රුසියාව සහ යුක්‍රේනය අතර බෙලරුස් හි පැවති සාකච්ඡා ඊයේ (28) අවසන් කර දෙරටේ නියෝජිත කණ්ඩායම් සිය රටවල අගනගර බලා පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ වුවද සාකච්ඡාව සම්බන්ධ නිල තොරතුරු කිසිවක් මාධ්‍යයට අණාවරණය කර නොමැති අතර දෙරට අතර දෙවන වරට සාකච්ඡාවක් පැවැත්වීම කෙරේ මෙහිදී අවධානය යොමුවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වේ.
2015 වසරේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සමෘද්ධි නිලධාරීන්ගේ පාරිතෝෂික මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවෙන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව නිදහස් කොට නිදහස් කිරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වතිකානුවේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හමුවී තිබේ. එහි දී පාස්කු ප්‍රහාරයේ පරීක්ශණ වල වත්මන් තත්වය සාකච්ඡා කර ඇති බව වාර්තා වේ..
හෙට (මාර්තු 01) සියලුම කණ්ඩායම් සඳහා පැය 3ක විදුලි කප්පදුවක් සිදුවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (ඵ්UCSළ්) පවසයි. පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ විදුලිය විසන්ධි කිරීමට නියමිත අතර මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කළේ , අතිරික්ත ඉල්ලුම කළමනාකරණ සඳහා අවශ්‍ය වුවහොත්, විනාඩි 30 සැලසුම් නොකළ විදුලිය කප්පාදුවක් සිදු කරන බවයි.
බෙලරුසියානු දේශසීමාවේ යුක්රේනය සහ රුසියාව අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව යුක්රේන ජනාධිපති උපදේශක මයිකයිලෝ පොඩොල්යාක් කෙටි පණිවුඩයක් මගින් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.
අද (27) නුවරඑළිය – කළුකැලේ ප්‍රදේශයේ හෝටලයක් තුළ තිබී මියගිය අඹුසැමි යුවළකගේ මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා. හසලක ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පිරිමියෙකු සහ 58 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කර සිටියා.
මාර්තු 01 වැනිදා සිට විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයින් PCR වාර්තා ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පූර්ණ එන්නත්කරණය අවසන් වී සති 2 ක් සම්පූර්ණ කළ පුද්ගලයින් එලෙස PCR වාර්තා ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව අමාත්‍යාංශය නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල දකවා තිබුණා. එමෙන්ම වයස අවුරුදු 8 හෝ ඊට […]
ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක ඩක්සන් පුස්ලාස් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඇතුළත්වීමෙන් පසු මාලදිවයිනේ වැලන්සියා ක්‍රීඩා සමාජයට තෝරා ඇති අතර එරට ප්‍රධාන පාපන්දු තරගාවලියක් අතරතුර මියගොස් ඇති බව වාර්තා වෙනවා. මරණයට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර එරට පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.
අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල ඩීසල් ලීටරයකට රුපියල් 15කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් වැඩි කිරීමට ලංකා ඓOC සමාගම තීරණය කරයි.
යුක්‍රේනයේ පවතින අර්බුදකාරි වාතාවරණය හේතුවෙන් එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය තොරතුරු දැන ගැනීම සඳහා විශේෂ දුරකතන අංක2ක් හඳුන්වා දී ඇති බව විදේශ අමාත්‍යංශය සඳහන් කර සිටියා. යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට අන්කාරාහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ, පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කර ඇති අතර +90 534 456 94 98 හෝ +90 312 […]
