Home > Articles posted by Admin (Page 309)
FEATURE
on Apr 13, 2021
692 views 1 sec

ඊයේ (12) රාත්‍රී 11.30ට පමණ නුවර – කොළඹ මාර්ගයේ, කඩවත ඇල්දෙණිය ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් බරපතළ තුවාල ලබා තිබේ. යතුරුපැදිකරු හා පසුපැදිකරු බීමතින් සිට ඇති බවත් නොසැලකිළිමත් ලෙස යතුරුපැදිය පැදවීමෙන් අනතුර සිදුව ඇති බවත් පොලීසිය සඳහන් කරයි. වේගයෙන් පැමිණි යතුරුපැදියක් එක්වරම U හැරවුමකින් හරවා ඉදිරියට ගමන් කරනවාත් සමග ම […]

FEATURE
on Apr 10, 2021
497 views 0 secs

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇති අතර එහි නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා පත් කර තිබේ. නිශාන්ත සොයිසා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා […]

FEATURE
on Apr 8, 2021
660 views 0 secs

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, මෙරටට පේෂකර්ම රෙදි ආනයනය තහනම් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවත්, ඊට අදාළ ගැසට් පත්‍රයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ද මේ වන විට හිමි වී ඇති බවත් ප්‍රකාශ කළේය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා, “කොළඹ නගරයේ සහ හැම නගරයකම දැන් විශේෂයෙන්ම බතික් ඒ […]

FEATURE
on Apr 7, 2021
641 views 0 secs

ගල්කිස්ස පොලිස් වසමේ ගාලු පාරේ නිවසක් අසල කපා කොටා ඝාතනය කරන ලද මළ සිරුරක් හමු වී තිබේමේ වන විට ගල්කිස්ස පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර මියගිය පුද්ගලයා වයස අවුරුදු 22ක් වු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි කළුබෝවිල මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (07) දින සිදුකිරීමට නියමිතය. […]

FEATURE
on Apr 5, 2021
664 views 0 secs

පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද ( 05 ) පාර්ලිමේන්තුවේදී, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් 19 සිට ලබාදීම ආරම්භ කරන බව පැවසුවාය.මේ වනවිටත් දෙවන මාත්‍රාවට අදාළ එන්නත් […]

FEATURE
on Mar 22, 2021
711 views 1 sec

මස්කෙළිය ශ්‍රී ෂන්මුගනාදන් හින්දු කෝවිලේ පැවති රැස්වීමකට එක් වූ පාලක සභාවේ නිලධාරියෙකු පසුගියදා ජීවිතක්ෂයට පත්ව තිබූ අතර ඔහු කොවිඩ්-19 ආසාදිත බව පසුව තහවුරු විය.ඉන් පසු කෝවිලේ පූජකවරයාටද වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන් ආශ්‍රිතයින් 35 දෙනෙකුට සිදුකළ PCR පරීක්ෂණ අතරින් තවත් ආසාදිතයින් 11 දෙනා හඳුනාගෙන තිබේ.

FEATURE
on Mar 22, 2021
691 views 0 secs

අමරපුර මහා නිකායේ ප්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් අවුරුදු අසූ නමයක් ආයු වළඳා අද දින අපවත් වී තිබෙනවා.අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී උන්වහන්සේ මෙලෙස අපවත් වූවා.

FEATURE
on Mar 22, 2021
688 views 0 secs

රථවාහනවල පවතින දෝෂ සෙවීම සඳහා අද (22) දිනයේ සිට දින 03ක කාලයක් රථවාහන මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.ගෙවුණු පැය 24ක කාලය තුල රිය අනතුරු වලින් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කලේ.

FEATURE
on Mar 22, 2021
1004 views 0 secs

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් සෑම වසරකම මාර්තු මස 22 වැනිදා ලෝක ජල දිනය ලෙස නම් කරනු ලබන අතර 1922 වසරේ බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නගරයේ පැවති එක්සත් ජාතින්ගේ සංවිධානයේ පරිසර හා ප්‍රවර්ධන පිළිබඳ සම්මේලනයේ දී මීට අදාළ යෝජනාව ඉදිරිපත් කළේය. ඊට සමගාමීව මෙරට තුළ ද විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

FEATURE
on Mar 20, 2021
775 views 0 secs

අද (20) උදෑසන අම්පාර ප්‍රදේශයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදුකළ පුහුණු වීමක් අතරතුර පැරෂුට් දෙකක් එකිනෙක පැටලීමෙන් සිදුවූ අනතුරකින් ගුවන් හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව වූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් දූෂාන් විජේසිංහ මහතා සඳහන් කළේය. අම්පාර ප්‍රදේශයේ පිහිටි ගුවන් හමුදා පැරෂූට් පුහුණු පාසලෙන් මොවුන් පුහුණුවීම් සඳහා පිටව ගොස් ඇති බව වාර්තා වේ. […]