Home > Articles posted by Admin (Page 297)
FEATURE
on Jun 30, 2021
454 views 0 secs

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති තෙවන 20-20 ක්‍රිකට් තරඟයෙන් එක් ලකුණක ජයක් වාර්තා කිරිමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්ව තිබේ. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 167ක් ලබාගත්තේය. එහිදි ක්වින්ටන් ඩි කොක් ලකුණු 72ක් ලබාගැනීමට සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 168ක ඉලක්කයක් හඹාගිය කොදෙව් ක්‍රිඩකයින්ට නියමිත […]

FEATURE
on Jun 30, 2021
252 views 0 secs

අද (30) පෙරවරු 06.00 සිට දිස්ත්‍රික්ක කිහිපයකට අයත් ග්‍රාමනිලධාරී වසම් 6ක් හුදකලා කර තිබෙනවා..කලුතර දිස්තික්කයේ දොඩංගොඩ පොලිස් වසමේ ඇලදූව වත්ත ප්‍රදේශය, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය පොලිස් වසමේ පරණ කොලනිය ග්‍රාම සේවා වසමේ දිවිතුරුවත්ත, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට පොලිස් බල ප්‍රදේශයේ කන්නගම ග්‍රාම නිලධාරි වසමට අයත් දේවාලකන්දවත්ත කොටස හා ගොඩම්පල ග්‍රාම නිලධාරි වසමට අයත් පඹේගම වත්ත කොටස, වරකාපොල […]

FEATURE
on Jun 30, 2021
307 views 0 secs

දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය අද (30) පෙරවරු 08.00 සිට එක්දින වැඩ වර්ජනයක නිරත වන බව පවසයි. දුම්රිය ප්‍රවේශ පත්‍ර විද්‍යුත් ක්‍රමයකට නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් විදෙස් සමාගමකට ලබාදීම නිසා මේ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් සිදුකළ ත් ඒ සඳහා නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් ඊට විරෝධය පළ කරමින් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව එහි ලේකම් […]

FEATURE
on Jun 29, 2021
249 views 0 secs

අන්තර් පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් එරාවුර් ප්‍රදේශයේ සිට කොළඹ බලා ධාවනය වු බස් රථයක් අද (29) අලුයම ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ නවතා පරීක්ෂා කර රියදුරු, සහායක සහ එහි ගමන් කළ මගීන් 29දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියා. ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අතර […]

FEATURE
on Jun 29, 2021
250 views 0 secs

ඊයේ (28) සවස ගම්පහ රෝහලට අයත් ගිලන්රථයක් ගම්පහ නගරයේ ධාවනය වෙමින් තිබිය දී එම ගිලන්රථයට හා එහි රියදුරුට පහරදීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, අජිත් රෝහණ මහතා ප්‍රකාශ කලා.. පහරදීම සම්බන්ධයෙන් 65 හැවිරිදි කඩවත, පහළදියන්වල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු බීමතින් ගිලන්රථයට පහරදී ඇතැයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වූ බව ද […]

FEATURE
on Jun 29, 2021
220 views 0 secs

කොළඹ උතුර අපරාධ කොට්ඨාසය මඟින් මට්ටක්කුලිය ප්‍රදේශයේ දී සිදුකළ මෙහෙයුමකින් හෙරොයින් හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 71ක් සමඟ 27 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියා… අදාළ සැකකරු ගමන් ගත් මෝටර් රථය හා ඔහු සන්තකයේ තිබු මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගත් රුපියල් 289,000ක මුදලක් ද […]

FEATURE
on Jun 28, 2021
269 views 0 secs

ජුනි 27 වනදා කොවිඩ් මරණ 41ක් තහවුරු වූ බවත්, එම මරණ 41න් 17 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 24 දෙනා පිරිමි පුද්ගලයින් වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව, මෙතෙක් මෙරටදී සිදුවී ඇති තහවුරු කළ කොවිඩ් මරණ ගණන 2,985කි.

FEATURE
on Jun 28, 2021
483 views 0 secs

නිලධාරීන් සහ ක්‍රීඩකයන් 47 දෙනෙකු ඇතුළත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරඟ සංචාරයක් සඳහා අද (28) සවස ඉන්දීය විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් පැමිණ එම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම කොළඹ බලා රැගෙන ගිය වාර්තා වේ.

FEATURE
on Jun 28, 2021
256 views 0 secs

ශ්‍රී ලංකාවට ඇතුළුවීම රටවල් 8කට තහනම් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. ඒ අනුව දින 14ක් තුල ඇන්ගෝලා, බොට්ස්වානා, ලෙසෝතෝ, මොසැම්බික්, නැමීබියා, ස්වාසිලන්තය, සැම්බියාව, සිම්බාබ්වේ යන රටවල සංචාරය කර ඇති මගීන්ට ජුලි 1 සිට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර හිමි වන්නේ නැහැ.

FEATURE
on Jun 28, 2021
248 views 0 secs

නිවාස ආශ්‍රිත කොවිඩ් රෝගීන් රැක බලාගැනීමේ නව වැඩපිළිවෙල අද (28) සිට ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා හඳුන්වා දී තිබෙන්නේ, 1390 ඍජු දුරකථන ඇමතුම් අංකයයි. ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ රෝගීන් වර්ගීකරණයකට ලක් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.