Home > Articles posted by Admin (Page 302)
FEATURE
on May 31, 2021
264 views 1 sec

අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ව සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මුදාහැර තිබේ.ඒ අතිරේක මහේස්ත්‍රාත් සී.එච්.යූ ලියනගේ මහතා ඉදිරියේ ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීය. නිරෝධායන නීති කඩකරමින් තරුපහේ හෝටලයකදී ඊයේ (30) රාත්‍රියේ උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් චන්දිමාල් ජයසිංහ සහ පියුමි […]

FEATURE
on May 31, 2021
476 views 0 secs

ඇතැම් කොවිඩ් රෝග ලක්ෂණ, ඩෙංගු රෝග ලක්ෂණ හා සමානත්වයක් පෙන්නුම් කරන බවත්, ඒ හේතුවෙන් යම් රෝගී තත්ත්වයක් ඇති වුවහොත් නිවසේ සිට රෝග විනිශ්චය සිදුනොකර වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවට දැනුම් දී තිබේ. උණ සහ ඇඟපත වේදනාව ඩෙංගු සහ කොවිඩ් යන රෝගී තත්ත්වයන් දෙකෙහි ම දැකගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ජාතික ඩෙංගු […]

FEATURE
on May 31, 2021
473 views 0 secs

පවතින කොවිඩ් වසංගත පාලන රාජකාරී හේතුවෙන් සහ නිරෝධායන රීති ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලධාරීන්ගේ සේවය අවශ්‍ය බැවින් ඔවුන්ගේ නිවාඩු ජූනි 15 වනදා දක්වා අවලංගු කිරීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

FEATURE
on May 31, 2021
901 views 0 secs

අංගොඩ පිහිටි වැඩිහිටි නිවාසයක එක් පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතව මියයෑමත් සමඟ සෙසු සියලුදෙනා පීසීආර් පරීක්ෂාවකට යොමුකර ඇත් අතර 29දෙනෙක් කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. ඒ අනුව එම වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 27දෙනෙක් හා එහි කළමනාකාරීත්වයේ සේවය කරන දෙදෙනෙකු ද කොවිඩ් ආසාදිතයින් බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් හඳුනාගෙන තිබේ. ආසාදිතයින් ලෙස හඳුනාගත් පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන යෑමේ […]

FEATURE
on May 31, 2021
262 views 0 secs

ආගමික කණ්ඩායමක් ඔස්සේ හටගත් කොවිඩ් පොකුරක් සීග්‍රයෙන් පැතිරයාමෙන් අනතුරුව එරට විශාලතම සහ වැඩිම ජනගහණයක් සහිත නගරය ලෙස සැලකෙන “හෝ චී මින්” නගරයේ සම්පූර්ණ ජනගහණය ම කොවිඩ් -19 සඳහා පරීක්ෂා කිරීමට එරට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ. මෙම පොකුරේ ආසාදිතයින්ගෙන් හඳුනාගත් කොවිඩ් වෛරස් ප්‍රභේදය ඉන්දීය සහ එක්සත් රාජධානියෙන් හමුවූ වෛරස් ප්‍රභේද හා සමානකම් දැක්වුවද එය වාතය […]

FEATURE
on May 31, 2021
602 views 1 sec

ඊයේ (30) රාත්‍රියේ කොළඹ තරු පහේ හෝටලයක දී උපන්දින සාදයකට සහභාගී වීම හේතුවෙන් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ව සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔවුන් ව කොළඹ කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. මේ […]

FEATURE
on May 30, 2021
269 views 0 secs

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 36ක් තහවුරු කිරීමත් සමඟ මෙරට කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,441 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

FEATURE
on May 30, 2021
253 views 0 secs

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වූ පූජ්‍ය බද්දේගම සමිත හිමි, මාතර පෞද්ගලික රෝහලට ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) අලුයම අපවත් වී තිබේ. මියයන විට උන්වහන්සේ 69 වන වියේ පසු විය. මීට දින කිහිපයකට පෙර කොවිඩ් ආසාදිතව ගාල්ල කරාපිටිය රෝහල් ප්‍රතිකාර ලබමින් සිට සුවය ලබා විහාරස්ථානයට වැඩමකර තිබේ. යළි ස්වසන අපහසුතා හේතුවෙන් උන්වහන්සේ […]

FEATURE
on May 28, 2021
327 views 0 secs

සතොස 1998 ක්ෂණික අංකය ඇමතීමෙන් හෝ ව්ව්ව්.ලන්කසතොස.ල්ක් වෙබ් අඩවියට පිවිසීමෙන් සහන මල්ල ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙන්වා ගත හැකි සේවාවක් ක්‍රියාත්මක බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ රට පුරා පවතින සංචරණ සීමා හේතුවෙන් සතොස වෙළෙඳසැල් ජාලය හරහා පුද්ගල අවශ්‍යතාවය මත භාණ්ඩ ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බවය.

FEATURE
on May 25, 2021
242 views 0 secs

පවතින අධික වර්ෂාවත් සමග කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් ඇති අතර ඒ හේතුවෙන් රත්නපුර, කුරුවිට, ඇලපාත, කිරිඇල්ල, අයගම ප්‍රදේශවල පහත්බිම් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව ඉදිරි පැය 3ක කාලය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද දැනුම් දෙයි.