අද (08) දිනය කොවිඩ් ආසාදිතයින් 2,123ක් වාර්තා වූ අතර මෙරට සමස්ත ආසාදිතයින් ගණන 210,102 ක් දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මේ අතර අද දිනයේ ආසාදිතව සිටි 2,214ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය ද 178,259ක් ලෙස වාර්තා විය.
එක් දුම්රියක් පීලි පැන තිබිය දී තවත් දුම්රියක් එහි ගැටී පාකිස්තානයේ සින්ද් පළාතේ සිදුවූ දුම්රිය අනතුරකින් විශාල පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණුමත දිවෙන මංතීරු 4කින් සමන්විත අධිවේග මාර්ගයේ ඉදිකිරීම් අද දින ආරම්භ වී තිබේ.එමෙන්ම නව ගුවන් පාලම් 5ක ඉදිකිරීම් කටයුතු ද අගමැතිවරයා විසින් ආරම්භ කළ බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
කුඩු අංජු නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙකු සහ ඔහුගේ බිරිඳ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක්, මුදලින් රුපියල් ලක්ෂ 14ක්, මුදල් ගණන් කිරීමේ යන්ත්‍ර 2ක් සහ ජංගම දුරකථන 04ක් පොලිස් භාරයට ගෙන ඇත.
අද උදැසන වාද්දුව තල්පිටිය මුහුදු තිරය වෙත මියගිය ඩොල්පින් මත්සයකු සහ තවත් මත්සයින් කිපදෙනෙකු ගොඩගසා තිබේ මධයම පරිසර අධිකාරියේ නිලධාරිනියන් පැමින එම සිරුර නිරික්ෂණය කොට වැඩිදුර පරික්ෂණ සදහා වනජිවි දෙපාර්තමේන්තුව දැනුම් දෙනබව පැවසිය.
නිරෝධායන රීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පන්තියේ හෝටලයක පැවැත්වූ උපන්දින සාදයේ විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මෙහි මූලික කටයුතු තවදුරටත් කොටුව පොලිස් ස්ථානය මගින් සිදු කරමින් පවතී. අදාළ සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා […]
ගිනි ගැනීමට ලක්වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බඳෙහි කිසියම් පිපිරීමක් හෝ තෙල් කාන්දු තත්ත්වයක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා 9 දෙනෙකුගෙන් යුත් නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් අදාළ මුහුදු ප්‍රදේශයට පිටත්ව ගොස් තිබේ. කෙසේවෙතත් නෞකාවෙන් මේ දක්වාත් කිසිදු තෙල් කාන්දුවක් සිදුව නොමැති බව වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය පවසයි. මෙම නෞකාවේ ඉන්ධන මෙට්‍රික්ටොන් 300 කට ආසන්න […]
සිකුරු ග්‍රහයාගේ භූ විද්‍යාත්මක ලක්ෂණ පරීක්ෂා කිරීම සඳහා නව මෙහෙයුම් දෙකක් සිදු කරන බව නාසා ආයතනය නිවේදනය කර තිබේ. ඒ සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් වැය වන බව ද, වසර 30කට පසු නොසිතූ ග්‍රහලෝකයක් සම්බන්ධයෙන් සොයා බැලීමට තීරණය කර ඇති බවද නාසා ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
සතොස අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් කිරීම හේතුවෙන්දි වයින පුරා පිහිටි සතොස අලෙවි සැල් අද (03) සිට දිනපතා විවෘතව තබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව ජංගම වෙළෙඳුන්ට සතොස මගින් අඩු මිලට භාණ්ඩ මිලදී ගෙන අලෙවි කිරීමේ හැකියාව පවතින බවද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය. මේ අතර අද සහ හෙට (04) යන දෙදින තුළ […]
“එම්.වී.එක්ස්ප්‍රස් පර්ල්“ නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යෑමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ, එම කටයුතු සඳහා ගලවාගැනීමේ සමාගමේ නියෝජිතයින්ට පහසුකම් සැපයීමට නාවික හමුදාවේ කණ්ඩායමක් නැවට පිවිසි බවය. කෙසේ වෙතත් මේ වන විට නෞකාවේ පිටුපස කොටස මුහුදේ ගිලෙමින් පවතින බව ද, මෙහෙයුම් කෙතරම් සාර්ථක වේද යන්න නිශ්චිතව කිව […]
