Home > Articles posted by Admin (Page 298)
FEATURE
on Jun 29, 2021
315 views 0 secs

කොළඹ උතුර අපරාධ කොට්ඨාසය මඟින් මට්ටක්කුලිය ප්‍රදේශයේ දී සිදුකළ මෙහෙයුමකින් හෙරොයින් හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 71ක් සමඟ 27 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියා… අදාළ සැකකරු ගමන් ගත් මෝටර් රථය හා ඔහු සන්තකයේ තිබු මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගත් රුපියල් 289,000ක මුදලක් ද […]

FEATURE
on Jun 28, 2021
364 views 0 secs

ජුනි 27 වනදා කොවිඩ් මරණ 41ක් තහවුරු වූ බවත්, එම මරණ 41න් 17 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 24 දෙනා පිරිමි පුද්ගලයින් වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව, මෙතෙක් මෙරටදී සිදුවී ඇති තහවුරු කළ කොවිඩ් මරණ ගණන 2,985කි.

FEATURE
on Jun 28, 2021
579 views 0 secs

නිලධාරීන් සහ ක්‍රීඩකයන් 47 දෙනෙකු ඇතුළත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරඟ සංචාරයක් සඳහා අද (28) සවස ඉන්දීය විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් පැමිණ එම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම කොළඹ බලා රැගෙන ගිය වාර්තා වේ.

FEATURE
on Jun 28, 2021
351 views 0 secs

ශ්‍රී ලංකාවට ඇතුළුවීම රටවල් 8කට තහනම් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. ඒ අනුව දින 14ක් තුල ඇන්ගෝලා, බොට්ස්වානා, ලෙසෝතෝ, මොසැම්බික්, නැමීබියා, ස්වාසිලන්තය, සැම්බියාව, සිම්බාබ්වේ යන රටවල සංචාරය කර ඇති මගීන්ට ජුලි 1 සිට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර හිමි වන්නේ නැහැ.

FEATURE
on Jun 28, 2021
342 views 0 secs

නිවාස ආශ්‍රිත කොවිඩ් රෝගීන් රැක බලාගැනීමේ නව වැඩපිළිවෙල අද (28) සිට ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා හඳුන්වා දී තිබෙන්නේ, 1390 ඍජු දුරකථන ඇමතුම් අංකයයි. ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ රෝගීන් වර්ගීකරණයකට ලක් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

FEATURE
on Jun 28, 2021
703 views 0 secs

ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනල්ඩ් සමඟ වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ පැවති සංවාදයකට එක්වෙමින් හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය වෙනස් කළ යුතු බව පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාව සතුව දක්ෂ පුහුණුකරුවන් සිටින අතර වැඩි වශයෙන් පුහුණු කාර්ය මණ්ඩලයට විදෙස් පුහුණුකරුවන් යොදා ගැනීම මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පසුබෑමට ලක්වීමට තවත් එක් ප්‍රධාන […]

FEATURE
on Jun 27, 2021
365 views 0 secs

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් විසින් කොරෝනා වෛරස නීතිරීති සහ සීමාවන් උල්ලංඝනය කරමින් සිය කාර්යාලයේ සහයිකාවක සිපගත් වීඩියෝ දර්ශන එරට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට සමාජයෙන් දැඩි පීඩනයක් එල්ල වු අතර අනතුරුව තමා සිදුකළ ක්‍රියාව පිළිබඳ සමාව අයදමින් මැට් හැන්කොක් සෞඛ්‍ය ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළේය. ඒ […]

FEATURE
on Jun 27, 2021
330 views 1 sec

කොවිඩ් 19 වෛරස තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවනු ලැබු ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා සංචරණ සීමා වලට යටත්ව ජුනි මස 28 වනදා දින සිට ආරම්භ කරන බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. E – channeling සේවාව ඔස්සේ වේලාව වෙන් කරගත් සේවාලාභීන් සදහා පමණක් සේවා සපයන බවත් වේරහැර , පොළොන්නරුව, නුවරඑළිය හා කළුතර ශාඛා මගින් […]

FEATURE
on Jun 27, 2021
384 views 0 secs

රැකියා සඳහා විදේශගත වන ශ්‍රමිකයින්ට කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමෙන් අනතුරුව රැකියා සඳහා විදේශගත වන සියලුම අය වෙනුවෙන් කොවිඩ් මර්දන එන්නත් පහසුකම් ලබාදීමට රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි. මෙම එන්නත ලබාදීම සඳහා සුදුසුකම් ලබන්නේ, රැකියා සඳහා විදේශගතවීමට අවශ්‍ය, රැකියා ගිවිසුම, වීසා […]

FEATURE
on Jun 27, 2021
346 views 0 secs

අද (27) උදෑසන අලුත්ගම සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක් වාද්දුව දුම්රිය ස්ථානයේ නතර කිරීමට පෙර ඉන් බැසයෑමට උත්සාහ කළ පුද්ගලයෙකු අනතුරට පත්වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා