අද (20) උදෑසන 07.15ට පමණ ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් පස්සර 13 කණුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුවූ අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් 32කට තුවාල සිදුව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරති.ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයකට මාර්ගයේ ඉඩ ලබාදීමට යාමේදී බස් රථයේ […]
කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක අද (16) පස්වරු 2.30ට පමණ පුද්ගලික බස් රථයක් ගැටී සිදුවු අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 20 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ. අනතුරෙන් තුවාල ලැබූ පිරිස මන්නාරම රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇති අතර මන්නාරම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් අද (16) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳව ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිත බව ප්‍රකාශ කර සිටියා. එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් රජය අවසන් තීරණයක් ගනු ලබන්නේ විධිමත් අධ්‍යයනයකින් පසුව බවය. කෙසේ වෙතත් බුර්කාව හා ලියාපදිංචි නොකළ මද්‍රසා පාසැල් තහනම් කිරීමට අදාළ […]
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව පවසයි. ඒ සමඟ මෙරට කොවිඩ් මරණ ගණන 520ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (10) දිනෙන් අවසන් වීමට නියමිත අතර විභාගය අවසන් වීමෙන් පසුව විභාග මධ්‍යස්ථානවල කලහකාරී ලෙස හැසිරීමෙන් වැළකී සිටින ලෙස විභාග දෙපාර්තමේන්තුව සිසුන්ට දැනුම්දෙයි. පොදු දේපලවලට අලාභහානි කිරීම හෝ කොවිඩ් -19 මාර්ගෝපදේශයන්ට පටහැනිව කටයුතු කළහොත් විභාග පනත යටතේ දැඩි දඬුවම් පමුණුවන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර විභාග […]
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊයේ (09) දින තවත් කොවිඩ් මරණ 04ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 511ක් දක්වා ඉහළ ගොස් තිබේ. උඩුවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි කාන්තාවක්, හොරපේ ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අකුරණ ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ රාගම ප්‍රදේශයේ පදිංචිව […]
ඊයේ (08) දිනයේ දී ඉපලෝගම පොලිස් ස්ථානය මඟින් අවුරුදු 21ක තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම තරුණයා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටීමේ වරදට අත්අඩංගුවට ගත් අතර අද (09) අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. කළුවිල විභාග මධ්‍යස්ථානයේ දී ගණිතය ප්‍රශ්න පත්‍රය සඳහා අදාළ පුද්ගලයා සිය ඥාතියෙකු වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් […]
එළඹෙන 15 වන සඳුදා බස්නාහිර පළාතේ පාසල් වල 05 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය හා උසස්පෙළ පන්ති ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළ අතර අප්‍රේල් 19 වනදා සෙසු ශ්‍රේණි ආරම්භ වන බව අමාත්‍යංශය නිවේදනය කලේය.
සිරියාවේ ජනාධිපති බෂාර් අල්-අසාද් ට සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති සිරියානු රාජ්‍ය රූපවාහිනිය තහවුරු කර තිබේ. රෝග ලක්ෂණ පෙන්වීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා පීසීඅර් පරීක්ෂණ සඳහා යොමු වී ඇති අතර එහිදී ඔවුන් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බව සඳහන් වේ. මේ දක්වා සිරියාවේ කොරෝනා ආසාදිතයින් 15,981ක් හඳුනාගෙන ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන […]
අද (08) දිනයේ තවත් කොවිඩ් මරණ 5ක් තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 507ක් දක්වා ඉහළ ගොස් තිබේ.අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවක්, හෙම්මාතගම ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි කාන්තාවක්, දර්ගා නගරයේ ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි කාන්තාවක්, කොළඹ […]
