Home > Articles posted by Admin (Page 237)
FEATURE
on Feb 27, 2022
327 views 0 secs

අද (27) නුවරඑළිය – කළුකැලේ ප්‍රදේශයේ හෝටලයක් තුළ තිබී මියගිය අඹුසැමි යුවළකගේ මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා. හසලක ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පිරිමියෙකු සහ 58 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කර සිටියා.

FEATURE
on Feb 27, 2022
345 views 1 sec

මාර්තු 01 වැනිදා සිට විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයින් PCR වාර්තා ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පූර්ණ එන්නත්කරණය අවසන් වී සති 2 ක් සම්පූර්ණ කළ පුද්ගලයින් එලෙස PCR වාර්තා ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව අමාත්‍යාංශය නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල දකවා තිබුණා. එමෙන්ම වයස අවුරුදු 8 හෝ ඊට […]

FEATURE
on Feb 27, 2022
514 views 0 secs

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක ඩක්සන් පුස්ලාස් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඇතුළත්වීමෙන් පසු මාලදිවයිනේ වැලන්සියා ක්‍රීඩා සමාජයට තෝරා ඇති අතර එරට ප්‍රධාන පාපන්දු තරගාවලියක් අතරතුර මියගොස් ඇති බව වාර්තා වෙනවා. මරණයට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර එරට පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.

FEATURE
on Feb 25, 2022
359 views 0 secs

අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල ඩීසල් ලීටරයකට රුපියල් 15කින් සහ පෙට්‍රල් ලීටරයක් ​​රුපියල් 20කින් වැඩි කිරීමට ලංකා ඓOC සමාගම තීරණය කරයි.

FEATURE
on Feb 25, 2022
345 views 0 secs

යුක්‍රේනයේ පවතින අර්බුදකාරි වාතාවරණය හේතුවෙන් එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය තොරතුරු දැන ගැනීම සඳහා විශේෂ දුරකතන අංක2ක් හඳුන්වා දී ඇති බව විදේශ අමාත්‍යංශය සඳහන් කර සිටියා. යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට අන්කාරාහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ, පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කර ඇති අතර +90 534 456 94 98 හෝ +90 312 […]

FEATURE
on Feb 23, 2022
354 views 0 secs

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියට සහභාගී වීම අහිමිවී තිබෙනවා ඒ කොවිඩ් ආසාධන තත්ත්වයෙන් ඔහු තවමත් සුවය ලබා නොමැති වීම හේතුවෙන්. ඔස්ට්‍රේලියාව සමඟ පැවති විස්සයි විස්ස තරඟාවලිය අතරතුර ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වුනා.

FEATURE
on Feb 23, 2022
317 views 0 secs

ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු නොකරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ සවස පැවති විශේෂ කැබිනට් රැස්වීමෙන් අනතුරුව සහතික විය.ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල නව ඉහළ මට්ටමක පැවතියද ඉන්ධන මිල දැනට පවතින මිල අනුවම පවත්වාගෙන යන බව ඔහු පැවසීය.ජනතාවට අඛණ්ඩව විදුලිය සහ ඉන්ධන සැපයීම සහතික කිරීම සම්බන්ධයෙන් මෙම රැස්වීම කේන්ද්‍රගත වූ බවත් කොළඹට පැමිණි ඉන්ධන […]

FEATURE
on Feb 23, 2022
320 views 1 sec

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව බදාදා (23) දින විදුලි කප්පාදු කාලසටහනක් ප්‍රකාශයට පත් කර ඇත.A, B සහ C කණ්ඩායම් පැය 4 විනාඩි 40 ක කාලයක් විදුලිය විසන්ධි කරනු ඇත.අනෙකුත් සියලුම කණ්ඩායම් පැය 4 යි විනාඩි 30 ක කාලයක් විදුලිය විසන්ධි වනු ඇත.පහත වගු අනුගමනය කරමින් ඔබේ ප්‍රදේශය විදුලි කප්පාදුවක් අත්විඳින්නේ කුමන වේලාවකදැයි සොයා බලන්න:

FEATURE
on Feb 23, 2022
318 views 0 secs

ඉන්ධන සඟවා තබාගෙන අළෙවි නොකර සිටින ඉන්ධන හල් සෙවීම සඳහා පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. මෙලෙස ඉන්ධන තොග තබාගෙන පාරිභෝගිකයාට නිකුත් නොකරන ඉන්දන අළෙවිසැල් සම්බන්ධයෙන් ඉදිරියේදි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණයක් ගන්නා බව එහි සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා සඳහන් කළා..

FEATURE
on Feb 22, 2022
324 views 0 secs

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සාක්ෂි ද ඇතුළුව පාර්ලිමේන්තුවට භාරදී තිබෙනවා.ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පිළිගැන්වූ බවයි.පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව 2021 අප්‍රේල් […]