Home > Articles posted by Admin (Page 305)
FEATURE
on May 12, 2021
1098 views 0 secs

ඊයේ (11) දිනයේ මෙරටදී පුද්ගලයන් 50,493කට චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ලබා දී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසනවා. ඒ අනුව මේ වනවිට මෙරටදී පුද්ගලයන් 71,203කට සයිනොෆාම් එන්නත් ලබාදී ඇති අතර එමඟින් කිසිදු බරපතළ අතුරු ආබාධයන් වාර්තා නොවූ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන වැඩිදුරටත් ප්‍රකාශ කළා.

FEATURE
on May 11, 2021
577 views 0 secs

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල් වල සිට පැමිණෙන මගී ගුවන්යානා අත්හිටුවීමට කුවේට් රාජ්‍යය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එක්සත් අරාබි ඒමීර් රාජ්‍ය ද හෙට (12) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන මගී ගුවන් ගමන් අත්හිටුවන බව […]

FEATURE
on May 11, 2021
276 views 0 secs

නිරෝධායන රීති කඩ කරමින් මුහුණු ආවරණ නොපැලඳ සිටි පුද්ගලයින් 548 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන සේවා ආශ්‍රිතව නිරෝධායන නීති ක්‍රියාත්මක වන්නේදැයි සොයා සිදුකළ විශේෂ මෙහෙයුමේ දී නිරෝධායන රීතින්ට අනුගත නොවු පුද්ගලයින් 4,702කට අවවාද කර ඇති අතර තවත් පුද්ගලයින් 92ක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත්රෝහණ මහතා පවසා සිටියේ, පසුගිය […]

FEATURE
on May 11, 2021
307 views 2 secs

අද (11) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් 6ක් හුදකලා කර ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකදළුපොත ග්‍රාම නිලධාරී වසම හුදකලා බවින් ඉවත් කළ බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි. හුදකලා කළ ප්‍රදේශ පහතින් […]

FEATURE
on May 10, 2021
244 views 0 secs

අද (10) දහවල් නවසීලන්තයේ මධ්‍යම ඩනීඩින් නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයකදී සමුහ පිහි ඇනුමක් වාර්තා වී තිබේ. එම ප්‍රහාරයෙන් සිව් දෙනෙක් තුවාල ලබා ඇති අතර ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ. එක සැකකරුවෙක් ව මේ වන විට අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කල අතර එරට අගමැතිනී, ජසින්ඩා අර්ඩන් පැවසුවේ පිහි ඇනුම ට හේතුව මෙතෙක් අනාවරණය […]

FEATURE
on May 9, 2021
241 views 0 secs

අනුරාධපුර – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ නොච්චියාගම මොරවකන්ද ප්‍රදේශයේ දී පුත්තලම බලා ධාවනය වු කන්ටේනර් රථයක් තවත් වාහන කිහිපයක ගැටී අනතුරට ලක්ව තිබේ.අනතුරින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර සිව්දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇත. ගල් අඟුරු පටවා තිබී ඇති කන්ටේනර් රථය පසුව නවතා තිබු කුඩා ප්‍රමාණයේ ලොරි රථයක, තාප්පයක හා විදුලි කණුවක ගැටී අනතුර සිදුව ඇත.තුවාල […]

FEATURE
on May 5, 2021
241 views 0 secs

මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 100,075ක් දක්වා ඉහළගොස් තිබේ. ඒ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 922ක් අද (05) දිනයේ පිටවයාමත් සමඟයි..

FEATURE
on May 5, 2021
233 views 0 secs

ඉකුත් අප්‍රේල් 24 වනදා අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මේ වනවිට දින 90ක් රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතර බදියුදීන් මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබෙනවා. කෙසේ වෙතත් අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ සරත් වීරසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ […]

FEATURE
on May 4, 2021
273 views 0 secs

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද සවස නිකුත් වී තිබුණි. එම ප්‍රතිඵල අනුව ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට යාපනය චාවකච්චේරිය හින්දු විද්‍යාලයේ ධනරාජ් සුන්දර්බවන් සිසුවා සමත්වී ඇත.කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට දෙහිවල ප්‍රෙස්බිටේරියන් කාන්තා විදුහලේ චමල්කා සෙව්මිණි සමත් වූවාය.මේ අතර, වාණිජ අංශයෙන් දිවයිනෙන් ම ප්‍රථම ස්ථානය හිමිකර […]

FEATURE
on May 4, 2021
238 views 0 secs

දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ ව්‍යාපාරික කටයුතු සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට (05) උදෑසන 05.00 සිට යළි විවෘත කිරීමට නියමිත බව එහි පාලනාධිකාරිය සඳහන් කරයි. කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පසුගියදා පියවර ගෙන තිබුණි. ඒ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී ආසාදිතයින් කිහිපදෙනෙකු ද හඳුනාගැනීමත් සමඟයි..