Home > Articles posted by Admin (Page 308)
FEATURE
on Apr 20, 2021
584 views 0 secs

මෙවර මැයි දින රැළි නොපැවැත්වීමට දේශපාලන පක්ෂ නියෝජිතයින් එකඟ වී තිබේ.හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කොව්ඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට අද (20) රැස්වූ දේශපාලන පක්ෂ නියෝජිතයින් එම එකඟතාවයට පැමිණි බවය.

FEATURE
on Apr 20, 2021
1146 views 0 secs

පොලිසිය විසින් හදිසි අනතුරු, ආපදා හා අපරාද පිළිබඳව දැනුම් දීම සඳහා හඳුන්වා දී ඇති 119 දුරකථන අංකය අවභාවිතා කළ කාන්තාවන් දෙදෙනෙකු දංකොටුව පොලිසිය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන පසුව මාරවිල අධිකරණයට වෙත ඉදිරිපත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

FEATURE
on Apr 20, 2021
700 views 0 secs

පසුගිය 18 වන දින දහවල් 12 සිට ආරම්භ කළ විශේෂ මෙහෙයුමේදී බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 905 අත්අඩංගුවට ගෙන ඇති අතර මාර්ග නීති කඩකිරීම් සම්බන්ධයෙන් 6,898 දෙනෙක් සඳහා අවශ්‍ය නීතිමය පියවර ද ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එමෙන්ම, අප්‍රේල් 10 වනදා සිට 18 වන දින දක්වා කාලය තුළ වැඩි […]

FEATURE
on Apr 19, 2021
296 views 0 secs

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව මැයි පළමු සතියේ සිට ලබාදීමට බෝ නොවන රෝග පිළිබඳ විශේෂ කමිටුව තීරණය කර තිබේ.

FEATURE
on Apr 19, 2021
377 views 0 secs

රුසියානු සෝයූස් එම් එස් 17 අභ්‍යවකාශ යානාවකින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රාජකාරිවල නිරතව සිටි කාර්ය මණ්ඩලයේ තිදෙනා නැවතත් පෘථිවිය වෙත පැමිණ ඇති බව රුසියානු කොස්මෝස් අභ්‍යවකාශ ඒජන්සිය නිවේදනය නිකුත් කරමින් ප්‍රකාෂ කර සිටියා. 2020 වසරේ ඔක්තෝබර් මාසයේ පටන් ඔවුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිට තිබුණි. මෙම මෙහෙයුම, නාසා ආයතනය රුසියානු සහයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සිදුකරන […]

FEATURE
on Apr 17, 2021
289 views 0 secs

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 168 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 96,354ක් දක්වා ඉහළගොස් තිබේ.

FEATURE
on Apr 17, 2021
345 views 0 secs

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කර සිටියේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් එළඹෙන සදුදා (19) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙන බවයි.සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් චක්‍රලේඛයට අනුව පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කෙරෙන බව එතුමා ප්‍රකාශ කලේය.

FEATURE
on Apr 14, 2021
314 views 0 secs

අලුත් අවුරුදු උදාව සැමරීමට ගොස් සිදුවූ අනතුරුවල, පසුගිය වසරට සාපේක්ෂව 47% වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසති. ඊයේ (13) දිනය තුළ රෝගීන් 165 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර ඇති අතර ඉන් මාර්ගයේ සිදුවු අනතුරු හේතුවෙන් පුද්ගලයින් 40 දෙනෙකු රෝහල් ගත කර තිබේ. නිවසේදි සිදුවු අනතුරු හේතුවෙන් 21 දෙනෙකු රෝහල් ගතකර ඇති අතර ගිනි කෙළි […]

FEATURE
on Apr 14, 2021
526 views 0 secs

පොලිස් නිලධාරියෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (13) සවස කුරුඳුගහ හැතැක්ම, කොළඹ දෙසට ඇති පිවිසුමෙන් මෝටර් රථයක් ඇතුළු කිරීමට උත්සාහ කිරීමේ දී එම රියදුරු ආසන පටි පැළඳ නොසිටීම හේතුවෙන් මෙම් පොලිස් නිලධාරියා ඒ පිළිබඳව රියදුරු දැනුවත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් උරණ වූ මෝටර් රථය රියදුරු අදාළ පොලිස් නිලධාරියාට […]

FEATURE
on Apr 13, 2021
492 views 1 sec

ඉන්දියාවේ හදිසි භාවිතය සඳහා රුසියාව විසින් නිෂ්පාදනය කරන ස්පුට්නික් V එන්නතට ඉන්දියාවේ විශේෂඥ කමිටුව විසින් අනුමැතිය ලබා දී තිබේ. ඉන්දියාවේ අනුමැතිය හිමි වූ තුන්වන කොවිඩ් මර්දන එන්නත මෙය වන බව සඳහන් වන අතර ස්පුට්නික් V එන්නත කොවිඩ් වෛරසයට එරෙහිව සියයට 92 ක ආරක්ෂාවක් ලබාදෙන බවට සායනික පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.