Home > Articles posted by Admin (Page 300)
FEATURE
on Jun 23, 2021
347 views 0 secs

ලිහිල් කළ සංචරණ සීමා අද (23) රාත්‍රී 10.00 සිට 25 වනදා අලුයම 4.00 දක්වා යළි දිවයින පුරා ක්‍රියාත්මක වේ. එහෙත් පළාත් අතර සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව යුද හමුදාපතිවරයා පවසයි.

FEATURE
on Jun 22, 2021
474 views 0 secs

ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 11දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එයින් මරණ 8ක් ම ඊයේ (21) දින සිදුවු රිය අනතුරුවලින් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේය. දිනකට මරණ 11ක් වාර්තාවීම සාමාන්‍ය තත්ත්වය ඉක්මවා යෑමක් ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. සිදුව ඇති මරණවලින් පදිකයින් දෙදෙනෙක්, […]

FEATURE
on Jun 21, 2021
324 views 0 secs

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමන ලෙස ගෑස් සමාගම් විසින් සිදුකර ඇති ඉල්ලීම් පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අමාත්‍ය අනුකමිටුව අද (21) පෙරවරුවේ රැස්ව තිබුණි. ඒ අනුව එම අවස්ථාවේ ගෑස් මිල ඉහළ දැමීමක් සිදුනොකළ යුතු බවට අනු කමිටුව තීරණය කල බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් විසින් මිල ඉහළ දැමීමක් සම්බන්ධයෙන් […]

FEATURE
on Jun 21, 2021
340 views 0 secs

අද (21) උදෑසන 4 සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කර තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, කොත්මලේ පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 5ක් එලෙස හුදකලා කෙරෙන බවය.

FEATURE
on Jun 16, 2021
368 views 0 secs

ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුව ආරම්භ වී තබෙනවා. ජෝ බයිඩන් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර පැවැත්වෙන ප්‍රථම හමුව මෙය වනවා.

FEATURE
on Jun 16, 2021
333 views 1 sec

එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගමේ ශ්‍රී ලංකාවේ නියෝජිතයා වන Sea Consortium Lanka හි සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව කොළඹ මහාධිකරණය විසින් ඇපමත මුදාහැර තිබෙනවා.

FEATURE
on Jun 16, 2021
344 views 0 secs

ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මත්පැන් වෙළෙඳාමට සුරාබදු දෙපාර්තමේන්තුවට මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ. නමුත් එම තීරණය ක්‍රියාත්මක කළ හැක්කේ කොවිඩ් -19 මර්දන කාර්ය සාධක බළකායේ අනුමැතිය ලැබුනොත් පමණක් බවද වාර්තා වේ. සංචරණ සීමා හේතුවෙන් දළ වශයෙන් රුපියල් මිලියන 600ක පමණ බදු ආදායමක් මේ වනවිට සුරාබදු දෙපාර්තමේන්තුවට දෛනිකව අහිමි වන බවද […]

FEATURE
on Jun 16, 2021
350 views 0 secs

වී අලෙවි මණ්ඩලයට අයත් මීතොටමුල්ල ගබඩාවේ තිබූ යන්ත්‍රයක් සොරා ගැනීමේ සිද්ධියකට කොළොන්නාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

FEATURE
on Jun 16, 2021
333 views 1 sec

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ලෙස ජූලී චන්ග් (Julie Chung), ඇමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩන් විසින් නම් කර තිබෙනවා.

FEATURE
on Jun 14, 2021
398 views 0 secs

අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර අද (14) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේය. මීට අමතරව අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සහ මහාධිකරණයේ හිටපු විනිසුරු ශෂී මහේන්ද්‍ර අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී ඇති බව සඳහන්.