නාඳුනන පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.බොරැල්ල ඩ්‍රයිව් වැව අයිනේ ඇළක තිබී මෙම මළ සිරුර හමුවී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

FEATURE
on Jan 31, 2022
305 views 0 secs

ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ වාහනයට බිත්තර දැමීමේ සිද්ධියට තමා සම්බන්ධ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.ඊයේ (30) පැවති ජාතික ජන බලවේගයේ (NPP) ගම්පහ දිස්ත්‍රික් සමුළුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිසානායක මහතාගේ වාහනයට බිත්තර ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා විය.සිද්ධියට තමා සම්බන්ධ කරමින් සමාජ […]

FEATURE
on Jan 31, 2022
317 views 0 secs

මේ වර්ෂය පුරා විශාල ප්‍රමාණයෙ පොල් ගෙඩි සතොස හරහා රුපියල් 75 කට අලෙවි කිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. වරකට පොල් ගෙඩි 5 ක් පාරිභෝගිකයෙකුට මිලදීගත හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

FEATURE
on Jan 27, 2022
320 views 0 secs

පුද්ගලයෙකු පානදුරේ ප්‍රදේශයේදී ගිලන් රථයකට වෙඩි තැබීමට උත්සාහ දරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. ඔහු සඳහන් කළේ, පානදුර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට අයත් අදාළ ගිලන් රථයේ රියදුරාට මෙලෙස වෙඩි තැබීමට උත්සහ කර ඇති බවයි.

FEATURE
on Jan 27, 2022
297 views 0 secs

OMICRON ප්‍රභේදයේ ව්‍යාප්තියට මුහුණ දීමට මෙරට රෝහල් පද්ධතිය සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය කොවිඩ් 19 තරංග කිහිපය තුළ මුළු රටම එකම රසායනාගාරයක් පමණක් පැවතීම සහ ඔක්සිජන් හිඟය වැනි යම් යම් අඩුපාඩුකම් පැවතියද මෙවර එම ගැටළු නිරාකරණය වනු ඇති බවයි.නුදුරු අනාගතයේ දී ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යා හැකි නම් නිවෙස්වලින් […]

FEATURE
on Jan 27, 2022
291 views 0 secs

දුම්රිය දෙපාර්තමේන්තුව කණිෂ්ඨ කාර්යය මණ්ඩලය බඳවා ගැනීමට මෙතෙක් කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සූදානමින් සිටින බව එහි සභාපති සුමේධ සෝමරත්න පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සිය ඉල්ලීම් නැවතත් බලධාරීන් වෙත ලිඛිතව ඉදිරිපත් කරන බවත් ඊට විසඳුම් නොලැබුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි

FEATURE
on Jan 27, 2022
336 views 0 secs

රෝහල්ගත වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වා දෙන්නේ රෝහල් ධාරිතාවයද ඉක්මවා යමින් පවතින බවයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවන්නේ රෝගීන් සංඛ්‍යාව අසීමිතව ඉහළ ගියහොත් මරණ සංඛ්‍යාවද ඉහළ යා හැකි බවයි.

FEATURE
on Jan 26, 2022
296 views 0 secs

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක බදාදා (26) වත්මන් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත කැඳවා තිබුණි.යහපාලන රජය හෝ යහපාලන රජය සමයේ ක්‍රියාත්මක වූ දූෂණ මර්දන කමිටුව සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කෙරිණි.දිසානායක පැය දෙකකට ආසන්න කාලයක් පොලිස් ඒකකයට ප්‍රකාශයක් ලබා දුන්නේය. “මෙම සිදුවීම් විමර්ශනය කිරීම සඳහා […]