හෝටල්වල පැවැත්වීමට සැලසුම් කර තිබූ ප්‍රිය සම්භාෂණ වෙනත් ස්ථානවල පැවැත්වීමට සුදානම් කර ඇතැයි වාර්තා වන අතර එවන් උත්සව නිවෙස්වල සහ වෙනත් ස්ථානවල පැවැත්වීම ද තහනම් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. “උත්සව පැවැත්වීම, සාද පැවැත්වීම හා මංගල උත්සව වුනත් හෙට දිනයෙන් පස්සේ, පැවැත්වීම අපි තහනම් කරලා තියෙන අවදියක අපිට වාර්තාවෙනවා සමහර ප්‍රදේශවල මෙවැනි […]
අද (28) උදෑසන ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මැග්නිටියුඩ් ඒකක 6.7ක භූ කම්පයනක් සිදුව තිබේ. එහි ප්‍රබලත්වය උතුරු බෙංගාලයට ද දැනී ඇති බව වාර්තා වේ.
පොලිස් මූලස්ථානය විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත විශේෂ පණිවුඩයක් නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. යම් පොලිස් නිලධාරියෙක් හෝ නිලධාරින් පිරිසක් හුදකලා කරන ලද ප්‍රදේශයක පදිංචිකරුවන් නම් ඔවුන්ට රාජකාරී වාර්තා කිරීමකින් තොරව අදාළ හුදකලා කාලය අවසන් වනතුරු එම පරිශ්‍රයන්ට වී රැඳීසිටින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
ඊයේ දිනය තුළ දිවයින පුරා නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් 145 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොනරාගල, ත්‍රිකුණාමලය සහ කළුතර යන ප්‍රදේශවලදී ඉන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.පසුගිය ඔක්තෝබර් 30 සිට මේ වන තෙක් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 3,900කි. මුහුණු ආවරණ නොපැළඳ හෝ […]
අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 13ක් එළඹෙන අප්‍රේල් මස 30 වනදා දක්වා තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවරගෙන තිබේ. කොවිඩ් ව්‍යාප්තවීම සම්බන්ධයෙන් පවතින අවදානම් තත්ත්වය සලකා එම තීරණය ගෙන ඇති බව උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කරයි.
ඉදිරි මාස කිහිපය තුළ අමෙරිකා එක්සත් ජනපදය සිය ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 60ක් වෙනත් රටවලට අපනයනය කිරීමට තීරණය කර තිබේ.කෙසේවෙතත් එරට ජනාතාව සඳහා මෙම එන්නත භාවිතයට මෙතෙක් අවසර හිමිව නොමැති බව සඳහන්ය.එමෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 04ක් පමණ මෙක්සිකෝවට සහ කැනඩාවට ලබාදීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එකඟතාව පළකර තිබේ.මේ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ඊයේ […]
අද රාත්‍රී 8.00 සිට නැවත් දැනුම් දෙන තුරු ගම්පහ දිස්ත්‍රික්කයේ පොල්හේන, හීරළුගෙදර, කළුඅග්ගල සහ අස්වෙන්නවත්ත නැගෙනහිර ග්‍රා.නි. කොට්ඨාසය හුදෙකලා කරන බවට යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටිනවා..
ත්‍රිකුණාමලය චීන වරාය ද්‍රවිඩ මහා විද්‍යාලයේ ගුරුවරියකට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් දින නියමයක් නොමැතිව පාසල වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ. අදාළ ගුරුවරියට දෙදිනකට PCR පරීක්ෂණයක් සිදුකර තිබියදීත් ඊයේ දිනයේදී පාසලට පැමිණීම නිසා පාසල මෙලෙස වසාදැමීමට තීරණය කර තිබේ.
පොලිස් පරීක්ෂකවරයෙක් කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමඟ හලාවත, කොස්වත්ත පොලිස් ස්ථානය අද (23) උදෑසන තාවකාලිකව වසා දමා තිබේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රීයේ සිට කුලියාපිටිය පොලිස් වසම හුදෙකලා කර තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
