Home > Articles posted by Admin (Page 303)
FEATURE
on May 31, 2021
658 views 1 sec

ඊයේ (30) රාත්‍රියේ කොළඹ තරු පහේ හෝටලයක දී උපන්දින සාදයකට සහභාගී වීම හේතුවෙන් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ව සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔවුන් ව කොළඹ කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. මේ […]

FEATURE
on May 30, 2021
321 views 0 secs

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 36ක් තහවුරු කිරීමත් සමඟ මෙරට කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,441 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

FEATURE
on May 30, 2021
305 views 0 secs

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වූ පූජ්‍ය බද්දේගම සමිත හිමි, මාතර පෞද්ගලික රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) අලුයම අපවත් වී තිබේ. මියයන විට උන්වහන්සේ 69 වන වියේ පසු විය. මීට දින කිහිපයකට පෙර කොවිඩ් ආසාදිතව ගාල්ල කරාපිටිය රෝහල් ප්‍රතිකාර ලබමින් සිට සුවය ලබා විහාරස්ථානයට වැඩමකර තිබේ. යළි ස්වසන අපහසුතා හේතුවෙන් උන්වහන්සේ […]

FEATURE
on May 28, 2021
384 views 0 secs

සතොස 1998 ක්ෂණික අංකය ඇමතීමෙන් හෝ ව්ව්ව්.ලන්කසතොස.ල්ක් වෙබ් අඩවියට පිවිසීමෙන් සහන මල්ල ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙන්වා ගත හැකි සේවාවක් ක්‍රියාත්මක බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ රට පුරා පවතින සංචරණ සීමා හේතුවෙන් සතොස වෙළෙඳසැල් ජාලය හරහා පුද්ගල අවශ්‍යතාවය මත භාණ්ඩ ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බවය.

FEATURE
on May 25, 2021
294 views 0 secs

පවතින අධික වර්ෂාවත් සමග කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් ඇති අතර ඒ හේතුවෙන් රත්නපුර, කුරුවිට, ඇලපාත, කිරිඇල්ල, අයගම ප්‍රදේශවල පහත්බිම් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව ඉදිරි පැය 3ක කාලය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද දැනුම් දෙයි.

FEATURE
on May 25, 2021
274 views 0 secs

තවත් කොවිඩ් ආසාදිත මරණ 33ක් වාර්තා වී තිබේ. ඒ අතරින් බණ්ඩාරගම, කොළඹ, නාවලපිටිය, ගාල්ල, ගිනිමැල්ලගහ,ගිංතොට සහ රාදාවාන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් 11 දෙනෙකු නිවෙස්වලදීම මියගොස් ඇති බවට වාර්තා වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,243 දක්වා ඉහළ ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

FEATURE
on May 24, 2021
308 views 0 secs

සිංගප්පුරු ජාතික විශ්වවිද්‍යාලයට අයත් වෛද්‍ය කණ්ඩායමක් විසින් විනාඩියක කාලයක් තුළ කොවිඩ් -19 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සොයාගත් නව පරීක්ෂණ උපකරණයට එරට රජයේ අනුමැතිය හිමිව තිබේ. එම උපකරණය මගින් විනාඩියක කාලයක් යම් පුද්ගලයෙකුගේ ආශ්වාස සහ ප්‍රශ්වාස නිරීක්ෂණය කරමින් ඔහු කොවිඩ් ආසාදිතයෙකු ද යන්න තහවුරු කරන බව වාර්තා වේ. පර්යේෂණ කටයුතු අවසන්වීමෙන් පසු එම උපකරණය සිංගප්පුරු සෞඛ්‍ය බලධාරීන් […]

FEATURE
on May 24, 2021
284 views 0 secs

කොවිඩි මර්දන විශේෂ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වී තිබේ. එහිදී, රට තුළ මේ වනවිට පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමට සංචරණ සීමා ජූනි 07 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරුණි. ඒ අනුව පහත සඳහන් තීරණ ගෙන තිබේ, මැයි 25, 31 සහ ජූනි 04 තෙදින සංචරණ සීමා තාවකාලිකව […]

FEATURE
on May 24, 2021
284 views 0 secs

රෝගියෙකුට අවශ්‍ය ඖෂධ රැගෙන යන බව පවසා මෝටර් රථයකින් හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි පුද්ගලයෙකුව ඉංගිරිය කැටකැඩැල්ල පොලිස් මාර්ග බාධකයේදී පොලීසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 34 හැවිරිදි හොරණ ප්‍රදෙශයේ පදිංචිකරුවෙකි. මාර්ග බාධකයේදී එම වාහනය නතර කිරීමෙන් පසු රෝගියෙකුට අවශ්‍ය ඖෂධ රැගෙන හොරණ සිට කිරිඇල්ල දෙසට ගමන් කරන බවට අදාළ සැකකරු පොලීසියට පවසා […]

FEATURE
on May 24, 2021
256 views 0 secs

ඊයේ (23) කොවිඩ් ආසාදිත මරණ 32ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,210ක් දක්වා ඉහළ ගොස් තිබේ. මියගිය පුද්ගලයින් අවුරුදු 28ත් 91 ත් අතර වයස්වල පසුවන්නන් වන අතර එම මරණ 32න් 18 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 14දෙනා පිරිමි පුද්ගලයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.