Home > Articles posted by Admin (Page 299)
FEATURE
on Jun 25, 2021
596 views 0 secs

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇති පරිදි දේශීය වගාකරුවන් කාබනික පොහොර නිෂ්පාදනය වෙත යොමුවීම සැලකිල්ලට ගනිමින් කාබනික හා රසායනික පොහොර ආනයනය කිරීම තාවකාලිකව නැවැත්වීමට රජය තීරණය කර තිබේ.

FEATURE
on Jun 25, 2021
276 views 0 secs

මහර සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් තමන්ට ලබා දී ඇති මරණ දඞුවම ජීවිතාන්තය දක්වා වු සිරදඬුවමක් බවට පත් කරන ලෙස ඉල්ලමින් ආරම්භ කර ඇති ආහාර වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වේ. වැලිකඩ බන්ධනාගාරයේ වහලය මතට ද නැග රැඳවියන් පිරිසක් විරෝධතාවයේ නිරත වී සිටින බව වාර්තා වනවා.

FEATURE
on Jun 25, 2021
257 views 0 secs

දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද (25) අලුයම 4.00ට ලිහිල් කෙරුණි.නමුත් ජුලි මස 05 වන දින දක්වා පළාත් සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය. සංචරණ සීමා ඉවත් කෙරුණ ද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ජනතාව කටයුතු කළයුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ […]

FEATURE
on Jun 24, 2021
233 views 0 secs

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත්‍ කැඳවීම ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස (ව්ව්ව්.ඩෝනෙට්ස්.ල්ක්) ඒ සඳහා ඉල්ලුම් කළ හැකි අතර ජංගම දුරකථන සඳහා ඇති විශේෂ ඇප් එක හරහාත් ඒ සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව පවතී.. අද (24) දිනයේ සිට ලබන මස 10වන […]

FEATURE
on Jun 23, 2021
248 views 0 secs

ජූලි මස තුනවන සතිය වන විට ෆයිසර් එන්නත් මාත්‍රා 78,000ක් මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. එම එන්නත් තොගය සතියකට මාත්‍රා 26,000 බැගින් සති තුනක් තුළ මෙරටට ගෙන්වීමට නියමිතය. මේ අතර කොවිඩ් මර්දනය සඳහා මෙරට තුළ ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහනට අනුව ඊයේ (22) දිනයේදි එන්නත් මාත්‍රා 20,816 ක් ලබා දී තිබේ. […]

FEATURE
on Jun 23, 2021
252 views 0 secs

ලිහිල් කළ සංචරණ සීමා අද (23) රාත්‍රී 10.00 සිට 25 වනදා අලුයම 4.00 දක්වා යළි දිවයින පුරා ක්‍රියාත්මක වේ. එහෙත් පළාත් අතර සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව යුද හමුදාපතිවරයා පවසයි.

FEATURE
on Jun 22, 2021
377 views 0 secs

ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 11දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එයින් මරණ 8ක් ම ඊයේ (21) දින සිදුවු රිය අනතුරුවලින් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේය. දිනකට මරණ 11ක් වාර්තාවීම සාමාන්‍ය තත්ත්වය ඉක්මවා යෑමක් ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. සිදුව ඇති මරණවලින් පදිකයින් දෙදෙනෙක්, […]

FEATURE
on Jun 21, 2021
230 views 0 secs

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමන ලෙස ගෑස් සමාගම් විසින් සිදුකර ඇති ඉල්ලීම් පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අමාත්‍ය අනුකමිටුව අද (21) පෙරවරුවේ රැස්ව තිබුණි. ඒ අනුව එම අවස්ථාවේ ගෑස් මිල ඉහළ දැමීමක් සිදුනොකළ යුතු බවට අනු කමිටුව තීරණය කල බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් විසින් මිල ඉහළ දැමීමක් සම්බන්ධයෙන් […]

FEATURE
on Jun 21, 2021
252 views 0 secs

අද (21) උදෑසන 4 සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කර තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, කොත්මලේ පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 5ක් එලෙස හුදකලා කෙරෙන බවය.

FEATURE
on Jun 16, 2021
280 views 0 secs

ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුව ආරම්භ වී තබෙනවා. ජෝ බයිඩන් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර පැවැත්වෙන ප්‍රථම හමුව මෙය වනවා.